Thursday, December 15, 2011

ප්‍රේමණිය මසිත...

මේ රාත්රි යයි....සීතලම සීතල උදුවප් මාසේ දවසක.
ජනෙල් කවුලුවලින් මනමාල සුළග හමන____________

වන්දනාවක බරට සේපාලිකා මල් පොට්ටු
පිපි එන නාස්පුඩු කිති කවන්______________

විහිද විහිදා බෙදෙන නලියන ප්රේුමයේ එළිය
හෙසඳුන් සොරගෙන යන්නට හදන වෙලාවයි________________

මහගිර දඹ නගින කෝඩුකාරයෙකුට තුන්සරණ
අමුතු සත්කාරයක් සේ සඳ ලෙංගතුකම්පායි_______________

උනුසුම් ප්රේයමණීය සිත රස්තියාදුවේ ගසන්නට පෙර
සඳ පිණි දිය යටක මම ගුලුවෙමි මේ හිතුවක්කාර සිතින්_____________
____

2 comments:

  1. අම්මො අක්ක නිකං මැජික් අරිෂ්ට බීල වගේ post දාගෙන දාගෙන දාගෙන ගිහිංනෙ :D
    ලස්සන කවියක්. අනිත්වත් හෙමීට බලන්නංකො.
    මේ veryfication අයිං කරන්නකො අක්කො! :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි............

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...