Monday, December 19, 2011

සිහිනයක සිතුවිලි - 02

සිහිනයක සිතුවිලි -  20 දෙසැම්බර් 19.

මම පුරුදු විදිහටම ඔන්න අවදිවුනා බෙරිහන් දෙන ඔර්ලෝසුවට බැන බැන...ඇත්තමයි මේ ඔරලෝසුව හොයා ගත්තු කෙනත් එක්ක තරහා එන්නෙ ඒ වෙලාවල් වලට තමයි...ඇයි දෙයියනේ මේ ගැහෙන හීතලේ නැගිටපන්කො උදේ පාන්දර....මොනා කරන්නද අද පුරුදු පරිදි රස්සාව කරන්න ඕනි...

ඉතිං මුහුණවත් හෝදන්නෙ නැතුව පරිගණකයෙ ස්විචය ඔන් කරලා මම ජනේලයෙන් එපළිය බැලුවා...
උදේ පාන්දර රත්තරන් පාට ඉර එළිය මැද්දෙ අහස පුදුම ලස්සනක්...ඒත් සේ සීත කාලයේ අහස හරියට ලංකාවෙ නුවර අහස වගේමයි...මේ දිලිසි දිසිලි හිනාවෙනවා...මේ අනික් පැත්තට බෙරි කරගෙන අඩනවා වගේ වැහි කලු ඇවිත් නවාතැන් ගන්නවා....

   දන්නවද මේ වහින අහස දිහා දැක්කම මගෙ හිතට එබෙන්නෙ ඔයා...ඇයි ඉතින් කොයි වෙලෙත් කලු කරගෙන ඔයා ඉන්නෙ..හරි පුංචි දේටත් කේන්ති ගන්නවනෙ....ඒ ඔක්කොම අමතක කරමුකො... මතකද අපි දෙන්නා හෝ ගාගා වහින නා කපන වැස්සක තෙමුණ හැටි.... ඇදුම් ඔක්කොම ඇගටම ඇලිලා මම හීතලේ ගැහෙනකොට ඔයා ලේන්සුව දුන්නා පිසදාගන්න කියලා...මම පුංචි එකෙක්ට තමන් ආසම වටිනා දෙයක් ලැබුණා වගේ ඒක ගුලිකර ගත්තා මගේ අතේ...මතකද ඔයා කිවුවා ඕක දුන්නෙ තෙත පිසදාගන්න කියලා...තෙත පිසදාගෙන ඔයාගෙ තියෙන සුවද නැති කරගන්න ඕනිද....ඊට වඩා තෙමි තෙමි ගිහින් ඔයාගෙ ලේන්සුවෙ සුවද විඳගන්නකොට.... අනේ මගෙ මේ හිත....

මගෙ නපුරා වෙලාවකට කියන්න බැරිතරම් නපුරුකම් කරනවා...අදත් මතකද මගෙත් එක්ක හොදටම රණ්ඩුවුනා...අන්තිමට ම‍ම ම බැනුම් අහලා..මම ම ඇස්වල කදුලු පුරවගන්නවා...ඔයා අර මුරණ්ඩු අහස වගේ ආයෙමත් සිල් ගන්නවා...
ඒක නෙමෙයි ඔන්න අද මම සුළග අතේ පණිවිඩයක් එවුවා....අහන්න එපා මොකක්ද කියලා..හම්බවුන දවසක කියන්න...

ඔයත් වෙලාවකට සුළග වගේමයි....ගස් ගල් උදුරගෙන චණ්ඩව රළුව හමාගෙන යනවා...ආයෙමත් සීතලට මුදුව හමාගෙන යනවා...හැබැයි දන්නවද...මම සුළගට ආදරෙයි....ඔයාට වගේම....ඇයි ඉතින් හැමතිස්සෙම වෙනස්වෙන සුළගයි ඔයයි එකම විදිහ නිසා....
         
  අද නම් වැඩිය ලියන්න බැහැ හිතේ සිතුවිලි...ඇයි දන්නවද....අර නපුරු සුළග හමාගෙන ඇවිත් මගේ හිතේ හැම තැනමකම්ඹලා තියෙන්නෙ..ආපහු නිවි සැනසිල්ලෙ සුවදායි මදනලක් හමායන වෙලාවක හුගක් දේ ලියන්නම්....ඔයා හදිසියක හරි ආවොත් බලලා යන්න මේ ටික...


            

දුක පෙරෙන මලානික

සඳ එළියවිත්

පාරවයි හිත නුඹ නැති

කමට ළගක....



හිත තවන මුදු මල් සුවඳ

හමාගෙනවිත්

සිහිකරයි නුඹ සුවඳ මට

හිත ළගට....



නිති රිදෙන මගෙ නෙත්

දෙක ළගට

නුඹ ඇවිත් යයි අපුරුවකට

රෑ සිහිනෙට....

හැමදාම වගේ අපුරවට මගෙ සිහින අතරෙම ඉන්න ඔයාව මට මහ හුගක් වටිනවා...කවදහරි දවසක ආයෙමත් මම ඔය ඇස්දෙක ඉස්සරහට ඇවිදින් ඔයාගෙ අස්සක හැංගෙනකම් මේ හීනෙම ඉන්නම්.... ආදරෙයි හිත පිරෙන්නම්.......






3 comments:

  1. ලස්සන සිතිවිලි ගොන්නක්! :) මට සින්දුවකුත් මතක් උනා! :)

    ReplyDelete
  2. ඔය හිතට කොයින්ද හෙැටි සිතුවිලි..:) ලියන්න ලියන්න මේ සීරීස් එක දිගටම ලියන්න.. එයත් හොරන් බලයි අපිත් හැමදාම එනවා බලන්න :)

    ReplyDelete
  3. ස්තුතියි සිතුවිලි බලන්න ඇවිත් ගියාට...

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...