Sunday, December 18, 2011

සිහිනයක සිතුවිලි - 01

    සිහිනයක සිතුවිලි...අද දෙසැම්බර් 18 වෙනිදා 2011




            වැහි මන්දාරමට මුළු අහසම පිරිලා තිබුණා....වෙනදා වගේ රාජකාරි දවස් නොවුන හින්දම මම අද ඔලුවෙ ඉදන්ම පොරවගෙන ඇස් තද කරගත්තා....කෘතිමව ලබන රස්නය නොතිබුණා නම් මේ සීතලට මම ගල්වෙලා යයි කියලා හිතුනා....ඒත් ඒ හැම සිතුවිල්ලක්ම පරාද  කරගෙන වෙනදා වගේම ඔයා ආවා මගෙ හිතට..


  සීතලම සීතල 
 උදෑසන
 නුඹ ඇවිත් හිත් 
 ඉහත්තාවට
 මගෙ ළගින් ඉද 
 තනිකමට 
 අඳින සිහිනය 
 අගෙයි හිතවට....


ඇත්තමයි ඇස් දෙකත් තද කරගෙන මම ඔයා ගැන හිතුවා... හිත සොදුරු සිතුවිලි වලින් පිරිලා ගියා...මේ හිතේ වාන් දමමින් දෝරෙ ගලන ආදරය ඔයාට...ඔයාගෙ නේද කියලා තනියම කියෙවුවා...
මම යනවා මේ සීතලේ ඇවිදින්න කියලා හිත කිවුවා...සීතලේ ඇවිද ඇවිද ඔයා ගැන හිතනකොට හිත පිරිලා..මට මුළු ලෝකෙම අමතක කරන්න පුලුවන්....වැහි අන්ධකාරය තිබුණදෙන් කියලා නාගත්තා මම හීතලේම...වතුර රස්නෙට තිබුණ නිසා දැනුනෙ නැහැ සීතලක්...සීතල මැදින් උණුම උණු කෝපි එකක් හදාගෙන මම පරිගණක තිරය ඉස්සරහට වෙලා උන්නා.... හැමදාම වගේ අර අහංකාර හිනාව පුරවගෙන ඔයා මගෙ පරිගණක තිරය මැද්දට වෙලා ඉන්නවා....මම හිනා වෙවි කතා කරනවා ඔයා එක්ක..මුළු හිතම දිග අරින්නෙ මම පරිගණක තිරය ඉස්සරහා...දන්නවද පුරුදු හසරැල්ලෙන්ම ඔයා ඉන්නවා...හරි අපුරුවට.....


        කවමදාවත් නොවෙනස්වෙන ඔය දෙතොල් මත හසරැල්ල...සත්තමයි මට ජිවිතේ හැම දුකක්ම අමතක වෙනවා.......


          ඉතින් ඔන්න මම පුරුදු දිග කලිසම දාගෙන සීතල කබායත් පොරවගෙන එළියට බැස්සා....දන්නවද මුළු ඇගම වෙවුලන්න ගත්තා...ඒත් ඒ සීත සුළග ළග හරි පුදුම උණුසුමක් මට ආවෙ...හිතෙයි මට පිස්සු කියලා...නැහැ...සීතල ගිනි ගන්න තරමට ආදරණිය සිතුවිලි වලින් හිත පිරිලා....
              ඒ සීතලත් කපාගෙන මම ගියා මුහුදු වෙරළට...ඒ ඈත සමුදුර සිල් අරන් වගේ හරිම නිහඩයි...කිසිම සෙලවීමක් නැහැ..ඒ උඩ පාවෙන සංචාරක කුරුල්ලො ඇවිත් සුදු පාට තාරා පැටවු වගේ...උන් ඔරු වගේ පැද්දි පැද්දි වතුර උඩ පාවෙනවා....ඒ මැද්දෙ මගේ හිත කියෝනවා හෝ ගගා...දන්නවද මම ඒ මුහුදට වෙලා කිවුවා....මගේ මුළු හිතම...ඔයාට ඇහුනද දන්නෙ නැහැ....ඒත් ඒ මුහුද හමාගෙන එන සුළග පණිවිඩය අරන් එයි ඔයාට...ආදරේ කප්පරක් හිත පුරවගෙන මම මේ වෙරලට වෙලා ඔයා ගැන හිතපු හැටි...
             දන්නවද ඉස්සර මම මේ වෙරළ පුරා ඇවිද්දෙ යාලුවො එක්ක..ඒත් දැන් මට යාලුවො දැනෙන්නෙ කරදරයක් වගේ මගේ සිතුවිලි මැද්දට...මම ආත්මාර්ථකාමියි කියලා හිතන්න එපා ඔන්න...ඒත් තනියම හිත උඩක ඔයා තියාගෙන ඇවිද ඇවිද යනකොට මට පාලුවක් දැනෙන්නෙ නැහැ...හිතට එන හැමදේම මම කියනවා හිතෙන් ඔයාට... සමහර වෙලාවට මට තනියම හිනා යනවා....අද එහෙම වැඩක් වුනා...ඔන්න වෙරළට වෙලා මුහුද දිහා ඉලා ඉන්නකොට ඈතින් එක පෙළට නැව් 8 ක් නැංගුරම් දාලා තිබ්බා..මේ වරාය ළග නිසා එහෙම නැව් තියෙන්නෙ...ඉතින් මට එක පාරටම හිතුනා අර නැව් බලන්න යන්න වරායට....ඉතින් මම ඔහේ යන්න ගියා...මට යන්තමින් වගේ ඇහුනා පිටිපස්සෙන් කවුද කතා කරනවා....
දන්නවද...

               මම වරායට යන්න ගිහින් තියෙන්නෙ වෙරළෙ තිබ්බ මගෙ සීත කබායත් තියලා.... ඉතින් හිනා යන්නෙ නැද්ද......... මම දුවලා තියෙන්නෙ ඔයා පස්සෙන් එනවා කියලනේ...පස්සෙ මට මතක් වුනේ මම ලංකාවෙ නෙමෙයි මේ ඉන්නෙ කියලා...ළගක ඔයා ඉදිය නම් මගෙ කනෙන් අල්ලලා මිරිකලා පිස්සි කියයි...
            
            ඉතින් වරාය බලන එක අමතක කරලා මම ආපහු පාර දිගේ පයින්ම ගෙදර ආවා...ඇවිදින් හිත නිවෙන්න කලින්ම මම ඔන්න ලිවුවා...ඔයා බලයිද නැද්ද දන්නෙ නැහැ....ඒත් දගකරන හිතේ සිතුවිලි හංගගෙන ඉන්න මට බැහැ...මේ ආදරණිය දේවල් අහන්න බැරි වුනත් ලියලා තියන්න ඕනි නේද.....
  
වසන්තය ළග හිනැහෙනා
ගැටපිච්ච මල වගේ...
දසන්තයෙ සුවඳ සොය සොයා
නුඹ මගෙයි පණ වගේ... 


කාටවත් කියන්නට බැරි නිසා
හංගගෙන ඉමි සිතුවිලි...
කාගෙවත් වෙන්නට බැරි නිසා
හැංගිලා ඉමි නුඹ සොයා....


මල් පිපෙන දවසක් ළග 
ළගම එන නිසා....
මල් සුවඳ විඳින්නට මම
මග බලමි නුඹ නිසා....


                      කියා ගන්න බැරි මගේ මුළු හිතම පුරවලා ආදරය එක්ක මම ඔයාට එවන්නම්...හම්බවුනු දවසක ඔයා බලන්න....හරි ගොඩක් මම ආදරෙයි.....




         

2 comments:

  1. කාටවත් කියන්නට බැරි නිසා
    හංගගෙන ඉමි සිතුවිලි...
    කාගෙවත් වෙන්නට බැරි නිසා
    හැංගිලා ඉමි නුඹ සොයා....

    ඔයා මේ ලියලා තියෙන්නේ මගේ හිත අක්කියෝ....

    ReplyDelete
  2. ම්...මගෙම හිත තමා නංගා....අපි හැමෝම එකයි බලන් ගියාම...

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...