Tuesday, April 17, 2012

*** මවක් නම් ***



ඉරේ රැස් සෙනෙහින් නිවන්නී
සඳේ සිහිලස ගෙන පුදන්නී
හදේ සොම්නස ගෙන බෙදන්නී
ඇගේ සෙනෙහස නිම නොවන්නී.....

කැකුළු මල් ලොවටම සදන්නී

පාට දේදුන්නෙ හැඩ දමන්නී
කදුලු ඇස් යට සඟව ගන්නී
දිනන්නට ලොව මං තනන්නී....

මුදු යහන් සළු නොම සොයන්නී

ලද දෙයින් හිත සතුටුවන්නී
නොමැත කිරලා සෙනේ දෙන්නී
ලොවක ප්‍රේමය පුදා දෙන්නී.....

මහළු සිතුවිලි නොම කියන්නී

නැවුම් පැතුමින් දිරිය දෙන්නී
මැවුම් කරු වී ලොව තනන්නී
අමිල වත්කම මව්ම වන්නී.....

*** දිනිති ***

17/04/2012

8 comments:

  1. සින්න වී යන ජීවිතේවත් උකස බේරා නොගන්නී

    ReplyDelete
    Replies
    1. සත්තටම ඔව් මල්ලි...

      Delete
  2. අදත් වෙනදා වගේම හැගුම්බර අදහසක් අක්කේ..

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි මල්ලියේ...

      Delete
  3. වැලේ ගෙඩි වැලට බර නැතුවා සේ
    දිවි පුදා දරු රකින්නී.
    ඇති දා මෙන්ම නැති දාටත් එකසේ
    ආදරේ අඩු නොවන්නී
    කාටත් නොපෙනේන ගෙයි මුල්ලට වී
    කඳුලු දිය වගුරවන්නී
    අම්මේ ඔබයි සැමදා ලො එලිය කරනා
    සිළුමිණි පහන වන්නේ

    ReplyDelete
    Replies
    1. දිවියේ අඳුර දුරු කරමින් එළිය දෙන්නී
      ...
      ස්තුතියි අයියෙ....

      Delete
  4. අම්ම ගැන කොහොම ලිවුවත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්....ස්තුතියි මල්ලි...

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...