Saturday, April 21, 2012

***මලක් මුත් කුමුදු***




සලිත කිරණම වැටී හැඩ වැටෙන මැදියමක
උමතු සඳවත නැගී පෙති සිඹින කළුවරක
කුමට ගෙරවිලි නගා මල් පිපෙන උණුසුමක
රැයට හසරැලි උදයේ පිපි දිලෙනා කුමුදුවක......

සඳේ සොමිකැන් රාගයෙන් එවනකොට
මලේ රන්වන් සිනාකැන් දෙනු සෙනෙහසට
දියේ මාලුන් පිහිණුවත් උන් ලතාවකට
නොදේ රිඳුමක් කිසිවිටත් මල් කැකුළකට....

පුරා රැය එක දිගට හෙම්බත්ව සඳ එක්ක
උදා හිරු එන විටම හකුලුවයි පෙති විලක
බෙදා නෙක මුදු සුවඳ විහිඳුවත් මල් ලොවක
නැතේ කිසි හොඳ නමක් කුසුමට කිසි දිනක....


4 comments:

  1. රැයේපිපි උදේ පරවීයන මලකට හොඳ නමක් නැතිවුණත් රැයේපිපෙන මල් සුවඳයි දහවල පිපෙන මල් වලට වඩා. ඒ සොබාදහමේ කැමැත්තයි.

    ReplyDelete
  2. ගොඩක් ලස්සන නිර්මානයක් දිනිති‍යො...

    ReplyDelete
  3. කුමුදු මල.. හරියට සමාජයට කොතරම් සේවයක් කලත් නිසි ඇගයීමක් නොලැබ දිවිගෙවන නිහඬ මිනිසුන් වගේ...

    ReplyDelete
  4. Godaaak. . .Lassanai. . .Akkiyo.

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...