Saturday, April 24, 2010

අත්තටු රිදුනා විතරයි..Part 02

පිළිගන්න එතැන් පටන් ඔහු හරිම ලස්සනට මගේ හිත කියෙවුවේය. ඒ ආදරය නිරාමිස සුවයක් මගේ ජිවිතයට එක් කලේය. දැහැන් වෙන කෙනෙක්ට අයිති බව මට නොදැනුනි. කාටවත් කියා ගන්නට බැරි වුවද මා අපමණ සතුටින් පසුවිය. සමහර දිනවලට ඔහුගේ ගැහැණු ළමයා පැමිණ සිටියද එයින් මගේ හිත රිදුනේ නැත. ඒ මගේ ආදරය පිරිසිදු නිර්මල දෙයක් බැවිනි. එමෙන්ම මා විශ්වාස කලේ අප ආදරය කරන දෙයක් නිදහසේ තැබිය යුතුය යන මතයේ හිදය.


නදුනි මගේ වෙනස දැනගෙන

—මොනවද සෙව්මි කලේ...ඔයාට තේරෙන්නෙ නැද්ද දැහැන්ට කෙල්ලෙක් ඉන්නවා....ඔයාටත් ගෙදරින් යෝජනා කරපු කෙනෙක් ඉන්නවනෙ...මට නම් කොහොමත් ඔය වැඩ දිහා බලා ඉන්න බෑ...ඇත්තමයි සෙව්මි..මොනාද ඔයා මේ කරන්නෙ...ඒ විතරක්ද තව කෙනෙක්ට ගින්දරක් දීලා ඔයා ලබන සතුට මොකක්ද¡¡¡¡

නදුනි කියනා දෙය මට තේරෙන්නේය. එහෙත් සදාචාරයට සම්මතයට යටවී මට මගේ ආදරය හිරකර ගෙන ඉන්නට බැරිය. එමෙන්ම කිසිදිනක මට දැහැන් මගේ කරගන්නට ඇවසි නැත. දැහැන් කාගේ වුවත් මා දැහැන්ගේය. අපි අපට ආදරෙයිය. ඉතිං අපි අපේ හිත්වල හැගීම් පිට කල එක වරදක් වන්නේ කෙසේද...

—අනික් එක සෙව්මි දැහැන් කොහොමද එක සැරේ දෙන්නෙක්ට ආදරය කරන්නෙ...ඔයාට ඒක හිතන්න බැරි වුනාද...˜

මට හැඩුනි. ඒ දැහැන් ගැන සිතා නොවේ. මගේ ආදරය ගැන හිතාය. එමෙන්ම එය කිසිවෙකු විශ්වාස නොකරන හින්දාය..මට කුහක කෙල්ලෙකු වන්නට බැරිය. එසේම දැහැන්වත් ඔහුගේ පෙම්වතියවත් දෙපසකට කරන්නට මට බැරිය. නමුත් දැහැන්ට ආදරය කරන්නට මේ සමාජය මට ඉඩ දෙන්නේ නැත්තේ ඇයි..

කාලය ගෙවුනි. මා පිස්සියක සේ දැහැන්ට ආදරය කලේය. දැහැන්ගේ පෙම්වතියටද දැහැන් ආදරය කලේය. නමුත් කිසිම මොහොතක මා ඒ ගැන දැහැන්ගෙන් නොවිමසීය. එහෙත් දැහැන් දිනක් කීවේ

—මේකනෙ සෙව්මි අපි ඉස්කෝලෙ යනකාලෙ කෙල්ලෙක් එක්ක යාළුවෙන්න ඕනවට එයත් එක්ක යාළුවුනා මිසක් ආදරය කියන දේ ගැන අපි දැනගෙන ඉදියෙ නෑ...ඒත් ඔයාගෙන් මං ආදරය කියන දේ ඉගෙන ගත්තා...ඉතිං ඇයි අපි අපේ හිත්වලට වංචාවක් කරන්නෙ...˜

මට කිසිවක් තේරෙන්නේ නැත..වෙනදා වාගේම මා දැහැන්ට කීවේ

—දැහැන් ඔයා මගෙ නෙමෙයි අනුන්ගෙ....˜

—නෑ සෙව්මි මං ඔයාගෙ....˜

—ඔයා කොහොම කිවුවත් ඔයා මගෙ නෙමෙයි දැහැන්....ඒත් මම මැරෙනකම් ඔයාගෙ තේරුණාද...

—අහන්න සෙව්මි..මං ඔයාගෙ තමයි...අපි අපේ...

—නෑ දැහැන් කවදාවත් අපිට අපේ වෙන්න බෑ...ඒත් මට ඔයාගෙ වෙන්න පුළුවන් දැහැන්... හිතින් වගේම ගතිනුත්....

—චකැ්ිැ…ගගසෙව්මි අපි මේ කතාව නවත්තමු...මොකද මං කොහොමද මගෙ ආදරේ පෙන්නන්නෙ...බැහැනෙ ඒ හින්දා අපි මේක නවත්තමු..

ඉතිං හැමදාම වාගේ කොතරම් බැන්නද මගේ දුක ළග ඉදියේ නදුනී විතරමය. මා මීහරකියෙක් වාගේ අඩ අඩා නදුනී හා මගේ හිත දිග හැරියේය.

—නදුනි මට දුක නෑ ඒත් මගෙ හිත පිළිගන්නෑ දැහැන් මගෙ කියලා... මගෙ හිත කියන්නෙම දැහැන් අනුන්ට අයිති වස්තුවක් කියලා..

—ඒක තමයි මෝඩියේ මං කිවුවෙ...දැහැන්ව අයිති දැහැන් යාළු ගෑණු ළමයට...

—ඒත් දැහැන් මටත් ආදරෙයිනෙ නදුනි...

—සෙව්මි...මං දන්න ආදරයක් නෑ...ඒත් ලෝකෙ හැම මනුස්සයවම විශ්වාස කරන ඔය පුරුද්ද අත් ඇරගනින්...ඔබ ඉතිං බෝධි සත්ව වෙන්න හදනවනෙ...අනුන්ගෙ හිත් රිද්දන්නෙ නෑ...එහෙම ලෝකෙ ජීවත්වෙන්න බෑ සෙව්මි...ටිකක් නැගිටලා ඇස් ඇරලා බලපන්...මිනිස්සු කොහොමද කියලා...

—නෑ නදුනි...මං මට හිතවත් වෙන හැමෝටම මාත් හිතවත් වෙනවා...ඒ අය කරන හොද නරක ඒ අයට.. මං කරන හොද නරක මට....

—මට තේරෙන්නෑ ඔය බහුබූත...ඔන්න ඔය ටැප් එක වහගනිං..හැමදාම දැහැනෙක් ගැන කියව කියව හූල්ලන්නෙ..

—මට දුක හිතුනා නදුනි...ඊයෙ දැහැන්ගෙ ගෑණු ළමයා දැක්කම...එයා ලෝකෙටම පේන්න දැහැන් ගාව ඉන්නෙ හරි ආඩම්බරෙන්...

—ඉතිං උඹට තියෙන දුක මොකක්ද....

—නෑ නදුනි ඒ වෙලාවට දරා ගන්න බැරි වුනා තමයි...ඒත් දැන් මට හිත හදාගන්න පුළුවන්...



—මෝඩියේ...ඕක තමයි සිංහලෙන් කිවුවෙ කොල්ලො විශ්වාස කරන්න බැහැ කියලා...

—නෑ මට දැහැන්ව විශ්වාසයි...

—බම්බුව..එසේ කියා නදුනි මට ඉස්සර විය. ඇය දැන් මා සමග අමනාපවී ගියාට නැවතත් හෙට මගේ ආදරණීය මිතුරියයි.. ඇය දකින්නේ මා දැහැන්ට ආදරය කරන එක වැරැද්දක් ලෙසයි..නමුදු එය මට වැරැද්දක් ලෙස නොපෙනේ...මගේ සිත රිදුනේ වෙනකකටය. එනම් දැහැන් කීවේ ඔහුගේ ගැහැණු ළමයා ඔහු දමා බොහෝ දුර ගිය බවය. එහෙත් මට දැහැන්ගෙන් අසන්නට බැරිවිය. ඇය දමා ගියානම් ආයෙත් ආවේ කෙසේද කියා...ගැහැණු අපේ සිතේ ඉරිසියාවක් උපදින්නේ නැතැයි කීවොත් එය බොරුවක්ය..ඒ වගේම දැහැන් අසල ඔහුගේ පෙම්වතිය හිදින විට මටද ඉරිසියාවක් සිතුණි. නමුදු පිළිගන්න දැන් ඒ ගැන කිසිදු හැගීමක් නැත. ඒ මා ආදරය පුද දෙනවා මිස කිසිවක් පෙරලා බලාපොරොත්තු නොවන හින්දාය.

නෙතු දකිනා දහසක් නෙත් මත


ඔබ නෙතු මා සෙවුව තරම්

ඔබ දන්නව නම් මා පි්රය පෙම්වත

මා ඔඛෙ නෙත් යුවලට පෙම් කෙරුව තරම්...

දෑසම අන්ධ වෙලා මා පෙම් කෙරුව තරම්

නොදනී ඔබ ඒ නොදනී....

මගෙ සිතම දනී එය

ඔබ හට නොපෙනේ

අන්සතු වූවත් මා හට හිමි නොවූවත්

ඔය නෙතු සගලට මා හැඩූ තරම්

සාගර තරමට කදුළැලි ගැලූ තරම්

ඔබ දන්නව නම් මා පි්රය පෙම්වත

පෙම් කෙරූ තරම්...

කිසිදින ඔබ හට නොදැනේවී

ඔය නෙත් දෙකටම මා හෙලූ සුසුම්

බොල් සුළගට මුසු වෙච්ච තරම්

නොපෙනේ පෙම්වත නොපෙනේ

මං පෙම් කෙරූ තරම්...

අහිතක් නොසිතමි මගෙ සිතම දනී

මුළු ලොවම දනී එය

ඔය නෙත් දෙක මට අහිමි බව

තරහක් නොම එයි

මට හිමි නොවූවත්

අන්සතු වෙන බව දැන දැන

මා පෙම් කෙරුව නිසා...

No comments:

Post a Comment

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...