Wednesday, July 21, 2010

අත්තටු රිදුනා පමණයි part 3...

ඉතිං කාලය ගෙවුනා සේම දැහැන් අප දෙදෙනාටම ආදරය කලේය. පිළිගන්න එය වැරැද්දක් කියා නදුනී මා හා අනන්තවත් විරසක විය. ඇය කියන්නේ දැහැන් අමතක කරන්න කියාය. දිනක් නදුනිත් මාත් Class යන අතරමග දැහැන්ගේ පෙම්වතිය හිදියේය.
   —මේ මම ඔයාව ටිකක් මුණ ගැහෙන්න ඉදියෙ..... ඇය මට කීවේය.
   —කියන්න නංගි....
   —මට නංගි කියන්න එපා හලෝ...තමුසෙට බැරිද තමුසෙගෙ පාඩුවෙ ඉන්න...දැහැන් මගෙ...අපි අවුරුදු ගානක් ආදරේ කළා...මට බෑ දැහැන්ව ඛෙදා ගන්න..තේරුණාද....
   —මං කවදාවත්ම දැහැන්ව මගෙ ඛර ගන්නෑ නංගි....
   —ඕක පොඩ්ඩක් නවත්තන්න මං තව කියලා ඉවර නෑ....
   —කියන්න නංගි...
   —බලනවකො තමුසෙට ගැලපෙන කෙනෙක්ව හොයා ගන්නවකො...දැහැන් මගෙ බව හොදටම දන්නවනෙ...ගෙවල්වලින් කෙනෙක්ව හොයලා තියෙද්දි මොන මගුලටද හලෝ මගෙ කොල්ලා එක්ක නටන්නෙ....මගේ කොල්ලව මං හදා ගන්නම්...තමුසෙ පැත්තකට වෙලා ඉන්නවද....
   —මේ නංගි වැදගත් විදිහට කතා කරනවද...කියමින් නදුනි ඉස්සර විය. කොතරම් හරි වැරදි වුවද නදුනි මගෙ හිත දන්නේය.
  —ඇයි ඔයත් මෙයාට උදවුද...පුළුවන් නම් තමුසෙවත් තමුසෙගෙ යාළුවව හදා ගන්නවා...
  —මං මගෙ යාළුවව හදා ගන්නම්...ඔයා ඔයාගෙ පාඩුවෙ ඉන්න...ඔයාගෙ ආදරේ ඔය තරම් දැහැන්ට තියෙනවනම් ඇයි දැහැන් වෙන කෙනෙක්ගෙන් ආදරේ හොයන්නෙ...මේ නංගි මං එකක් කියන්නම් සෙව්මි විතරක් නෙමෙයි දැහැනුත් මේ වට වැරදියි...තනි අතින් අත්පුඩි ගහන්න බැහැනෙ...හොදින් කියන්නම් ඔයත් ගැහැණු ළමයෙක්නෙ ඇයි තවත් ගෑණු ළමයෙක්ට දොස් කියන්නෙ...තමන්ගෙ ආදරේ රැකගන්න බැරිව අනුන්ට දොස් කියලා වැඩක් නෑ නංගි...
   —මේ මට ඔය බණ වැඩක් නෑ...ඒත් මං කියන්න ආවෙ දැහැන්ට දැහැන්ගෙ පාඩුවෙ ඉන්න දෙන්න...දැහැන් ගැන් බලන්න මං ඉන්නවා...එසේ කියා ඈ යන්න ගියාය.
    මහමග කියා මට නොසිතුණි. එතනම බිම වාඩිවී වැළහින්නක සේ මම හැඩුවෙමි. නදුනි කොතෙක් මා අස්වසන්නට හැදුවත් එය පලක් නොවුනි. මග යනවුන් මදෙස බැලුවේ මට පිස්සු යැයි කියාය. එහෙත් තුන් හිතින් මා ප්‍රේම කලේ දැහැන් මගෙ කර ගන්නට නොවන බව ඇයට තේරුම් ගන්නට බැරිවිය. නදුනි තොතෙක් අවටිලි කලද මා අස්වසන්නට බැරිවු තැන ඇය දැහැන්ට කෝල් කර මගට ගෙන්වා හැමදේම පැවසීය.
    —අනේ සෙව්මි මට සමාවෙන්න එයාට පිස්සු...ඔයා වගේ හොද කෙනෙක්ට දොස් කියන්න...එසේ කියා දැහැන් මා අතින් අල්ලා ගත්තේය. පිළිගන්න මගේ හැම දුකක්ම ඒ දෑස අසලදී යටපත් විය. හඩා හෙම්බත් වූ මගේ මුහුණට හසරැල්ලක් නැගුණි. නදුනි මට කීවේ
   —දැහැන්ව ගෙන්න ගන්නනෙ ඔය තරම් ඇඩුවෙ නේද...
 මට නදුනිට කියන්නට බැරි විය මේ මගේ සංසාරික සුවද ඔස්සේ බැදී ආ පවිත්‍ර ප්‍රේමය බව. එදා වගේම අදත් මට දැහැන්ව අයිති කර ගැනීමේ ලෝභ සිතුවිල්ලක් මා තුළ නැත. එහෙත් ඔහුට ආදරය කරන්නට මට පුළුවනි.ඔහු කොහේ කාට හිමි වුවද මා ඔහුගේ බව මට දිවුරා කිව හැකිය.

'සදේ අයිතිය නැතත් පොළවට
 හැකියි හිමිකම් කියන්නට....
 සද එළියට
 ඔබව මට හිමි නැතත්
 හැකිය මට ඔඛෙ වෙන්න
 පුරසද නැගුන රැයකට
 සිනාසෙයි පිපුනු මල් සදවතට
 ඔබව මගෙ නොවුනත්
 සැනසෙයි මා ඔබේ එක වදනකින්
 බැස ගියත් අදුර දි පුරසද
 හිමිවේවි මට ඝන කළුවර
 ඔබ ගියත් මා දමා
 සිත දුක පිරුණු දිනයක
 මම කවි ලියන්නේ ඔබහට
 රිදවන්න නෙමෙයි හිමි සදුනි
 අවදියෙන් හිදින හැම මොහොතෙ
 වේගෙන් එයි ඔබ මවෙත
 රිදවයි මා හඩවයි සිත
 අපේ ඒ සොදුරු මතකය
 හිමි නැති උනත් ඔබ මට
 පතනෙමි හැමදා එක ලෙස
 සතුටු සිනාවේ මල් පොකුරු
 රැදියන් හැමදා ඔඛෙ ලොව තුළ.....



        හැමදාමත් දැහැන්ව මග අරින්නට මා එතැන් පටන් ප්‍රයත්න දැරුවෙමි. ඒ හැම බොල් සුළගට හසුවී ගිය සිතුවිල්ලක්ම පමණක් විය. එක පැයක් ඔහු ගැන තොරතුරක් නැතිවූ විට මා ඔහුට නොනවත්වාම කෙටි පණිවිඩ යවයි. මට පසක් කර ගන්නට බැරිවූ සෙයක් විය එනම් මා එතරම් දැහැන්ට ලෝභකම් කරන්නේ ඇයිද කියාය. නමුදු හිත් කොනකවත් දැහැන් මගේ කර ගන්නට සිතුවිල්ලක්ද නොවුනි. මෙය මුසාවක් නොවේ. ලෝකයා කොතරම් මා වැරදී යැයි කීවද මේ මගේ හිත හිතන හැටිය. මා තේරුම් ගන්නට මේ ලොව කිසිවෙක් හිදියේ නැතත් දැහැන් මගේ හිත හදුනා ගෙන හිදියේය.
 
     මේ අතර දිනක් අම්මා කියූ දෙයකින් මගේ හීන ලෝකය තුළ මා අතරමං විය.
  —ආ...සෙව්මි...දැන් ඔය ඉගෙන ගත්තා මදැයි...අපි මේ අවුරුද්දෙ අන්තිමට සුපුන්ගෙයි ඔයාගෙයි වෙඩින් එක ගන්න හිතා ගෙන ඉන්නෙ...
  —අනේ අම්මා මට තව මෙහෙම ඉන්න දෙන්න..
  —ඇයි උඹ නාකි වෙනකම් ඉන්නද කල්පනාව...
  —නෑ අම්මා ඒත් සුපුන් ළග ඹගෙ සතුට නෑ...
—    එA මොකෝ ඉන්නවද කොහේ හරි එකෙක්ව හොයාගෙන...
—    නෑ අම්මා එහෙම නෙමෙයි... ඒත් මට දැන්ම සුපුන්ව බදින්න බැහැ...
 —ඒක හරි කතාවක්නෙ...සුපුන්ගෙ මොනාද අඩු...අපි පවුල් 2 කම ඒ ගැන ස්ළුිර කරලා කොච්චර කල්ද...දැන් ඒවා වෙනස් කරන්න බැහැ..
  —හරි අම්මා මං කිවුවෙ මගෙ ජීවිතේ සතුට සුපුන් ළග නෑ...මට බෑ එයාට ආදරේ කරන්න...
  —උඹට ඕන ඕන දේ කරන්න බෑ සෙව්මි...එහෙනම් ඉතිං අම්මා නෑ කියලා හිතා ගනින්...එසේ කියා අම්මා කුස්සිය පැත්තට ගියේය. මා මගේ කාමරය තුළට රිංගා ගෙන හැමදාමත් සේ හැඩුවෙමි. එහෙත් මා තීරණයක් ගත යුතු බව මා සිත කීවේය. හැගීම් වලට වහල්වී බුද්ධිය යට ගොස් ඇති බව මා දැන ගත්තේය. නමුදු සිත එය පිළි ගත්තේම නැත. එහෙත් මා තරයේ අදිටන් කර ගත්තෙමි. එනම් හිත්පිත් නැත්තියක සේ හිත ගලක් කරගෙන ජිවත්වන්නේය. මන්ද මට මා අමතක කර සුපුන්ගේ මනමාලිය වන්නට හැකිය. එහෙත් ගතින් පමණක් මා ඔහුට හිමිවූවත් මගේ සිත කිසිම දිනක ඔහුට හිමි නොවන්නේය. හිත රළු කර ගත්විට හැගීම් මට දැනෙන්නේ නැතැයි මා සිතුවෙමි. එක දිගට වදින්නට ගත් මගේ ජංගම දුරකථනය සිතුවිලි තුළින් මා මිදවූයේය. දැහැන් යැයි නම සදහන් වන විට මගේ හැම තීරණයක්ම හිරු දුටු පිනිබිදු මෙන් විසිර ගියේය. මීට මොහොතකට පෙර මා සිතු කිසිවක් මට කි්‍රයාත්මක කරන්නට බැරිවිය.
   —දැහැන් කොහොමද...
   —සෙව්මි මට ඔයාගෙ වෙනසක් තේරෙනවා...ඔයා ඇඩුවද...කියන්න... මා ඇසූ දෙයට ඔහු වෙනකක් කීවේය.
   —නෑ දැහැන් මං හොදින්....
   —බොරු කියන්න එපා සෙව්මි... මට ඔයාව තේරෙනවා...මට ඔයාව දැනෙනවා...
   —බොරු නෙමෙයි දැහැන්
   —හරි දැන් කියන්න මොකද වුනේ කියලා....දැහැන් එසේ කියන විට නිකම්ම මගේ කට ඉස්සර විය.
   —නෑ දැහැන් අපේ ගෙදරින් සුපුන්ව මට බදින්න කියනවා...
   —සෙව්මි....මං ඔයාව කාටවත් අයිති වෙන්න දෙන්නෑ...ඔයාව මගෙන් උදුර ගන්න දෙන්නෙත් නෑ...ඔයාව මං මගේම මගේම කරලා ජීවිත කාලෙටම මං ළගින් තියා ගන්නවා...ගොඩක් ආදරෙයි සෙව්මි...ඔයාගෙ ආදරේ හැමදාටම මට ඕන...තේරුණාද....
  —දැහැන් ඔය ඇත්තමද...
  —ඇත්තමයි සෙව්මි...ප්‍රොමිස්...මාව කාටවත් ලියලා දීලා නැහැනෙ බබෝ...මම ඔයාගෙ විතරමයි.
  —අනේ දැහැන් ඒත් මට ඔයාව අයිති කර ගන්න එපා...මම ඔයාට ආදරේ කරන්නම්... ඔයා මට ආදරේ කරන්න එපා
  —සෙව්මී මොනාද මේ කියවන්නෙ...මාව මනුස්සයෙක් කලේ ඔයා..ඔයාගෙ ආදරේ...ඉතිං මට කියන්නෙ ඔයාව නැති කර ගන්න කියලද..
  —නෑ දැහැන් මාව ඔයාට නැති වෙන්නෑ...මං හැමදාම ඔයා ළග ඉන්නවා...ඒත් මට ඔයාව මගේ කර ගන්න එපා...මං පවු කරන්න බයයි දැහැන්...
  —මොන පවක්ද සෙව්මි...
  —ඒ වුනාට එකතු වෙලා ඉන්න දෙන්නෙක්ව වෙන් කරන්න මට බෑ දැහැන්...තේරුම් ගන්න ඔයාව මට අයිති නෑ.
  —කෙහෙල්මල...සිතුමිණිට මම ආදරේ කළා..ඒ ඉස්සර ඒත් දැං මගෙ සිතුමිණී නෑ...එයා මැරිලා...ඒ ආදරය මැරිලා...
  —මං දන්නෙ නෑ දැහැන්...
  —ඔයා දන්නැති තරමට හොදයි...මං කැමතිත් ඒකටම තමයි...අපි අපි දෙන්නා ගැන කතා කරමු...අනික් දේවල් මෙතෙන්ට අදාල නෑ...
  —කැමැත්තක් දැහැන්
  —හරි ගෙදරටම වෙලා ඉන්න එපා...නිකන් මේ පැත්තෙ ඇවිත් යන්න නදුනි එක්ක හරි...හුග දවසකින් දැක්කෙත් නෑ...
දැහැන්ට මා එන්න පොරොන්දුවී දුරකථනය විසන්ධි කලේය.
 පිළිගන්න ඒ ආදරය ළගදී මා කෙතරම් අසරණ වන්නේද කියා මටම කියන්නට බැරිය. එහෙත් මට එක මොහොතක් දැහැන් දැක්කොත් මාස ගානක් ජිවත් වෙන්නට ආස හිතෙන බව නම් ඇත්තය.

— කතා කරන ඇස් දෙක තුළ
 දෝරෙ ගලන ආදරයට
 වාන් දමන්නට දගලන
 කෝඩුකාර පෙම්වතියේ
 කොතරම් හිත තද කලාට
 සිතුම් පෙළම මුහුණෙ තියේ
 නොකියා ඔබ කියනා මට
 සුන්දර ප්‍රේමේ...
 ගව් ගානක් දුරින් තියන්
 ඉන්නට ඔබ වෙර දැරුවත්
 සුළග වගේ දුවන් එනවා
 හිත ඇතුලේ නලියන
 ඒ ආදරේ...
 සගවා ගන්නට හැදුවත්
 ඔබ හට බෑ එය තාමත්
 පොපියා දගලන කැල්මන්
 මනමත් වී විසිරේ නෙතගින්...

See u Part 4

No comments:

Post a Comment

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...