මා සන්තකටම වත්කම වූ මා ඔබට ආදරය
ප්රේමය... නොකලා කීවොත්
මට මහා සැනසුම දී එය මුසාවක්මය...
ආපසු ගත්තේ ඇයි දැයි අපිට අප මුණ ගැසුණේ
අදත් මා නොදනිමි... මා අන් කෙනෙකුට
ඇට ලේ මස් නහරවල හිමි වූවාට පසුය
කැලතී දියව යන්නේ ඇයට ගින්දරක් දී ඔබට සැනසීමක්
මා සන්තකය ඔබට පැවරූ දෙන්නටද...
පාපය නිසාවෙනි ඔබට ගින්දර දී ඇයට සැනසීමක්
පෙම්වත... දෙන්නටද...
ඔබට පිදු මට බැරිය....ඒ
නොකළැල් නොකිලිටි නොවෙනස් ඔබ දෙදෙනාම මගේ ජීවිතය වූ
මගේ වත්කම නිසාවෙනි...
මා ආපසු ඉල්ලන්නේ නැත අප අතර ඇති මේ බැදීමට
මන්ද... දෙන්නට නමක් මා දන්නේ නැත
එය මා ඔබට පිදුවේ එහෙත්...
කිසිවක් පෙරලා මා දෑස් මායිමෙන්
බලාපොරොත්තුවෙන් නොවන නිසාය ඔබ දුර නොයන්න
ඔබ නිදුකින් ඉනු මැන මන්ද...
එය මගේ පැතුමයි..... ඔබද මට ඇවසිය...
සෙව්මි නිසංසලා දැහැන් නිර්මාණ
හැමෝම කියන්නේ මා වැරදි අයෙකු කියාය. නැත්නම් ලැජ්ජා නැති අවලම් කෙල්ලෙක් කියායා. එසේත් නැත්නම් අන්සතු දෙයක් හොරකම් කරන්නට හැදු හෙරක් ලෙසයි. එහෙත් ඒ කිසිවක් මට පිළිගන්නට බැරිය. ඒ මගේ හිත හිතන හැටිය. කෙසේ නමුදු දැන් මා ලෝකය ඉදිරියේ නරුම කෙල්ලෙකු වී හමාරය. බුදුන්ගේ දෑසට බොරු කර අනුන්ගේ දෑසක් උදුරා ගත්තා යැයි මිනිසුන් මට දොස් කියයි. එහෙත් ඒ පව මට ගෙවන්නට බැරි වන්දියක් වන බව මා තරම් හොදට කිසිවෙකු දන්නේ නැත. කොයි තරම් අහිංසකව මං මගේ ප්රේමය පුදන්නේ දැයි දන්නේ මාත් මගේ හිතත් පමණි.
පෙම් කරන දෙදෙනෙකු දෙපසකට කරන්නට මා තුන් හිතකින්වත් හිතුවේ නැත. එමෙන්ම ජීවිත කාලයේම එක් අයෙකුට පමණක් පෙම් කළ හැකියැයි මා එදවස සිතුවේද නැත. එහෙත් එය බොරුවක් යැයි දැන් දැන් මට වැටහේ. දිවි හිමියෙන් මා ප්රේම කරන්නට ප්රාර්ථනා කල කෙනා මට අහිමිවී ගොස් හමාරය. ආදරය කිරීම මේ තරම් හිත රිදන දෙයක් බව කලින් මට නොදැනුනි. කෙසේ වෙතත් මේ ආදරයයි. නමුත් ලෝකයා දකින්නේ මා කරන්නේ විශාල වරදක් ලෙසය. එහෙත් ඒ දෑසට උරුම කම් කීවේ මේ භවයේ පමණක් නොවන බව මට දිවුරා කිවිය හැක. අපි හිතන් ඉන්නා ලෙස දෛවය තීරණ දෙන්නේ නැත.
දැහැන් ....හ්ම් ඇත්තටම දැහැන් මගේ නෙතු අසලට පෑයූවේ මහා නියං කාලයකට පසුව වසින වැස්සක් ලෙසිනි. ඔහුට තිබුනේ හරි අඩම්බර පෙනුමකි. මගේ හිත ගත්තේ ඒ ආඩම්බර කමය. එපමණක් නොව ඒ ඇස් දෙක තුල කිමිදි සංසාරයේ හුරු පුරුදු ලෙංගතුකම් සොයන්නට මට සිතුණි. ඔහු අනුන්ගේ බව දැන දැන මා තනිවම ඔහුට පෙම් කලෙමි.
හැමදාමත් නදුනි ඇගේ පෙම්වතාට Call කරන්න යන cafe එකේ හිමිකරුවා දැහැන්ය. නදුනි කතා කරන තුරු මා අර දෑස දෙස බලා හිදියි. තේරුම් ගන්නට බැරි මොකක්දෝ සංසාරික සිතුවිල්ලක් මහිත උඩ හුරු පුරුදු ලෙංගතුකම් පෑවේ එතැන් පටන්ය¡ ඔහු කවදා කොහේදි හෝ මගේ වී ඉන්නට ඇති බව මට දැනුණි. ඒ හුරු පුරුදු සුවද ඉව අල්ලා බලන්නට සිතුණද මා එයට බිය විය. එහෙයින් මා මගේ හිතට තරවටු කලෙමි¡ නමුත් හැමදාම වාගේ ඔහු දෙස බලා හිදියද
—හිනාවක් ගන්න සල්ලි දීලවත් බැරි වෙයි නදුනි˜ කියා මා මගේ යෙහෙළිය හා කීවේය¡
—ඒ කාගෙද බං.....
—කගෙද ඉතිං අර cafe එකේ ඉන්න පණ්ඩිතයගෙ මිසක්....
—හෝව්....හෝව්....මොකක්ද ඒ කතාව....මේ ඕවා තියා ගන්න එපා....දැහැන් හොද කොල්ලෙක් බං....ඇරත් ඒකට ලස්සන නංගියෙක් ඉන්නවා.....
නදුනි එක දිගට කියවයි. මගේ හිත හෙල්ලී ගියේ ඔහුට ආදරය කරන්න ගැහැණු ළමයෙක් ඉන්නවා යැයි කී දෙයටය..එහෙත් එය නදුනිට නොපෙන්වා මා තවත් දැහැන් ගැන නදුනිගෙන් දැන් ගන්නට සිතුවෙමි¡
— උඹ කොහොමද දැහැන්ව දන්නෙ....
— සෙව්මි...දැහැන් අපේ නංගිලා එක්ක එකට ිචදරඑ කලේ ....ඒත් එයා A/L ලිවුවෙ නැද්ද කොහේද....පිස්සුවෙන් වගේ computer පස්සෙ දිවුවා. ඒත් ඒකෙන් දැහැන්ට වැරදුනේ නෑ...දැන් බලන්නකො ලස්සනට ඉන්නෙ.
ඉතිං හැමදාමත් අපි උදේ හවස බාහිර උපාධිය සදහා පන්ති ගියේය. ඒ එන අතර මග දැහැන්ගේ cafe එකට ගොඩවදින එක අපට පුරුද්දක් විය.
—මං ආසයි බං දැහැන්ට....˜ මට කියවිණි.
—මේ...මේ...ඕවා තියා ගන්න එපා..දැහැන් අනුන්ගෙ....
—හරි බං ඉතිං....දැහැන් අනුන්ගෙ උනාට මට බැරිද දැහැන්ගෙ වෙන්න...
—සෙව්මි....මොනාද මේ කියවන්නෙ...˜
—දැහැන් මාර ගති බං....කෙල්ලෙක්ට ආස හිතෙන ලස්සනක් තියෙන්නෙ...ඒ විතරක්ද බලපන් ඒ ඇස් දෙක දිහා.... නදුනි ඉදිරියේ මගේ හදවත විවෘත විය¡
—මං දැහැන්ට ආදරේ කරනවා නදුනි...එයා අනුන්ගෙ උනාට කමක් නෑ මට පුළුවන් එයාගෙ වෙන්න...හැමදාටම....
දගකාර මගේ හිත උඩ ඇති සිතුවිලි කිසිවක් හංගන්නේ නැතිව මා කීවෙමි. ඒ මගේ හැටිය. මග යන කොල්ලෙකු දැහැන් වගේ නම් කිසිවක් නොසිතා
—අර බලන්න අර බෝයි දැහැන් වගේ නේදැයි...˜ කියා කියන්නට තරම් මගේ හිත දඩබ්බර විය.
—සෙව්මි....ඔහොම කියවන එක ටිකක් අඩු කරගන්න....මට කිවුවට කමක් නෑ....ඒත් කාටහරි ඇහුනොත්....
—ඉතිං ඇහුනදෙන්කො.....
—ඇහුනට කමක් නෑ තමයි....ඒත් අපිට අනුන්ගෙ හිත් කියවන්න බැහැනෙ....අනුන්ගෙ හිත් වීඩියෝ කැමරා වගෙයි....ඔයා ගැන වැරදියට හිතයි...එහෙම හොද නෑ නේද..ඒ විතරක්ද කවුරු හරි දැහැන්ගෙ ගෑණු ළමයට කිවුවොත්.....
දැහැන් ගැන මගෙ හිතේ තිබුණ පිස්සුවට නදුනි සැර වූයේ එසේය. එහෙත් ඇය කියන්නේ බොරුවක් නොවුවද මට දැහැන්ව අමතක කරන්නට බැරිය. හැම මොහොතකම මගේ ඇස් දුවන්නේ ඔහු සොයාය. මගේ හිත උඩ විතරක් නොව ගැඹුරුම ගැඹුරු යටි හිතේද හිටියේ දැහැන්ය. සමාධියට සමවැදුනා සේ දැහැන් ගැන සිතීම මට සුවය ගෙනාවේය. ඒ භාවනාව සුන්දර විය. නදුනි එක්ක කොයි මොහොතේත් මා කියෙවුවේ දැහැන් ගැනය. ලෝකයා දන්නේ නම් මට දොස් නගනු ඇත. එහෙත් මෙතනදි නදුනිට පවා තේරුම් ගන්නට බැරි දෙයක් විය. එනම් මා ඇත්තම ඇත්තට දැහැන්ට ආදරය කිරිමයි. එය මුසාවක් නොව. මගේ තුන් හිතම පේවී ඔහුට ප්රේම කළේය. එය තව අයෙකුට පැහැදිලි කර කියා දෙන්නට මට බැරිය. මා මගේ හිත වෙනස් කරන්නට නොගියේය. මා මගේ තීරණයේම හිදියේය. එනම් දැහැන්ට මා ප්රේම කළෙමි. නමුත් කියන්නට බැරි දෙයක් තිබේ. එනම් ඒ වෙනකොටත් අපේ නිවසින් මා සුපුන්ට යෝජනා කර තිබීමයි. අම්මලා කියන්නේ මා අනිවාර්යයෙන් සුපුන් හා දීග යායුතු බවයි. එහෙත් ඔහු ගැන මහිතේ කිසිම දිනක ප්රේමයක් නොඋපදියි. එය ඇයි දැයි කියන්නට මට තේරෙන්නේ නැත. කෙසේ වෙතත් මගේ ජීවිතය සුපුන් ළග නැති බව මම දනිමි.
දිනක් අපි දැහැන්ගේ ක‍්ෙඬී එකට ගොඩවදින විට එහි හිදියේ දැහැන් පමණක් විය. නදුනි දුරකථන කුටියට ගිය පසු දැහැන් හරි ලස්සනට මා දෙස බැළීය. මා දැහැන්ට වශීවී හිදි නිසා එය මට දරාගන්න බැරි සතුටක් එක් කළේය.
—කොහොමද සෙව්මි....˜
මුල් දවස්වල අහංකාර කමට හිටි දැහැන් හරි ලස්සනට ඔහුගේ දෙතොල් මතින් මා හා කතා කළේය.
—හ්ම්....හොදයි දැහැන් ඉතිං....ඉතිං...
—හරියට වැඩ අද චුට්ටක් නිදහස්.... ඊමිිසබැිි කියන්නෙ ඒකනෙ...දවසකට වැඩ වැඩියි දවසකට මොකුත්ම නැහැ....අද ඉතිං මොකුත්ම නැති දවසක්....˜
— ඔයාගෙ ඇස් හරි ලස්සනයි සෙව්මි...˜
නැවතත් දැහැන් කියු දෙයින් පිළිගන්න මට ඇතිවූ සතුට නිම්හිම් නැති විය¡ එය කිරා මැන බලන්නට බැරි තරම් විය. දැහැන් ඔබ හරිම අපූරුවට මගේ හිතට කතා කලේය. ඔබ තට්ටු කලේ මගේ හදවතටය.
නදුනි දුරකථන කුටියෙන් එළියට එන විටත් අපි අපි දෙස බලා හිදියේ හිතින් කතා කරමින්ය¡
—මොකද සෙව්මි භාවනාවක්ද....˜ කියා ඈ මගේ අතින් ඇල්ලූවේය¡ මගේ අත සීතල වී තිඛෙනවා ඇයට දැනෙන්ට ඇත.
—ගාන කීයද දැහැන් කියා මුදල් ගෙවූ නදුනි නැවතත්
—සෙව්මිව බදින්න කෙනෙක් ඉන්නවා දැහැන්...˜ කියා ඔහුට කීවේය¡
තේරුම් ගන්න දැහැන් කාගේ වුවද එය මට ප්‍රශ්ණයක් නොවුනි¡ එතරම් මා දැහැන්ට සෙනෙහස් විය. සුපුන්ට මගේ ලොවේ තිතක් වන්නටවත් බැරි වුවද දැහැන් මගේ මුළු ලොවම වසා පැතිරී හිදියේය. දැහැන්ව මට බරක් වදයක් කරදරයක් නොවීය. ඒ මන්ද ඔහු මහිත උඩ සක්මන් කලේ සිහින සරිනි.
— මං ඔයාට ආදරෙයි්...˜ ඊට දින දෙක තුනකට පසු මගේ ජංගම දුරකථනයේ සනිටුහන් වූ කෙටි පණිවිඩය එය විය. ඒ සීතල රාති්රයේ ඔහු උණුසුම් සුව සදන හීනයක් තරම් ලෙංගතුව මා ඇමතීය. මගේ ජීවිතයේ ලද ලොකුම සැනසීම එය විය. මම දොර ඇරගෙන එළියට ගොස් පිනි වැටුනු තණකොළ පිස්සේ දෙපා ඇවිදුවෙමි. සෙරෙප්පු දෙකක් නැති දෙපා වලට පිනි බිදුවල සීතල අමුතු සුවයක් එක් කලේය. මේ මා උදේ හවා ප්රාර්ථනා කළ ප්රේමයයි. මේ මා හැමදා දුටු සිහිනයයි. හැකි විගසින් මාත් ඔහුට කෙටි පණිවිඩයක් යැවුවෙමි.
—මමත් හුගාක් ආදරෙයි.....මටත් වඩා මං ඔයාට ආදරෙයි දැහැන් ˜ මට කිසිම ලැජ්ජාවක් දැනුනේ නැත. දැහැන් අනුන්ගේ යැයි සිතා පිටස්තර හැගීමක් නොදැනුනි. ඔහු මට ආගන්තුකයෙක් නොවෙමි¡ ඒ මගේ පණ ගැහෙන ආදරයයි. ඔහු මගේ කෙනෙකි. ඉතිං මට ඔහුව දැනෙන්නේ මගේ ජීවිතය ලෙසයි. මගේ ආත්මය ලෙසයි. මා 100% ක්ම හදවතට විවෘත වන්නට ඉඩ දුන්නේය. ඒ මන්ද යත් ඔහු හරි අපූරුවට මගේ හිත කියවාවියැයි සිතාය.
No comments:
Post a Comment
ඔබේ පැමිණිම මට සවියක්.