Wednesday, June 27, 2012

බල්ලා සහ ගැහැණිය

_____ බල්ලා සමඟ ගැහැණිය ____
( හැමදාම උදේ හවසට මා දකින දර්ශනයක් ගැන )

දිනකර එක්ක අලුයම මුණ ගැසෙන්නේ
කොට කලිසමට සුදු බැනියම අදින්නේ
කණ්නඩි දෙකත් කලු පාටට තියෙන්නේ
එක සම පාද බලු පැටියද තබන්නේ

අව පැහැ පටිය බල්ලගෙ කර මත ඇත්තේ
හරියට ඇයව ඇදගෙන යනු හා වැන්නේ
අඩියක් තරම්වත් උස නැති බල්ලෙක්නේ
එනමුත් නකුට සෙලවී අඩි තිය යන්නේ

හීතල දවස් වල කමිසෙන් සැරසෙන්නේ
මල් මල් රටා හැඩයක් එහි පෙනෙන්නේ
බෙල්ලේ අංකෙ සමගින් සලකුනු වන්නේ
යුවතිය නොවුන ඇය හා බල්ලා යන්නේ

වමතේ ඇගේ බෝතලයක් වතුරෙන් පිරි ඇත්තේ
දෙපසක ගස් වලට ජලයත් බල්ලා දෙනු ඇත්තේ
ඉඳහිට නැවති දිව එළියට දමනා හැඩ ඇත්තේ
ගැහැණිය හැපි හැපී යන්නේ අනෙ සුනඛෙකු මත්තේ

දිනකට දෙපාරයි ඈ ඇවිදන් යන්නේ
මුවගට සිනහ නම් නොවරදිවම එන්නේ
කතකට මිතුරු වී බල්ලා දෝ යන්නේ
නිවසට බල්ල හා ඇය විතරද ඉන්නේ.....

මෙහෙමත් විගඩම්ද මේ ලෝකෙක ඇත්තේ
සිරිලක මෙහෙම අතරින් පතරට ඇත්තේ
බඩගිනි නිසා මිනිසුන් මිය යනු සත්තේ
තිරිසන් වුනත් බල්ලා පින්කර ඇත්තේ......

_____________________දිනිති___27/06/2012____


19 comments:

  1. ..බල්ලෙක් එකක් හරි ඇවිදින එක ශරිර සෞඛ්යට හොදයි නේ.

    ReplyDelete
    Replies
    1. Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි..බල්ලාව එලි පහලියට එක්ක යනගමන් වයයාමයකුත් කරගන්න එක නරකම නැහැ...

      Delete
    2. හිහි.....ඒකත් එහෙමද..

      Delete
  2. මේ ගැන මාත් ලිවුවනේ ඉතින්.. මතකද මන්දා..

    බලූ වෝක්.. ඕවා ඉතින් මෙහෙත් තියෙනවනේ..

    ReplyDelete
    Replies
    1. මතකයි මල්ලි...කියෙවුව... හැමතැනම එකයි ඕක...

      Delete
  3. ඒකත් හොද වැඩක් තමයි..ලොකු වෙනසක් දැනුනා..කවිය ලස්සනයි අක්කියෝ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැටියො හුගක්ම...

      Delete
  4. නියමයි... :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙමයි මල්ලියේ...
      ජය...

      Delete
  5. ඕකලෝකෙ කොහෙත්එකයි.ළමයින්ව ඇලජික්සමහර අම්මල,බල්ලන්වඅරන්යන්නෙ කරේතියාගෙන.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්..මෙහෙ නම් මිනිස්සුන්ට වඩා බල්ලන්ට සැප...

      Delete
  6. බලු නෝනලා ඔය ලඟදි පුවරු ප්‍රදර්ශනයත් කලේ බලු හිමිකම් ගැන.

    ReplyDelete
    Replies
    1. බලු නෝනල ඔහොමමයි ලොකු ජොන්..

      Delete
  7. ඹට මත්ක වුනේ "බල්ලා කැටුව යන කාන්තාව" පොතයි.

    ReplyDelete
    Replies
    1. ඕක ගැන මට තවත් කෙනෙක් කිවුව අයියෙ..ඒ පොත හොයාගෙන කියවන්න ඕනි...මම කියවල නැහැ..

      Delete
  8. මෙහේ නම් බල්ලෙක්ව අල්ලගෙන එලියට යන්නේ බල්ලට එලි බහින්ඩ ඕන කරන වටපිටාව හදලා දෙන්න !! :)

    ReplyDelete
    Replies
    1. හිහි..එහෙමද මධුරංග...

      Delete
  9. තිරිසන් වුනත් බල්ලා පින්කර ඇත්තේ.... හික්ස්

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...