එදා සෙනසුරාදාවකි. වෙනදාට කවුරුන් විසින් හෝ අහරවනු ලබන මා එදින උදෑසනම පිබිදී නාන කාමරයට වැදුනෙමි. උදෑසන සීතලත් සමග වතුර මලෙන් නික්මෙන දිය දහරාව මගේ සිරුරට නැවුම් බවක් රැගෙන ආවේය. රතු මල් වැටුනු දිග සායට සුදුපාට ටීෂර්ටයක් දාගත් මා තෙත කොණ්ඩය මුදා හැර පඩිපෙළ බැස්සෙමි.
—මෙන්න වැඩක් අද ඉර වෙන පැත්තකින් පායලද කොහෙද.... කියමින් චූටි අයියා කෑගැසුවේය.
—ඒ මොකද...?
—නෑ ඉතිං අද රෝසමල තනියම උදේ පාන්දර නැගිටලා... ඒ මදිවට නාලත් එක්ක...
—ඇයි මං වෙනදට නාන්නැද්ද...?
—නෑ ඉතිං අද මේ විශේෂයක් වගේ....කියමින් චුටි අයියා කට ඇද කරමින් ලොකු අයියා දෙස බැලීය.
—ඒක තමා මොකක්ද මේ වෙනස....කියමින් දෙවෙනි අයියාද හවුල් විය.
—මං එන්නෑ...ඔයාලා යන්න...මහ නරකයි...එසේ කියා මා ආපිට පඩිපෙළ නගින්නට හැරුනෙමි. ලොකු අයියා මා අතින් ඇද ඔහුට තුරුළු කර ගත්තේය.
—රෝසමලට විහිළුවක්නෙ කලේ..කියමින් ලොකු අයියා මා කම්මුලක් සිප ගත්තේය. ඒ සමගම මැණිකෙ නැන්දා බෑගයක්ද අතින් ගෙන සාලය දෙසට ආවේය.
දෙවෙනි අයියා
—හලෝ මචං....කියමින් ඉදිරිපස කතා කරන කටහඩ මට ඇසුණි. මැණිකෙ නැන්දා තනියම මේ ගමන යන්න ආවාද....එසේ නැත්නම් දෙවෙනි අයියා හලෝ මචං කීවේ සිහිනයියාටද....? එමෙන්ම එදා මල්වත්තේදි දුටු තරුණයාව ලොකු අයියාට මතකයට නැගේද....මේ සියල්ල පෙරපර ගැලපීමට නොහැකිව මහිත දුකින් පිරුණද මා එය සගවාගෙන ලොකු අයියාගෙන් මිදී දෙවෙනි අයියා දෙසට පිය මැන්නේය.
දෙවෙනි අයියා හරිබරි ගැසී පෝටීකෝව යට වේවැල් පුටුවකට බරදී සිහිනයියා හා කතා කරයි. මා දුටු දෙවෙනි අයියා
—සිහින මේ අපේ රෝසමල.....මගෙ නංගි....
—රෝසමල....මේ සිහින... මාත් එක්ක එකට කැම්පස් ඉන්නෙ....ඒත් මම දැනගෙන ඉදියෙ නෑ මෙයා මැණිකෙ නැන්දගෙ පුතා කියලා....
මගේ ඇස් සිහිනයියා දෙස බලා හිදියි. මා ඔහු නාදුනන ලෙස හිටියට මගේ හදවත සතුටින් පිරී ඉතිරෙයි. එහෙත් මෙතුවක් කාලයක් සිහිනයියා දෙවෙනි අදුරන බව මට කීවේ නැත. සමහරවිට සිහින නොදැන සිටින්නට ඇත. එදා මල්වත්තේදි වුව ලොකු අයියා සිහින දුටුවත් දෙවෙනියි චුටුලයි පහුවෙලානෙ ආවෙත්. ඒ කෙසේ වෙතත් සිහිනයියා දෙවෙනි අයියාගේ මිතුරෙකු වීම මට සැහැල්ලුවක් එක් කලේය. මන්ද යත් බැරිවීමකින් හෝ ලොකු අයියා සිහින ගැන මතකය අවදි වුවහොත් මට දෙවෙනි අයියා පිහිටවන බව මා දන්නේය.
හවස හතර පමණ වන විට අප නුවරඑළියට පැමිණියේය. මැණිකෙ නැන්දා සියල්ලන්ටම කෝපි වක් කලේය. සිහිනයියා දෙවෙනිගේ මිතුරෙක් පමණක් නොව චූටි අයියාගේ හා ලොකු අයියාගේද යහළුවෙක් තරමට එකතු විය. එමෙන්ම ලොකු අයියාට එදා මල්වත්තේදී දුටු අර නැහැදිච්ච එවුන් යැයි මට කිවූ පිරිමි ළමයාව මතකයට නාවේය. අප්පච්චීගේ සිතටද සිහිනයියා අල්ලා තිබිණී.
මා මගේ කාමරයේ ජනේලය අසලටවී ඈතින් පේන කදුපෙළ දෙසට නෙත් යොමා ගත්තේය. මැණිකෙ නැන්දා කෝපි කෝප්පයක් රැගෙන කතා කරන තුරු මම අවට සුන්දරත්වය විද ගත්තෙමි. මැණිකෙ නැන්දා හා කතා කිරීමෙන් මැණිකෙ නැන්දා හා සිහිනයියා මට යාබද කාමරයේ බව දැන ගත්තෙමි.
කෝපි කෝප්පය අතැතිව මම හෙමින් හෙමින් අඩි තබා සිහිනයියා හිදි කාමරයට ගියේය. මා දැක සිහිනයියා ගැස්සෙන බව මම දුටිමි.
—නංගි ඇයි මේ....?
—මං ඔයාව බලන්න ආවා...
—එහෙම හොද නැ නංගි...බලන්න ඔයාලගෙ ගෙදර අය කොයිතරම් හොද මිනිස්සුද....
—ඉතිං ඔයා කියන්නෙ මං හොද නෑ කියලද....?
—එහෙම නෙමේ රෝසමල....කවුරුහරි දැක්කොත් හොද නෑනෙ....
—ඉතිං මට මොකෝ....
—හිතුවක්කාර වෙන්න එපා නංගි ....අපි යන් එළියට....
—මට බෑ....ආ ඔයාටත් කෝපි උගුරක්....
—තේරුම් ගන්න නංගි.... යං එළියට.....ඔයා එන්නැත්නම් මම යනවා පහලට.....
—ඔව් මට තාම මොකුත් තේරෙන්නෑ......ඔයාට හැමදේම තේරෙනවනෙ.....එසේ කියනවාත් සමග මගේ දෑසට කදුළු පිරිවේය.
—ඔය ඉතිං ඇස්දෙක රතු කර ගත්තම හරි යනවද...? මම කියන්නෙ ඇත්ත....ඔයාව මට ලඛෙන්නෑ නංගි....අයිති කර ගන්න බලාගෙන නෙමේ මං ආදරේ කරන්නෙ....
—ඔය ලොකු දේවල් මම දන්නෑ....මං දන්නෙ එක දෙයයි....ඒ මං ඔයාට ආදරෙයි....එච්චරයි....
—හරි දැන් හොද නංගි වගේ යං එළියට....එසේ කියමින් සිහිනයියා මා අතින් අල්ලාගෙන සැදැල්ල දෙසට ආවේය.
—මං ඇත්තම කියන්නද අයියෙ....සිහිනයියා දැස ලොකුකර මදෙස බැලීය.
—ඔයාව මට නැති වුනොත්....මං වස ටිකක් කාලා මැරෙනවා....
මගේ අත තදට අල්ලා ගත් සිහිනයියා ඒ විසල් පපුවට මා තුරුල් කර ගත්තේය. මට ඉකිගසා ඇඩුණි.
—දැන්ම ඕව ගැන හිතන්නෙපා...යං නංගි අපි පහලට....කියමින් මාත් සිහිනයියාත් පඩිපෙළ බැස්සෙමු.
සාලයේ සැප පුටුවකට බරදී සිටි ලොකු අයියා විසල් වූ දෙනෙතින් මා දෙස බලා හිදියේය. වෙනසක් නොදැනෙන්නට මා ලොකු අයියාට තුරුල් විය. සිහිනයියාද අසල පුටුවක හිද ගත්තේය.
—පුදුමයි අපේ රෝසමල සිහිනත් එක්ක කතා කරනවද....?කියමින් ලොකු අයියා සිහිනයියා දෙස බලා සිනාසුනි. පිළිතුරුක් නුදුන් සිහිනයියාද පෙරලා ලොකු අයියා හා සිනාසුනි.
—ලොකු අයියෙ....අපි යං තේ වත්තෙ අවිදින්න....
—දංන් බැ රෝසමල....අපි හෙට යන්...
—අනේ....කෝ දෙවෙනියි.....චූටියි....?
—ඒ දෙන්නා අප්පච්චි එක්ක ටවුමට ගියා කලමණා ගේන්න...
—එහෙනම් ඔයා එනවද මාත් එක්ක යන්න.....මම කිසි වෙනසක් නැතිව සිහිනයියා දෙස බලා විමසීය.
—අන්න හරි....එහෙනම් සිහින අපේ රෝසමල එක්ක චුට්ටක් ඇවිදලා එන්න....එලෙස කියමින් ලොකු අයියා අවසර දුනි.
—ඔයා හරියට දගයි සිහින.....රෝසමලව පරිස්සමෙන් බලා ගන්න වැටෙයි...සිනහාවී ලොකු අයියා කීවේය. ඔයාලා වගේම සිහිනයියාද මාව පරිස්සමෙන් බලා ගන්නවා යැයි සිතින් සිතමින් මා නැගිට්ටෙමි.
හෙමින් හෙමින් පාර දිගේ ඇවිද ආ මා හරස් පාරකින් තේ වත්ත මැදට ඇවිද ගියේය. සිහිනයියාද මා සමග වීම මහිතට කිව නොහැකි තරම් සතුටක්ය. මා සිහිනයියාගේ අතක එල්ලුනෙමි.
—මේක හීනයක් වගේ නේද...? මා කියවයි.
—අපි කරන්නෙ වැරැද්දක් නංගි...විශේෂයෙන් මම...
—ඔන්න ආයිමත් පටන් ගත්තා....අනේ අයියා ඇත්තටම ඔයාට මාව එපාද....?මං මැරෙනවා දැන්මම.
—මේ අහන්න නංගි....ඔයාගෙ දෙවෙනි අයියා මගෙ යාළුවෙක්. ඒ විතරක් නෙමේ ඔයාගෙ අප්පච්චි අයියලා හරි හොදයි. ඇරත් මට මගේ තත්වෙ අමතක කරන්න බෑ නංගි....
—හැමදාම වගේ මට කියන්න තියෙන්නෙ ඔය ලොකු දේවල් ගැන මං දන්නෑ අයියා....අන්තිම හරිය කියවන විට මගේ කටහඩ වෙනස් වී ඇසට කදුළු ඉනුවේය.
—අඩන්න එපා රෝසමල.....මං මේ ගමන ආවෙ ඔයා අඩනවා බලන්න නෙමේ....සිහිනයියා කියයි. ඔහු එසේ කීවාට මා නොහඩා ඉන්නේ කෙසේද....? ඇත්තටම සිහිනයියා හීනයක්මද....? මා මේ ඇවිද යන්නේ සිහිනයක් දිගේද....? දැන දැනම මා තුරුළු කර ගත්තේ දුකම බව මසිතට ඒත්තු ගැන්වීමට මා අකමැතිය.
සිහිනයියා මා තුරුල් කර ගත්තේය. මා ඒ උරහිසට හිස තියාන බොහෝ වේලා හිදියෙමි. සිහිනයියා මට ජීවිතය ගැන ආදරය ගැන බොහෝ දේ කියා දුන්නේය. ඒ අතර ඇතින් පේන මීදුම....හැම මොහෙතෙම වැහිබර අහස....හරියට රැයේ දකින හීනයක් තරමට චමත්කාර බවකින් පිරී තිබුණි.
නුවරඑළි ගමනින් පසු මට සිහිනයියා දකින්නට නොලැබුණි. හිත නොසන්සුන් බවකින් පිරී ඇත. ඔහු නොදැක මා ඉන්නේ දුකෙනි. මෙතරම් සෙනෙහසක් සිහිනයියාට මා වෙන්කර ගෙන ඇති බව මටම විශ්වාස ගන්නට බැරි තරම්ය. එහෙත් ඇත්ත එයමය.
එක දිගට වදින දුරකථනය මට කරදරයක් සේ දැනුනි. එය අතට ගෙන ඕනෑවට එපාවට හලෝ කිවූ මා දෙව්මිගේ කටහඩ ඇසිමෙන් සතුටට පත්විය.
—ඉතිං දෙව්මි....කොහොමද....?
—දැන් කියනවා ඉතිං දෙව්මි කියලා....නිකමටවත් අනේ මේකි උන්නද මලාද කියලා බැලුවද....? ට්‍රිප් එක ගියා ගියාමයි තාම ෆැක්ට්‍රිය පැත්ත පලාතෙවත් ආවෙ නැහැ. දැන් දවස් කීයක් නම් වෙනවද....
—අනේ...සොරි....දෙව්මි
—සොරි තමයි....ඒවා ඔට්ටු නෑ...
—කියපන්කො විස්තර ඉතිං.... මා දෙව්මිගෙන් ඇසුවෙමි.
—මම ඉතිං මොනාද....රෑ ඉදන් එළවෙනකම් නිදා ගන්නවා... සතියෙ දවස් පහ ෆ්‍රැක්ට්‍රියට යනවා. හ්ම්....එච්චරයි.....කියපන්කො උඹේ සිහින කුමරා එහෙම හොදින්ද......?
අපේ නුවරඑළි ගමන ඇතුළු සියළු විස්තර මා දෙව්මිට කීවේය. එමෙන්ම ඇය නොපැමිණිම ගැන ගැන මා බොහෝ පසුතැවිලි වෙමින් දොස් කිවෙමි.
ඒ වගේම මා සිහිනයියාව නොදැක ඉන්නේ බොහෝ දුකින් බවද පැවසුවෙමි. එවිට දෙව්මි සිනහාවී...
—ආ ඒකට මොකෝ...ෆ්‍රැක්ට්‍රිය ගාවට නම් හැමදාම ආවනේ සිහින... යැයි දෙව්මි කීවේය.
උඩට ගත් හුස්ම පහලට හෙලන්න මට අමතක විය. ඇත්තටම මම නොසිතුවේත් එයමය.
—දැං ඉතිං සිහිනව අමතක කරන්න කාලෙ ළගයිනෙ.... නැවතත් දෙව්මි කියයි.
—මට තේරෙන්නෑ......
—මොනාද.....?
—ඔයා කියන ඒවා.....
—මං කියන්නෙ........දැන් රන්මුතු සදකිරණි ලොකු ගෑණු ළමයෙක්....හෙට අනිද්දට අප්පච්චිලා හොද කඩවසම් වත් පොහොසත් තරුණයෙකුට සරණපාවා දෙයි....
—නැ එහෙම වෙන්නෑ....
—ඔයා කොහොමද එහෙම වෙන්නැති බව කියන්නෙ....
—එහෙම තමා....මේ ඒක නෙමේ මං එනවා හෙට උදෙන්ම ෆැක්ට්‍රි?
—ෂා....නියමයිනෙ....ඒත් ඉතිං ඕන් සිහින සිහින නැම් මගෙත් එක්ක බැරි වෙයි රන්මුතු....
—අර මොකේ.....
—බලපන් ටිකක් හිතලා.....තේරුමක් තියෙන දෙයක්ද ඒ...එහෙනම් මම තියනවා.....ඕකේ....
—ඕකේ....බායී....
දැන් මට අළුත් අදහසක් ඇතිවිය. ෆැක්ට්‍රියට සිහින අයියාවත් ගෙන්න ගන්න තිබුණොත්....ඒ සදහා මගක් සොයමින් මා කල්පනා කෙරුවෙමි. ඒ අතර තුර අප්පච්චිගේ වාහනය ගරාජය අසල නතර කරන හඩ ඇසුනෙන් මා හෙමින් හෙමින් ඉදිරිපස දොර දෙසට පියවර එසවීය.
—මගෙ මැණික...කියමින් අප්පච්චි මා තුරුළු කරගෙනම නිවසට ඇතුළු විය.
—අනේ අප්පච්චි හෙට ඉදන් නම් ෆැක්ට්‍රියට යන්න ඕනි...
—ඒකනෙ මං පුතාටත් කිවුවෙ....කෝ ඉතින් ඔයා මහන්සියි කිවුවනෙ...
—ඒත් අද මම කල්පනා කලේ හොද කොල්ලෙක් බලලා කසාදයක් බන්දලා දෙන්නද කියලා... කියමින් අප්පච්චී සිනහා විය. අප්පච්චී සිනහා වූ වාට මට සිනහා වීමට නොහැකි විය. වචනයක් කතා කර ගැනීමට බැරිව මගේ දිව පන නැති විය.
—ඇයි පුතේ මම කිවුවෙ නරකක්ද...බය වෙන්න එපා....දැන්ම එහෙම දෙයක් වෙන්නෑ පුතේ....
යන්තම් මගේ ඇගට ලේ පොදක් ඉනුවේය.
රාත්‍රියේදී දෙවෙනි අයියා සොයා මා ඔහුගේ කාමරයට ගියේය. දෙවෙනි අයියා පොතක් කියවමින් ඇදටවී සිටියේය. මා දුටුවිට පොත මතින් නෙත් ඉවත් කර
—ඇයි රෝසමල....
—අප්පච්චි මාව කසාද බන්දලා දෙයිද...
—එහෙම වුනාට රෝස මලට පාඩුවෙක් වෙන්නෙ නැහැනෙ....
—මට බෑ.....දෙවෙනි අයියෙ.... තව ටිකක් ගෙදර ඉන්න ආසයි මං..
—අප්පච්චි කැමති නම් කමක් නැහැනෙ රෝස මල..
—ඒක හරි අසාධාරණයියෙ...
දෙවෙනි අයියා හිද උන් තැනින් නැගිට්ටේය. තේරුම් ගත නොහැකි ලෙස ඔහු මා දෙස බලා හිදියේය. මා කී දෙය දෙවෙනි අයියාට විශ්වාස ගැනීමට නොහැකි ලෙසින්
—මට තේරුනේ නෑ රෝසමල.....කීවේය.
—මං කැමති දෙයක් කරන්න මට බැරිද අයියා.....මම කීවෙමි.
—ඔයා ඔය විදිහට කතා කරන්න ඉගෙන ගත්තෙ කොහොමද රෝසමල.....
—මන් දන්නෑ.....වැරැද්දක් වුනා නම් සමාවෙන්න. මටත් කියලා නිදහසක් නැද්ද අයියා.....
—ඔයා වෙනස්වෙලා රෝසමල.......
—රෝසමල අප්පච්චි මේ හැදේම කරන්නෙ අපි වෙනුවෙන්.....එයා අපිට කොයි තරම් ආදරේද කියලා ඔයාට තේරෙන්නෑ....
—මං දන්නවා.....
කප්පරක් සේනේ පිරි හිත ළග
බවුන් වඩනට බලා සිටිනෙමි
ජීවිතේ අතරමඟ කිසිම දින
වෙන් වෙලා නොයන් මට මගේ පෙම.....
හරිම ලස්සනයි කතාව ..
ReplyDeleteඅදනම් මගෙන් දොශරොපනයක් තියනව හරිද අක්කෙ මොකද අක්ක මම කතාවෙ ආසම හරිය කල. එ අන්තිමට හෙමදම ලියන කවිය අද එක අඩුවෙන් ලියල
ReplyDeleteකතාව ගලාගෙන යන හැටියට නම් ආසයි අක්කි..ඉක්මනටම ඉතුරු කොටස් ටිකත් දාන්නකෝ....
ReplyDeleteඅදත් ආවා... ඉතුරු ටික ඉක්මනට දාන්න
ReplyDeletegodak lassanai
ReplyDeleteකියෙවුවා.. ඉතිරියත් ලියමු අක්කේ...
ReplyDeleteකතාව ගොඩක් ලස්සනයි !!!
ReplyDeleteවිසේසයෙන්ම අර රෝස මල කියන ගෑල්ලමයා ඉන්න හරිය ගොඩක් ලස්සනයි !!
රෝස මලක් වුණත් හැමදාම ගේ ඇතුලෙ තියාගන්න බෑ . ඒක තමයි තාත්තලාගේ පැතුම
ReplyDelete