Sunday, June 3, 2012
ශිල්ප ලබනට ආවෙමි කොලොම්පුර
මතු රැකෙන ශිල්පය
උගත යුතු යැයි මනා
සිත සිතා වෙහෙසකර
අවසනම ගොඩවැදුණි
තිඹිරිගෙට කොළඹම.....
සතිස් මහා ශිල්පයක්
ඇවැසි නැතිමුත්
සොලොස් කලා ශිල්පයම
නොදත් මුත්
ගෙන්දගම් පොළවෙ
සූ සැටක් නෙක
දෑ බොහෝ හමුවුණිය...
රතු පාට ඉර ගිනි ගන්න
හැන්දෑවකදි
ගෝල්ෆේස් මුහුද ළග
සුළග මහන්සියටත්
හුස්ම ගන්නේ සීරුවෙන්
හීරිලා යන හද පතුල
රිදෙයි යැයි බෝ දුකිනි....
ලා කහපාට සඳ තවරද්දි බිම
සීතලක් දෙන්නට රැයේ
බුර බුරා දුම් දමයි
කතා නැතිවම තාර පාරත්....
පොත අතට ගෙන
හීන කන්දක පාමුලක සිට
වට්ටක්කා හොද්දෙ පීනනා
පැතුම් මල්
ගිල ගන්නා
සුදු හාලෙ බෙරි බතට
තල්ලුවක් දෙයි
අද නොවෙයි හෙට පිපෙයි කුසුම්.....
දුක පඳුරු ලන
කොන්ක්‍රිට් පුරවරක
දිසාපාමොක් හමු නොවුන මුත්
ටකරන් වහලෙ යට
බෝඩ්ම් කාමරේ
මුල් අදියි නෙත් මුලක
හැමදාම කොනහමින්
පෙර නිමිති නම් නුග පැළය......
සුවඳ මිනිසුන් නොහමුවුන මුත්
මහළු මැයි මාර ගස්
අළු පාට පොතු ගලවගෙන
කියන්නේ උනුන් පෙර දවසෙ
විඳි ගැහැට අපමණක්.....
වෙල් එළියෙ හමා එන
ගම්මානෙ පොට්ටු කුසුම්
හසරැල්ල සොය සොයා
පිහිනති පෙර මෙන්ම
මතු මතුත්
සිප් කිරි උර උරා
දික් විජය කරන්නට ශාස්ත්‍රයෙ අකුරු.....
______________________________________දිනිති___________
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...
නිමිත්තකුත් මෙ වගෙ පදපේලියකට යටින් එකතු කලානම්, නුබේ හිත හරියටම කියවන උන් කියවාවි,
ReplyDelete…නැත්නම් ඒකත් හැමෝටම පොදු එකක් වේවි
අපූරුයි අක්කේ... හිතට දැනුනා උපරිමෙන්ම..
ReplyDeleteඅපටත් ඔච්චර තමා! :)
ReplyDeleteහැබැයි ඉගෙනගත්ත දෙයක් අහකගියෙ නෑ!
නියමායි.....
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
සරසවි දිවියේ කටුක බෝඩිම්ගත ජීවිතය පද වැලකට අමුණා ඉදිරිපත් කොට ඇති අයුරු නම් අපූරුයි ...
ReplyDelete//..ලා කහපාට සඳ තවරද්දි බිම
ReplyDeleteසීතලක් දෙන්නට රැයේ
බුර බුරා දුම් දමයි
කතා නැතිවම තාර පාරත්..//
ලස්සනයි...හිතට දැනෙන විදිහට ලියලා තියනවා....
අපිනං කොළඹ එපා කියල දුවල ආව
ReplyDeleteඇඬේනව අක්කේ
ReplyDeleteකවිටික ලස්සනය්..
දික් විජය කරන්නට සුභපැතුම් ...
ReplyDeleteලස්සනයි...