වැහි සිරි පොදෙත් හීතලටම දැනෙනවද....
රෑ මැද කළුවරට බියපත් වෙනවාද
අතු ඉති වැනෙන සෙවනැලි ඇස වසනවද
මම මෙන් උඹත් උලලේනියෙ අඬනවද....
හිත වට රැක්ක සිතුවිලි දුර ගියාවද
මල් වට බමරු පියඹන බව නොදත්තෙද
උඹ වට රැක්ක දෙවියන් දුර ගියාවද
අද හෙට ඉතින් ඔය හිත ගිනි ගනීවිද......
සැවොලුන් කෑ ගසාගෙන පණිවිඩ ගෙනිච්චද
මේඝය ළගින් එක පාරක් දුක ලියෙව්වද
පවනේ යනෙන වේගයෙ හිත උඹ කියෙව්වද
ඔය සා දුකක් සගවන්නේ පෙම හින්දමද.....
______________________________දිනිති_______
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්‍රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...
වෙනස් වචන ටිකක් වෙනස් අදහසක්
ReplyDeleteලස්සන කවිපෙළක්..
ස්තුතියි පුබුදු.
Deleteඇත්තටම පෙම හින්දමද ?
ReplyDeleteඅනේ මන්ද රොබින්..
Delete//ඔය සා දුකක් සගවන්නේ පෙම හින්දමද...//
ReplyDeleteආදරය වෙනුවෙන් ඕනම දුකක් විඳින්න අවංකවම ආදරේ කරන කෙනෙකුට පුලුවන්....
ඇත්ත ලොකු අයියා.
Deleteඇත්ත..ආදරේ කියන්නේ පරිත්‍යාගයක් ...
ReplyDeleteඔව් නිම්ශා..
Deleteලැබෙන ආදරේට වඩා නොලැබෙන ආදරේ උතුම්ලුනේ..ලස්සනයි අක්කි....
ReplyDeleteස්තුතියි සිතුවිලි දැහැන...
Deleteලස්සනයි අක්කේ කවි පෙලනම්..
ReplyDeleteස්තුතියි මල්ලියේ..
Deleteහ්ම්.... තාම හිතනවා මං !!!!
ReplyDeleteහ්ම්..මේ මාත්...
Delete