Thursday, June 21, 2012

__________අවසන අහස නිදහස් විය __________



ගැබ්බර අහස

විලි රුදාවෙන් පෙලෙමින්
හෙමින් හෙමින්
කදුළු කූඩයක
අඩුම කුඩම ඔබ්බවා
දරු ප්‍රසුතියට සූදා නම් වෙයි....

ත්‍රස්තවාදයේ සුළි සුලං

හමා යමින් තුරු හිස්
ප්‍රචණ්ඩත්වයෙන් රිද්දයි....

ලේ පිපාසිත ගෝරනාඩු

විදුලි ගර්ජනා
අවි අමෝරා අඳුරු සෙවනැලි
විටින් විට එළිය කරමින්
බිය වද්දයි....

ඝණ අන්ධකාරයේ ගුප්ත බවට

තර්ජනා කරමින්
ෂඩ් වර්ණා ලෝකයක්
ගගනතට
වින්නඹු කම් කරන්නට සැරසෙයි.

අවසන මරණයේ වැල

ගෙල ලා සිටි
මහා වර්ෂාව
නිදහස පතා
ටොක ටොක ගා
මහ පොළවටම කඩා වැටුණි.

9 comments:

  1. ශ්...මම ආසම දේ..වැස්ස...මාව ජිවත් කරවනවා වැස්සකින්..

    ReplyDelete
  2. වාව්..ඒක නම් හරිම ලස්සනයි අක්කි...හැමදාම දකින වැස්ස අද නම් වෙනස්ම විදිහකට දැක්කා....

    ReplyDelete
  3. වැදගත් එකක් වෙන්න ඇති...

    ReplyDelete
  4. පරන දැක්මම අලුත් ඇසකින්
    …අලුත් කවකින්
    …**************************
    මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  5. වෙනදා ලියන කාව්‍ය ශෛලියට වෙනස්ම ආකෘතියක් වැස්ස නිකං ප්‍රජාතන්ත්‍ර විරෝධියෙක් වගේ.. පොඩි දේහශපාලන ගතියක් තියෙනවා

    ReplyDelete
  6. වැස්ස වැටෙන සද්දේ නම් මරු... ටොක ටොක !!! ටොක ටොක !! ටොක ටොක !!!!!!

    ReplyDelete
  7. උඩ ඉඳන් කියවන් එද්දි නම් හිතුනෙ නෑ මෙ ලියන්නෙ වැස්ස ගැනයි කියලා

    ReplyDelete
  8. ලස්සන උපමා යොදාගෙන තියෙන්නේ...ගොඩක් ලස්සනයි..ජය!

    ReplyDelete

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....