කැරකෙන රෝදේ පුංචි කරත්තේ
ඉදගත් විට පුතු ගෙන යනු ඇත්තේ
ගිනි මද්දහනක සෙයිලම පැත්තේ
සිගිති දෙපා නම් පිච්චෙනු ඇත්තේ...
යකඩ යකා පිඹගෙන ආ හැන්දෑවේ
වැරදි ලෙසයි සටහන් සංඥා තැබුවේ
දණහිස් පහලම මගෙ අරගෙන දිවුවේ
පුතුනි උඹට කරුමෙයි ඒ ගෙන ආවේ
සිල්ලර කාසිය මිට මොලවාලා
මහතුන් දුන්නත් පිය පුතු බලලා
ඉදහිට ඇසුවත් ඇය කෝ කියලා
නොමදනි ලෝකය ඈ ගියෙ පැනලා....
බැරිබර ගාතෙන් වතුර අදින්නේ
සවි නැති මුත් මා ගත දෝවන්නේ
පාසැල කොහෙදැයි නෑ හදුනන්නේ
මා පුතු එලෙසයි උවටැන් දෙන්නේ....
උරුමය මෙය නම් සසරේ ගෙන ආවේ
මිනිසුනි පුතු ගැනමයි හිත ගිනි ලෑවේ
තැවෙන සිතින් එක පැතුමයි මා පැතුවේ
මෙපින් බලෙන් පුතු ඔබ මතු නම් බුදුවේ...
___________________________දිනිති____
වෙනදා වගේම ලස්සන කවි සිතුවිල්ලක්/
ReplyDeleteවෙනදා වගේම අදත් ස්තුතියි මධුරංග.
Deleteපැරනි චිත්‍රයට අලුත් අරුතක් . ලස්සනයි
ReplyDeleteහ්ම්..ඔව් නේද...ස්තුතියි ලොකු ජෝන්...
Deleteඋපරිමයි අක්කෝ... එල
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ගොඩක් ස්තුතියි මල්ලියෝ....ඔයාටත් සුභ වේවා..
Deleteලස්සන කවියක් අක්කේ..
ReplyDeleteස්තුතියි මල්ලියේ...
Deleteගොඩාක් ලස්සන කවි පෙළක් ...
ReplyDeleteගොඩාක් ස්තුතියි රොබින්.
Deleteලස්සනට ත් වැඩිය අපුරු වෙනසක්..
ReplyDeleteහුගාක් ස්තුතියි නිම්ෂා...
Deleteලස්සනයි අක්කේ..
ReplyDeleteස්තුතියි මල්ලියේ....
Deleteලස්සනම ලස්සන වෙනස් කවිකමක්...ලස්සනයි....
ReplyDeleteගොඩක් ස්තුතියි සිතුවිලි දැහැන..
Deleteදෙපා අහිමි වුණත් පියාට දිරිය පුතෙක්... ලස්සන කවිය
ReplyDeleteහුගක් ස්තුතියි අයියේ..
Delete