_____ බල්ලා සමඟ ගැහැණිය ____
( හැමදාම උදේ හවසට මා දකින දර්ශනයක් ගැන )
දිනකර එක්ක අලුයම මුණ ගැසෙන්නේ
කොට කලිසමට සුදු බැනියම අදින්නේ
කණ්නඩි දෙකත් කලු පාටට තියෙන්නේ
එක සම පාද බලු පැටියද තබන්නේ
අව පැහැ පටිය බල්ලගෙ කර මත ඇත්තේ
හරියට ඇයව ඇදගෙන යනු හා වැන්නේ
අඩියක් තරම්වත් උස නැති බල්ලෙක්නේ
එනමුත් නකුට සෙලවී අඩි තිය යන්නේ
හීතල දවස් වල කමිසෙන් සැරසෙන්නේ
මල් මල් රටා හැඩයක් එහි පෙනෙන්නේ
බෙල්ලේ අංකෙ සමගින් සලකුනු වන්නේ
යුවතිය නොවුන ඇය හා බල්ලා යන්නේ
වමතේ ඇගේ බෝතලයක් වතුරෙන් පිරි ඇත්තේ
දෙපසක ගස් වලට ජලයත් බල්ලා දෙනු ඇත්තේ
ඉඳහිට නැවති දිව එළියට දමනා හැඩ ඇත්තේ
ගැහැණිය හැපි හැපී යන්නේ අනෙ සුනඛෙකු මත්තේ
දිනකට දෙපාරයි ඈ ඇවිදන් යන්නේ
මුවගට සිනහ නම් නොවරදිවම එන්නේ
කතකට මිතුරු වී බල්ලා දෝ යන්නේ
නිවසට බල්ල හා ඇය විතරද ඉන්නේ.....
මෙහෙමත් විගඩම්ද මේ ලෝකෙක ඇත්තේ
සිරිලක මෙහෙම අතරින් පතරට ඇත්තේ
බඩගිනි නිසා මිනිසුන් මිය යනු සත්තේ
තිරිසන් වුනත් බල්ලා පින්කර ඇත්තේ......
_____________________දිනිති___27/06/2012____
..බල්ලෙක් එකක් හරි ඇවිදින එක ශරිර සෞඛ්යට හොදයි නේ.
ReplyDeleteCommented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි..බල්ලාව එලි පහලියට එක්ක යනගමන් වයයාමයකුත් කරගන්න එක නරකම නැහැ...
Deleteහිහි.....ඒකත් එහෙමද..
Deleteමේ ගැන මාත් ලිවුවනේ ඉතින්.. මතකද මන්දා..
ReplyDeleteබලූ වෝක්.. ඕවා ඉතින් මෙහෙත් තියෙනවනේ..
මතකයි මල්ලි...කියෙවුව... හැමතැනම එකයි ඕක...
Deleteඒකත් හොද වැඩක් තමයි..ලොකු වෙනසක් දැනුනා..කවිය ලස්සනයි අක්කියෝ....
ReplyDeleteස්තුතියි පැටියො හුගක්ම...
Deleteනියමයි... :)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
එහෙමයි මල්ලියේ...
Deleteජය...
ඕකලෝකෙ කොහෙත්එකයි.ළමයින්ව ඇලජික්සමහර අම්මල,බල්ලන්වඅරන්යන්නෙ කරේතියාගෙන.
ReplyDeleteඅපොයි ඔව්..මෙහෙ නම් මිනිස්සුන්ට වඩා බල්ලන්ට සැප...
Deleteබලු නෝනලා ඔය ලඟදි පුවරු ප්‍රදර්ශනයත් කලේ බලු හිමිකම් ගැන.
ReplyDeleteබලු නෝනල ඔහොමමයි ලොකු ජොන්..
Deleteඹට මත්ක වුනේ "බල්ලා කැටුව යන කාන්තාව" පොතයි.
ReplyDeleteඕක ගැන මට තවත් කෙනෙක් කිවුව අයියෙ..ඒ පොත හොයාගෙන කියවන්න ඕනි...මම කියවල නැහැ..
Deleteමෙහේ නම් බල්ලෙක්ව අල්ලගෙන එලියට යන්නේ බල්ලට එලි බහින්ඩ ඕන කරන වටපිටාව හදලා දෙන්න !! :)
ReplyDeleteහිහි..එහෙමද මධුරංග...
Deleteතිරිසන් වුනත් බල්ලා පින්කර ඇත්තේ.... හික්ස්
ReplyDeleteඅනේ හා මල්ලි...
Delete