අප්පච්චී......අප්පච්චී......
ඇයි මයෙ පුතේ........
ආන් ටෙලිග්‍රෑම් එකක් ඇවිත්.....අප්පච්චිට එන්නලු......
ඉදින් මේ එනවා.....
ගෙවත්තේ බුලත් කොරටුව ළග වල් පැල ගලවමින් සිටි අප්පච්චී කුස්සිය අසල තිබුණ බාල්දියට අත දමා සෝදාගෙන සරම පිටිපස්සෙන්ම අත පිස දමමින් පාරට ගියේය. පියන් මහත්තයා විසින් ගෙනත් තිබුණ ටෙලි ග්‍රෑම් එක අත්සන් කර ගත් අප්පච්චී එය කඩනවා මා දුටුවෙමි.
හසරැල්ලක්වත් කදුළැල්ලක්වත් නොනැගුණ අප්පච්චීගේ මුහණ දෙසම මා බලා උන්නෙමි. කිසිදු තීරණයක් මට නිශ්චය කර ගැනීමට බැරිය. එහෙත් අප්පච්චී ටෙලි ග්‍රෑම් එක කියවා අතේ ගුලිකර මා පසු කර යන්න හදන්නට වූවා පමණය....
කවුද අප්පච්චි.....
වැඩක් නැහැ පුතේ..මේ බොරුවට...
බොරුවට කිවුවෙ අප්පච්චි...
උඹලගෙ අම්මා මයෙ පුතේ.....
එසේ කියමින් අප්පච්චි ආයෙමත් බුලත් කොරටුව පැත්තට ගියේය. මහිත මොකක්දෝ හැගීමකින් පෙලිණි. අප්පච්චී උඹලගෙ අම්මා...කිවුවත් කවමදාවත් නොදුටු අම්මා ගැන මා හිතන්නට ආයෙත් පෙළඹිනි.
..අප්පච්චි අම්මා කොයි වගේද...
මා මුලින්ම එය ඇසුවේ මොන්ටිසෝරි යන්නට පටන් ගත් විටය. අනෙක් සෑම දරුවකුම අම්මාගේ අත එල්ලී යනවිට හැමදාමත් මා මොන්ටිසොරිය පටන් ගත් මොහොතේ සිට නිමාවන තෙක් රැඳමින් සිට අප්පච්චී එක අතකින් මා තදින් අල්ලා ඇවිද ආ හැටි අදත් මට මතකය.
මයෙ පුතාගෙ අම්මා සුරංගනාවියක් වගේ...
සුරංගනාවියො කොයි වගේද අප්පච්චී...
මලක් වගේ පුතේ....
ඉදින් අප්පච්චී මලක් වගේ යැයි කියු මගේ අම්මා ගැන මා සිතුවේ හැමදාමත් ගේ දොරකඩ පිපෙන ලොකු බෝල ඉද්ද මල් ගස දෙස බලමින්ය. ඒ කිරි සුදු පාට ළග පින්බරම හැගුමක් මහිතට ගලා ආවේය. වයසින් වැඩෙත්ම ආයෙම දවසක් මා ඇසුවේ
අප්පච්චී අම්මගෙ පොටෝ එකක් නැද්ද....
ඒ මොකටද මයෙ පුතේ....
අම්මගෙ මුහුණ බලන්න....
දිගු සුසුමක් හෙලු අප්පච්චී ...අප්පච්චීගේ කාමරයට ගොස් මේන් පුතේ....
කියා පැහැය වෙනස් වී ගියද බ්‍රවුන් පේපර් කවරයක දමා තිබු ඡායාරූපයක් මා අත මත තැබීය. එහෙත් එය විවෘත කරන ඇසිල්ලෙම අප්පච්චී මා දමා යන්න ගියේය.
කියා පැහැය වෙනස් වී ගියද බ්‍රවුන් පේපර් කවරයක දමා තිබු ඡායාරූපයක් මා අත මත තැබීය. එහෙත් එය විවෘත කරන ඇසිල්ලෙම අප්පච්චී මා දමා යන්න ගියේය.
කියාගන්නවත් වචන නැති ඉටි රූපයක් වගේ සුන්දරව සිනාසී අප්පච්චී ළගින්ම අම්මා ඉන්න ඒ පින්තූරය මට ඉහවහා ගිය සතුට ගෙන දුන්නෙමි.
එදවස අම්මා මලක් වගේ යැයි අප්පච්චී කිවුවේ සත්‍යයක් නොවෙදැයි මට මතක් විය. මම එම ඡායාරූපය සාලයේ කැබ්නෙට්ටුව මත තැබුවෙමි.
පැය දෙක තුනකින් කොරටුවේ සිට ආ අප්පච්චී
....අනේ මයෙ පුතේ මේක පුතාගෙ කාමරයෙන් තියා ගන්නකො.....
මේක කොච්චර ලස්සනද අප්පච්චී අපි මෙතන තියමු.
ඇහිපිල්ලමකින්වත් වෙනසක් නොපෙන්වා ආයෙමත් කුස්සියට ගිය අප්පච්චී කිසිදු සද්දයක් බද්දයක් නැතිව රාත්‍රි ආහාර පිසින බව මට දැනුණි....
මගේ අම්මා...මේ තරම් සෙනෙහසක් තියෙන අප්පච්චී නොදකින්න එන්නේ නැත්තේ ඇයි.....
ඇගේ එකම දරුවා වූ මා දකින්නට නොඑන්නේ ඇයි....
සත්කුළු පව්ව සේ සියල්ල දෙස එකම අයුරින් බලා ඉන්නා අප්පච්චීට කොතෙක් ඇවටිලි කර ඇසුවද ඔහු නිවැරදි විස්තරයක් කියන්නේ නැත.
එමෙන්ම වෙන විවාහයක් අප්පච්චී කර ගත්තේද නැත. එතකොට අම්මා.. මට අප්පච්චීගෙන් එය අසන්නට දිව නොනැමේ. ඉරිසියාවට මුසු හැගීමක් හදවතේ මගෙ ඇතිවේද යන සැකය මට නැතුවාම නොවෙයි.
කාලය බොහෝ සේ ගෙවී ගියේය. මා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අවදියයි. අප්පච්චී දැන් පෙරමෙන් නොව. හිසකෙස් සුදු වී මහළු වී ඇතැයි මට සිතේ. එහෙත් අදත් නිවසේ සියළු දෙය කරන්නේ අප්පච්චීය. අප්පච්චීට මා එදා මෙන්ම පුංචි කොළු ගැටයෙකි.
එහෙත් දිනක් මහ රාත්‍රියක අප්පච්චී ඉකි ගසා හඩන හඩ මට යාන්තමින් නින්දත් නොනින්දත් අතර ඇසුණි. ඇස් විවර කර මා සවන් යොමුවේය. සිහිනයක් නොව සැබෑවක්මය.
මා එක පාරට ඇදෙන් පැන අප්පච්චීගේ කාමරයට දිවුවේය.
අප්පච්චී සාලයේ තිබුණ අම්මාගේත් අප්පච්චීගේත් ඡායාරූපය තුරුල් කරගෙන පොඩි දරුවෙකු සේ ඉකිබිඳින හඩ මා දුටුවෙමි...
මගේ අප්පච්චී...කියා මා අප්පච්චී බදා ගත්තේය.
මේ ජීවිත කාලෙටම ඒ ඇසක කදුලක් මා දුටුවාමය.
සමනල් අඩවිය මායිම් වුන ගමක පිහිටි අපේ නිවස දොරකඩට හැමදාමත් පෙනුණ සමනල් කන්දයි අප්පච්චියි අතර මා වෙනසක් නොදුටුවෙමි. සූර්යයා නෑවිත් ඉදහිට මීදුම ඇවිත් සමනල් කන්ද පෙනීම හංගා ගත්තත් අපේ ගෙදර පාන්දර පහ වන විට රෝඩියෝවේ සෙත් පිරිත් හඩින් අප්පච්චී මා නෙත ගැටෙන්නේය. එකම රැයකටවත් මා අතහැර නොගියේය. යහලු යෙහෙලියන් හා මා රැය ගනන් ගියත් අප්පච්චී කෙදිනකවත් මිතුරු ඇසුරකටවත් යනවා මා නොදුටුවේය.
මයෙ අප්පච්චි..ඇයි.....
මොකුත් නැහැ පුතේ. උඹෙ අම්මව මතක් වුනා.
අපි යන්කො අප්පච්චි අම්මව හොයාගෙන බලන්න.
තේරුමක් නැහැ මයෙ පුතේ.
එහෙනම් අප්පච්චි අම්මට එන්න කියන්නකො....
අපිට ඒක කොහොමවත් කරන්න බැහැ පුතේ....
මගෙ පුතා ගිහින් නිදා ගන්න. හෙට උදේට විස්ස විද්‍යාලෙට යන්න තිනවා නේද...?
ඉන්න මං පුතාට කෝපි එකක් හදලා ගේන්න....
කිසිත් නොවුන ලෙස ඇඳෙන් නැකිට අප්පච්චී කුස්සියට ගොස් මටත් කෝපි එකක් හදා දී අප්පච්චිටත් සාදාගෙන කාමරයට යනවා මා දුටුවෙමි.
හිරු ඇවිදින් ජනෙල් පියන්වල වීදුරු විනිවද කරමින් මගේ ඇස අසල වැදෙන බව දුටුවේ හදිසියේම ඇස ඇරුන විටය. අද මා කැම්පස් යා යුතුය.
අප්පච්චී....මා අවදි නොකලේ....
වහා දිවගොස් මා කාමරයට එබී බැලු විට රාත්‍රියේ නින්දට ගිය ලෙසම අප්පච්චී හුන්නේය.
වහා දිවගොස් මා කාමරයට එබී බැලු විට රාත්‍රියේ නින්දට ගිය ලෙසම අප්පච්චී හුන්නේය.
කෝපි කෝප්පය බිදක්වත් හිස් වී නැත.
අප්පච්චී....අප්පච්චී...මා අප්පච්චී සෙලවුවේය. ඒ හිස කඩා වැටුණා මිස අප්පච්චී ඇස් ඇරියේ නැත.
තේරුම් දා සිට මවක් පියෙක් වූ මගේ අප්පච්චී නොකියාම ..මේ විසල් ලොව මා තනිකර යන්න ගිහින්ය.
හෘදයාබාධයකින් අප්පච්චී මා දමා ගිය බව වෛද්‍ය වාර්තාව විය. අප්පච්චීගේ මළගෙදර සියළු වැඩ නෑදෑයින් සහ මා විශ්ව විද්‍යාලයේ මිතුරන් හා එක්ව නිමා කලේය.
මගේ තනියට කියා අප්පච්චීගේ මල්ලී නිවසේ තනිවිය. මළ ගෙදරටවත් නා අම්මා ගැන නොයෙක් නොයෙක් දේ මළගෙදර රාත්‍රියන්හි කණ වැකුණි.
මා අප්පච්චීගේ කාමරය සිසාරා බැලුවෙමි. නිකමට මෙට්ටය උස්සා බැලූ විට පරණ ටෙලිග්‍රෑම් කොල කිහිපයක් තිබුණි.
.....නිමලෙ මට සමාවෙන්න......
....නිමලෙ මට සමාව දෙනවා නේද...ඔයා දෙවියෙක් නිමලෙ......
...මේ ආත්මෙ මේ ණය මට ගෙවන්න බැහැ නිමලෙ......
....මගෙ දරුවට තාත්තෙක් වෙලා ඔයා මුළු ජීවිතේම කැප කලා නිමලෙ......
_____නිමි_____
_____නිමි_____
සමාකරන් අප්පච්චී කතාව ලයාගෙන අතරට මේක දැම්මට මොකුත් කියන්න එපා ඔන්න...හදිස්සියෙම ලියවුනේ..ඒකයි පෝස්ට් කලේ....
ReplyDeleteමට කතාව එච්චර තේරුනේ නැහැ ,පුලුවන්ද පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ?
ReplyDeleteඒ කිවුවෙ මල්ලි..... මේ ලිවුව කතාවද....
Deleteකතාව කියෙව්වා.. කමෙන්ට් එකක් නොදා යන්න හිතුන් නැත්තෙ ඇයි දන්නෑ........... සුපිරියි ලියමන....
ReplyDeleteසත්තටම ස්තුතියි හදවතින්ම. ඔබේ කාලය වැය කරලා මේ ඇගයීම දීලා ගියාට.
Deleteහුගක් සංවේදි ලස්සන කතාවක් අක්කි..ඇහැට කදුලක් එන තරමට දුකක් දැනෙනවා....
ReplyDeleteබොහොම ස්තුතියි දරුවො ඔයාට.
Deleteහ්ම්,හිතන්නගොඩක් දේ...
ReplyDeleteහ්ම්...නොකියා කිවුවා....නේද...
Deleteහිතට ගොඩක් දැනුන හිත ලඟින්ම ගිය සංවේදි කතාවක්..ලස්සනයි..
ReplyDeleteස්තුතියි නිම්ෂා හුගාක්ම..
Deleteලස්සන කතාවක් .සංවේදී ව දැනෙන්න ලයල තියෙනවා.එකක් තමයි තාත්තලා අඬන්නේ කඳුලුවලින් නෙවෙයි හදවතින්.
ReplyDeleteඒක නම් ඇත්ත අයියෙ..තාත්තලා දුක හංගගන්නවනෙ...ස්තුතියි හුගාක්ම ඇවිත් ගියාට අයියට..
Deleteසංවේදීව හිතට දැනුන කතාවක් අක්කේ.. හරිම අපූරුයි..
ReplyDeleteඅර කිව්වත් වගේ ගොඩක් සංවේදි කතාවක් !!!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete