සඳවත හීනියට මෝරා නැගෙන විට
ගිනිගෙන දැවෙන නුවරක එක කොනක සිට
යන්තම් සිරුර වැසෙනා රෙදි කැබැල්ලට
උන්නා දැවටිලා බිළිඳිය උණුහුමට....
උදයට දකින අම්මා නැහැ දැක්කේ කිසිදින රෑට
පිය තුම කවුද වග නම් මව්වත් නොදනී හරියකට
දුක සැප බලන්නට නැති වුනි නම් මිත්තනියත් ඇයට
ඇත්තයි ඇයට වෙන්නේ තනියම මහමඟ නිදන්නට....
වත්සුණු තවරගෙන මව් යනවිට හැමදාමත් පාරේ
යන්තම් පෙනෙන දුර බැලුවා ඇය හිස හරවා පාරේ
දවසින් දවස ලොකු වෙන දියණිය උන්නත් පැදුරේ
හිරිකිත කමින් පිට මං කළෙ දියණිය මව ඇගෙ පාරේ....
වෙනසක් නොපෙන්වා ඇය ඇය දියණිය රැක්කා
නගරයෙ හොදම පාසැලකට දමමින් රැක්කා
මඩ වළෙ පිපෙන සියපත කරනට ඇය රැක්කා
එනමුත් දියණියම ඈ ගැන අපුලෙන් දැක්කා....
දින දින දිරන කය මව් හට නොම දෙයි සැනසීම
රුව නැණ දෙකෙන් දූ යයි ලෝ පසු පස නොබලාම
හැකි තරමින්ම දියණිය හට කළමුත් සැපදීම
අම්මේ කියා නැහැ කිවුවේ දියණිය කිසිදාම....
_____________________________________________________දිනිති_______
කවි පංතියනම් ලස්සනයි අක්කි....
ReplyDeleteස්තුතයි හුගාක්ම.
Deleteකවි ටික ලස්සනයි දිනිති... !!!
ReplyDeleteස්තුතියි මධුරංග.
Deleteලස්සන කවි පන්තියක් ....
ReplyDeleteරොබින් ස්තුතියි හුගාක්ම.
Deleteහරිම ලස්සන කවි පෙල ..අපුරුයි.
ReplyDeleteගොඩක් ස්තුතියි නිම්ශා.
Deleteඅදත් වෙනසක්...
ReplyDeleteහ්ම්.....පොඩ්ඩක් වෙනස් විදිහකට හිතුවා මල්ලි...
Deleteකාලෙකට පස්සේ වෙස්ම ආකාරයෙන් හිතලා ලියූ කවක්.
ReplyDeleteඑහි අරුත නම් දුක්බරයි. මෙහෙමත් දරුවොද හැදුවේ..
නැතුවාමත් නෙමෙයිනෙ අයියෙ මෙහෙමත් දරුවො...
Deleteලස්සන කවි ටික....!
ReplyDeleteස්තුතියි තොටියෝ...
Deleteවෙනසක්, හොඳ අර්ථයක්..
ReplyDeleteගොඩක් ස්තුතියි පුබුදු.
Delete