Sunday, June 17, 2012

,,,,,තාත්තා,,,,,

______හිතුවක්කාරියකගෙ සිතුවිල්ලක්______
( අප්පච්චි දකීවිද මන්දා )

නැගෙන හිරු පරද්දා

හැමදාම දිනන තාත්තා....
කිචි බිචිය නගන්නට
විහඟුන්ව අහරවන තාත්තා....

ලිප ළගින් අම්මාට
තනි රකින තාත්තා
කහට බැඳි දත් ටික
අඟුරු කැබැල්ලෙන් මදිනා....

අල්ලට දමා ගත් සීනි කැට
ගනන් කරමින් කහට බොන්නා
කිරි පිටි දැමූ කිරි වීදුරුවක්ම
අපි වෙනුවෙන් දුන් තාත්තා....

හිස් බඩම දඩු වැට පැන
කාසි සොයන්නට යන තාත්තා
හිරු දෙවිඳු සමඟින්
තරඟ කර දිනන තාත්තා....

යන්තම් පාන් කෑල්ලක්
පරිප්පු හොද්දක දවටාගෙන
කුස පොත්ත තවා ගත් තාත්තා
ෆ්‍රයිඩ් රයිස් එකක්
කිහිල්ලේ රුවාගෙන
හැන්දෑවට ගෙට ගොඩ වෙන්නා....

කෑගසා වෙහෙසයි කියන අතපය
බූරු ඇඳ මත සතවපන්නා
හිරිකිඩ වැටෙන වරුසාවෙදිත්
උණුහුමයි පුතේ කියන්නා....

_____හැමදාම මෙහෙම ඉන්නට බැහැ
මොනවාද අපිට දුන්නේ______
කියා ඇසු විට අහස බලමින්
සිනා සෙන තාත්තා
ගිනි අරන් හිස මං මුලාවුන දා
තුරුල්ලෙම හංගගෙන
නළලත සිම්බ තාත්තා.

නිරාමිසවම දුක් සුසුම් මැද
සදා සරතැස නිව නිවා
අම්මාට වහන් වී
හය හතර කියා දී
කිසිමදා පැසසුමක්
නොලැබුවෙම තාත්තා.......


___________________________දිනිති______
 
 

18 comments:

  1. අද තාත්තලා ගැනම සංවේදි පොස්ට් කියෙව්වේ..

    මම වැඩියෙන්ම ආදරේ තාත්තාට කාටත් වඩා :)

    අපුරුයි දිනිති ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ ස්තුතියි නිම්ශා...

      මගෙ නම් විශේෂිත ආදරයක් නැහැ...ඒත් ගෞරව කරනවා...

      Delete
  2. ,,ෆ්‍රයිඩ් රයිස් එකක්,,
    ඔයපදේ නැතිනම්,
    මා දුටු තාත්තා...ඔයා මැව්වා

    ReplyDelete
    Replies
    1. නැහැ විමුක්කි...හුගාක් තාත්තලා...තමන් නොකෑවත් හන්දියෙ චයිනිස් එකෙන් අනේ මගෙ කොල්ලට...අනේ මගෙ කෙල්ලට කියලා තියෙන ඉස්තරම්ම රයිස් එකක් අරගෙන එන්නෙ නැද්ද....

      Delete
  3. හිතට දැනෙන ලස්සන සංවේදී කවියක් අක්කි...හුගක් ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ස්තුතයි සිතුවිලි දැහැන...

      Delete
  4. සොදුරු කවි පෙලක් අක්කෙ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියේ...

      Delete
  5. ලස්සන කවි පෙළක් ...

    ReplyDelete
    Replies
    1. රොබින් මල්ලියෙ ස්තුතියි.

      Delete
  6. ලස්සනනම ලස්සන කවි පද පෙලක්. ඇඟේ හැමතැනකටම තෙරෙන්න, වදින්න ලියලා තියනවා.

    මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. දැනුන න් වින්ද නම් සතුට ඒකයි මගේ...

      ස්තුතියි ලොකු ජෝන්....

      Delete
  7. තාත්තා එහෙම තමයි හරියට ගෙදරක මහ දොර වාගේ. එහෙමත් නැත්නම් හේනක කුඹුරක දඬුවැටක් වාගේ. කිසිවක් නොකියන, මුනිවත සුරකින, හදවත්නි සිනාවෙන කෙනෙක් තමයි තාත්තා‍

    ReplyDelete
    Replies
    1. හ්ම්...තාත්තලා හරිම පුදුමයි තමා.....

      ස්තුතියි අයියෙ ඇවිත් ගියාට....

      Delete
  8. අම්මා, අප්පච්චී !!!
    අපේ ලෝකයේ වීරවරු !!!

    ReplyDelete
    Replies
    1. ම්...ඒක නම් ඇත්ත මධුරංග....ස්තුතියි ඇවිත් ගියාට අදත්....

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...