Friday, June 15, 2012

_____අම්මා යැයි නැහැ කිසිදින දියණිය කිවුවේ___

සඳවත හීනියට මෝරා නැගෙන විට
ගිනිගෙන දැවෙන නුවරක එක කොනක සිට
යන්තම් සිරුර වැසෙනා රෙදි කැබැල්ලට
උන්නා දැවටිලා බිළිඳිය උණුහුමට....

උදයට දකින අම්මා නැහැ දැක්කේ කිසිදින රෑට
පිය තුම කවුද වග නම් මව්වත් නොදනී හරියකට
දුක සැප බලන්නට නැති වුනි නම් මිත්තනියත් ඇයට
ඇත්තයි ඇයට වෙන්නේ තනියම මහමඟ නිදන්නට....

වත්සුණු තවරගෙන මව් යනවිට හැමදාමත් පාරේ
යන්තම් පෙනෙන දුර බැලුවා ඇය හිස හරවා පාරේ
දවසින් දවස ලොකු වෙන දියණිය උන්නත්  පැදුරේ
හිරිකිත කමින් පිට මං කළෙ දියණිය මව ඇගෙ පාරේ....

වෙනසක් නොපෙන්වා ඇය ඇය දියණිය රැක්කා
නගරයෙ හොදම පාසැලකට දමමින් රැක්කා
මඩ වළෙ පිපෙන සියපත කරනට ඇය රැක්කා
එනමුත් දියණියම ඈ ගැන අපුලෙන් දැක්කා....

දින දින දිරන කය මව් හට නොම දෙයි සැනසීම
රුව නැණ දෙකෙන්
දූ යයි ලෝ පසු පස නොබලාම 
හැකි තරමින්ම දියණිය හට කළමුත් සැපදීම
අම්මේ කියා නැහැ කිවුවේ දියණිය කිසිදාම....

_____________________________________________________දිනිති_______

16 comments:

  1. කවි පංතියනම් ලස්සනයි අක්කි....

    ReplyDelete
    Replies
    1. ස්තුතයි හුගාක්ම.

      Delete
  2. කවි ටික ලස්සනයි දිනිති... !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධුරංග.

      Delete
  3. ලස්සන කවි පන්තියක් ....

    ReplyDelete
    Replies
    1. රොබින් ස්තුතියි හුගාක්ම.

      Delete
  4. හරිම ලස්සන කවි පෙල ..අපුරුයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නිම්ශා.

      Delete
  5. අදත් වෙනසක්...

    ReplyDelete
    Replies
    1. හ්ම්.....පොඩ්ඩක් වෙනස් විදිහකට හිතුවා මල්ලි...

      Delete
  6. කාලෙකට පස්සේ වෙස්ම ආකාරයෙන් හිතලා ලියූ කවක්.

    එහි අරුත නම් දුක්බරයි. මෙහෙමත් දරුවොද හැදුවේ..

    ReplyDelete
    Replies
    1. නැතුවාමත් නෙමෙයිනෙ අයියෙ මෙහෙමත් දරුවො...

      Delete
  7. ලස්සන කවි ටික....!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තොටියෝ...

      Delete
  8. වෙනසක්, හොඳ අර්ථයක්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි පුබුදු.

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...