Tuesday, June 12, 2012

_________උලලේනියේ___________

වැහි සිරි පොදෙත් හීතලටම දැනෙනවද....
රෑ මැද කළුවරට බියපත් වෙනවාද
අතු ඉති වැනෙන සෙවනැලි ඇස වසනවද
මම මෙන් උඹත් උලලේනියෙ අඬනවද....

හිත වට රැක්ක සිතුවිලි දුර ගියාවද
මල් වට බමරු පියඹන බව නොදත්තෙද
උඹ වට රැක්ක දෙවියන් දුර ගියාවද
අද හෙට ඉතින් ඔය හිත ගිනි ගනීවිද......

සැවොලුන් කෑ ගසාගෙන පණිවිඩ ගෙනිච්චද
මේඝය ළගින් එක පාරක් දුක ලියෙව්වද
පවනේ යනෙන වේගයෙ හිත උඹ කියෙව්වද
ඔය සා දුකක් සගවන්නේ පෙම හින්දමද.....

______________________________දිනිති_______

14 comments:

  1. වෙනස් වචන ටිකක් වෙනස් අදහසක්
    ලස්සන කවිපෙළක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පුබුදු.

      Delete
  2. ඇත්තටම පෙම හින්දමද ?

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද රොබින්..

      Delete
  3. //ඔය සා දුකක් සගවන්නේ පෙම හින්දමද...//

    ආදරය වෙනුවෙන් ඕනම දුකක් විඳින්න අවංකවම ආදරේ කරන කෙනෙකුට පුලුවන්....

    ReplyDelete
  4. ඇත්ත..ආදරේ කියන්නේ පරිත්‍යාගයක් ...

    ReplyDelete
  5. ලැබෙන ආදරේට වඩා නොලැබෙන ආදරේ උතුම්ලුනේ..‍ලස්සනයි අක්කි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිතුවිලි දැහැන...

      Delete
  6. ලස්සනයි අක්කේ කවි පෙලනම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියේ..

      Delete
  7. හ්ම්.... තාම හිතනවා මං !!!!

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...