Friday, June 8, 2012

එක්තරා කතාවකි. මසිත් මනසේ ඇදුන.

කැරකෙන රෝදේ පුංචි කරත්තේ
ඉදගත් විට පුතු ගෙන යනු ඇත්තේ
ගිනි මද්දහනක සෙයිලම පැත්තේ
සිගිති දෙපා නම් පිච්චෙනු ඇත්තේ...

යකඩ යකා පිඹගෙන ආ හැන්දෑවේ
වැරදි ලෙසයි සටහන් සංඥා තැබුවේ
දණහිස් පහලම මගෙ අරගෙන දිවුවේ
පුතුනි උඹට කරුමෙයි ඒ ගෙන ආවේ

සිල්ලර කාසිය මිට මොලවාලා
මහතුන් දුන්නත් පිය පුතු බලලා
ඉදහිට ඇසුවත් ඇය කෝ කියලා
නොමදනි ලෝකය ඈ ගියෙ පැනලා....

බැරිබර ගාතෙන් වතුර අදින්නේ
සවි නැති මුත් මා ගත දෝවන්නේ
පාසැල කොහෙදැයි නෑ හදුනන්නේ
මා පුතු එලෙසයි උවටැන් දෙන්නේ....

උරුමය මෙය නම් සසරේ ගෙන ආවේ
මිනිසුනි පුතු ගැනමයි හිත ගිනි ලෑවේ
තැවෙන සිතින් එක පැතුමයි මා පැතුවේ
මෙපින් බලෙන් පුතු ඔබ මතු නම් බුදුවේ...

___________________________දිනිති____

18 comments:

  1. වෙනදා වගේම ලස්සන කවි සිතුවිල්ලක්/

    ReplyDelete
    Replies
    1. වෙනදා වගේම අදත් ස්තුතියි මධුරංග.

      Delete
  2. පැරනි චිත්‍රයට අලුත් අරුතක් . ලස්සනයි

    ReplyDelete
    Replies
    1. හ්ම්..ඔව් නේද...ස්තුතියි ලොකු ජෝන්...

      Delete
  3. උපරිමයි අක්කෝ... එල

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මල්ලියෝ....ඔයාටත් සුභ වේවා..

      Delete
  4. ලස්සන කවියක් අක්කේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියේ...

      Delete
  5. ගොඩාක් ලස්සන කවි පෙළක් ...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි රොබින්.

      Delete
  6. ලස්සනට ත් වැඩිය අපුරු වෙනසක්..

    ReplyDelete
    Replies
    1. හුගාක් ස්තුතියි නිම්ෂා...

      Delete
  7. ලස්සනයි අක්කේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියේ....

      Delete
  8. ලස්සනම ලස්සන වෙනස් කවිකමක්...ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සිතුවිලි දැහැන..

      Delete
  9. දෙපා අහිමි වුණත් පියාට දිරිය පුතෙක්... ලස්සන කවිය

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි අයියේ..

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...