ඉරි තැලිච්ච මහ පොළවට
ඔරවන්නේ හිරු දෙවිදුන්
හේන් කුඹුරු පිච්චෙනවා
හනික එන්න වැහි දෙවිදුනි....
පුංචි දූගේ පාලු කණට
අලුත් අරුංගලය ගන්න
පාලු නොකර මේ කන්නෙත්
හනික එන්න වැහි දෙවිදුනි....
පඩුරු පාක්කුඩම් බැන්දා
ඔඛේ නමට දවස ගානෙ
බිරිද දැකපු හීන නොමකා
හනික එන්න වැහි දෙවිදුනි....
දවස් ගනන් ගත වෙහෙසා
මා හෙලාපු දුක් කන්දට
හිනා නොවී හැකි විගසින්
හනික එන්න වැහි දෙවිදුනි....
ස්වභාවධර්මය පවා ගොඩක් වෙලාවට අසරණ කරන්නෙ අසරණයින්මයි.
ReplyDeleteසවේදී සටහනක්.
niyama akuru kiriimak
ReplyDeleteඅපි කාටවත් ස්වභාව ධර්මයට එරෙහි වෙන්න බෑ....ස්තූතියි ඔයාලට යාලුවනේ....
ReplyDelete