Thursday, April 22, 2010

හනික එන්න වැහි දෙවිදුනි....


ඉරි තැලිච්ච මහ පොළවට
ඔරවන්නේ හිරු දෙවිදුන්
හේන් කුඹුරු පිච්චෙනවා
හනික එන්න වැහි දෙවිදුනි....

පුංචි දූගේ පාලු කණට
අලුත් අරුංගලය ගන්න
පාලු නොකර මේ කන්නෙත්
හනික එන්න වැහි දෙවිදුනි....

පඩුරු පාක්කුඩම් බැන්දා
ඔඛේ නමට දවස ගානෙ
බිරිද දැකපු හීන නොමකා
හනික එන්න වැහි දෙවිදුනි....

දවස් ගනන් ගත වෙහෙසා
මා හෙලාපු දුක් කන්දට
හිනා නොවී හැකි විගසින්
හනික එන්න වැහි දෙවිදුනි....

3 comments:

  1. ස්වභාවධර්මය පවා ගොඩක් වෙලාවට අසරණ කරන්නෙ අසරණයින්මයි.
    සවේදී සටහනක්.

    ReplyDelete
  2. අපි කාටවත් ස්වභාව ධර්මයට එරෙහි වෙන්න බෑ....ස්තූතියි ඔයාලට යාලුවනේ....

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...