Thursday, June 27, 2013

හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වදී

ඉක්මනට යන් ඉතින් ..දැන් නහයෙන් අඩ අඩ නේද ඉදියෙ...
බෑ මට රටකජු අරන් දීල හිටියොත් එනව..
ඔව් ඒ ගමන බස් එක පරක්කු වුනා කියනවකො..

හරි හරි මට රටකජු ගේන්නකො..
ගේන්නම් එතකන් බස් එකට නැගල ඉඳගෙන ඉන්නකො...
ඕකේ සර්...මෙන්න නැග්ග..
මැන්ටලේ..ඒ පාර සර් කියනව..ඇත්තමයි මේකි..ඉන්නව අල්ල ගන්නම්කො..
  හාකො..
____________________________________
" හිටියොත් හොඳට හැදී..දෙවියොත් නමට වදී..."
කෝ..කවුද කියන්නෙ...
කවුරුත් කියන්නෙ නැහැ..අර අතන බස් එකේ ඉස්සරහ ඩ්‍රයිවර් සීට් එකට උඩින් ගහල තියෙන්නෙ..
ඉතින් ඕව කියව කියව යන්නද මාවත් එක්කන් ආවෙ...දෙනව මට රටකජු ටික...
මැට්ටි..ඒව කියව කියව යන්න නෙමෙයි...
ඒ වුනාට බලන්නකො කී දාහක් මේ බස් එකට එනව යනව ඇද්ද..කොච්චර ඇස් සංඛ්‍යාවක් දකිනව ඇද්ද..
හයියෝ..දැන් මෙයාට ගණිත ප්‍රශ්ණ...
ගණිත ප්‍රශ්න නෙමෙයි මෝඩියෙ...අපි එක් කෙනෙක් හරි හරියට කල්පනාවෙන් හිතුවොත් නොදැනුවත්වම යහපත් දෙයක් නේද අපිට කියන්නෙ...
අනේ..මේ ඔන්න වැන්දා...අද නම් බණ මට එපා....
බණ නෙමෙයි පිස්සියෙ..හැමදාම වගේ ආදරේට මං මේව කියල දෙන්නෙ...
අනේ ඔයාගෙ ආදරේ...ඔයිට වඩා කොච්චර දේවල් තියෙනවද කියවන්න...
ආදරෙයි ආදරෙයි කිය කියා හිස් දේවල් වරු ගණන් කියවනවට වැඩිය ඔයාටයි මටයි දෙන්නටම වටින දේවල් කතා කලහම හරිම සුන්දරයි නේද...
මං දන්න සුන්දරයක් නැහැ..මං යනව යන්න...
යන්න නම් ආවෙ මොකටද ....
කවුද එන්න කිවුවෙ..
ඇයි ඉතින් නහයෙන් හොටු පෙර පෙර අඩද්දි එන්න නොකිය ඉන්න පුලුවන්ද..
ඇත්තමයි මං දැන් ඔයාට ගහනව...
ගහල හරි කමක් නැහැ මං කියන දේ අහන්නකො ඉතින්..පිස්සි...
පිස්සියන්ට ඕව තේරෙන්නෙ නැහැ....
තේරෙන්න කියල දෙන්න මං දන්නව..කෝ අහනවකො ඉතින්..
හයියෝ..ඔයා නම් මහ නරකයි....මට එපා ඔයාව..
එපාම කියයි..මං දන්නෙ නැද්ද මේ මෝඩිව...
යනව යන්න...
ඔව් පණ්ඩිතය වගේ යනව යන්න කියනව. මං යන්නෙ නැති බව දන්න නිසා...අනේ ඇත්තමයි මේකි නම් මැන්ටලයක්ම තමා......කොහෙන් ආවද මන්දා මං ගාවට..
හරි හරි දැන් කියන්නකො..මහ ලොකු දේ..
මහ ලොකු දෙයක් නෙමෙයි රත්තරං...පුංචි පුංචි දේ තුල තමයි අපිවත් නොහිතන ලොකු දේවල් තියෙන්නෙ.
අපි හැමවෙලේම යහපත් දේ කරන්න කියන්න පුරුදු වෙන්න ඕනි. විහිළුවටවත් බොරුවක් කියන්න නරකයි. මං දන්නව එහෙම නොකර ඉන්න බැහැ..
අයියෝ ඔව්...මම නම් අනන්ත බොරු කියනව..
ඔය මැදින් පනින් නැතුව අහගෙන ඉන්නවකො...
සමහරවෙලාවට නොදැනුවත්වම අපි අතින් කී දෙනෙක්ගෙ හිත් රිදෙන දේ කියවෙනවද..දැන් බලන්න ඔයා..මගෙ හිත රිදුණට කමක් නැහැ..මං දන්නවනෙ මේ පිස්සිගෙ හැටි...ඒත් වෙන කෙනෙක්ට අපි කටින් වචනයක් පිට කරන්න හදනකොට ඒ ගැන දෙතුන් පාරක් හිතන්නම ඕනි. කිවුව දෙයක් ගන්න බැහැ වගේම රිදුණ හිතක් හදන්න බැහැ...
අනේ මං ඕව දන්නව..හැමතැනම ඕවගෙ ඒව අහනව...
ඇහුවට අපේ මිනිස්සු පිළිපදින්නෙ නැහැ නේද මැණික..අද රුපවාහිනියෙ ..රේඩියෝ එකේ කොච්චර මේවගේ දේවල් කියල දෙනවද...ඒත් ස්ටයිල් එකට අපි අරක අහනව..මේ වැඩසටහන අහනව කියල කියවනව විතරයි නේද...ඒ මොහොතෙ ඇහුව ..ඉවරයි නේද...මම කියන්නෙ මේව ප්‍රායෝගිකව එකතු කරගන්න මිනිස්සු උත්සහ කරන්නෙ නැහැ.. හරිම කම්මැලියි..ඒ කම්මැලිකමම අපිව දුර්වල පුද්ගලයින් කරනව.
ඔයා හොදයි පන්සලකට යන්න..මහණ වෙලා බණ කියන්න..
ඇත්තමයි දැන් මං මේකිට ගහනවා...ගහනවාමයි...
හයියෝ මට මේව එපා...
එපා දේමයි කියන්නෙ..මෝඩි...හිතනව ගිරවු වගේ දවසට කි පාරක් අපි පන්සිල් ගන්නවද...ඒත් අඩුගානෙ පන්සිල් පද පහේ තේරුම හිතට අරන් ඒක රකින්නවත් බැහැ නේද...
මට බැහැ තමා පන්සිල් පද පහම රකින්න...මං බොරු කියනවනෙ..හු ..හු...
ඒක තමයි මං කිවුවෙ..හැම වෙලේම ධාර්මිකව ජිවත්වෙන්න ඕනි පැටියො අපි..අපිට අනුන්ට කිය කියා යන්න බැහැ..ඒත් තමන්ගෙ අයට කියල දෙන්න පුලුවන්...හැමදාම වගේ මිනිස්සු බලා ඉන්නෙ වරදිනකම් අපිට...අපි හොදින් ජිවත්වෙනවට මිනිස්සු ඉරිසියයි. කුහකයි..අපිත් වැරදි වැඩ කර කර සමාජෙ ඉන්නව නම් හැමෝම හරිම ආදරෙන් හරි බොළද වචන දදා අපිට කතා කර ලංවෙලා ඉන්නව...එහෙම අයව තේරුම් ගන්න තරම් අපි දැනුවත් වෙන්න ඕනි පැටියො...
අනේ මට නම් තේරෙනිනෙ නැහැ...මං රැවටෙනව ටක් ගාල....
ඒ රැවටීම නෙමෙයි මෝඩි..හොද වැඩිකම..ඒත් සමාජෙ මිනිස්සු...මිනිසුන් දාහක් ආශ්‍රය කලොත් චරිත දාහක් රඟපාන්නෙ...අපිට එහෙම වෙන්න බැහැ..වෙන්නත් හොඳ නැහැ...අපි කොයි තැනදිත්...කාටත් එකම විදිහට ඉන්න ඕනි...අපි අපි තනි තනිව ගුණ ගරුකව ධාර්මික ජිවත්වෙන්න පුරුදු වෙන්න ඕනි...නිවැරදි ධර්මානුධර්ම ප්‍රතිපත්තියකට හිටියහම දෙවියොත් වදිනව...තේරෙණවද...
ම්...තේරෙනව...
ආහ් තේරුණාද මයෙ ඉබ්බිට...
අනේ යනව යන්න..ඉබ්බා...
මෝඩි....
මේ ටැන්කිවු හොදේ...
ඇහ් මාලු එපාද....
මාලු මොකටද....
ඇයි මෝඩියෙ ටැන්කිය ගැන කිවුවෙ...
ඇත්තමයි මෙයා නම් මහ මොකෙක්ද මන්දා...
මොකෙක් වුනත් ඔයාට ආදරෙයිනෙ සුදු...
හපොයි ඔව් මං ඒක දන්නව...
දන්නව නම් එනව යන්න..බහින තැනටත් ආව...
හරියෝ....මෙයාගෙ පස්සෙන් නෑවිත් කොහේ යන්නද මං...
පිස්සි මගෙ...

4 comments:

  1. මොනතරම් සුන්දරයිද.
    එත් මෙහෙම ඉදලා වෙන්උනහම දුකයි නේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්..ඒකනෙ සුළග....

      Delete
  2. කතාව දෝලාවෙන් ගමන පයින් කියන කියමනත් මට මතක් වුණා මේ ලිපිය කියවන විට. දිනිති අර හැම බ්ලොගකම වගේ ඇනෝ කමෙන්ටුවක් දාගන යන්නේ කවුද? එය දමන්නේ ඔබ බව ඇගවීමක්ද කෙරෙනවා. ඒ නිසයි කිව්වේ.
    මම samakayawate නලින්

    ReplyDelete
    Replies
    1. කොන්ද පණ නැති අධම රැලකගෙ ක්‍රියාවක් නලින්. මම බාරගන්නෙ නැති නිසා ඒව ආපහු ඒ අයටම යාවි. තම තමන් කරන දේ තම තමන් ගෙනියාවි.. මම දෙයක් කරනව නම් කියනව නම් මගේ නමින් කරන කියන බව මාව දන්න අය දන්නව.

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...