හෙමින් හෙමින් එබිකම් කරමින්
එරබොදු මල් ඇවිදින්
වරෙන් වරෙන් නෑ ගම් යන්නන්
කොවුල් ගීත ස්වරයන්...
සොබා දහමේ අපූර්වතම අසිරිය මවා පාන්නෙ වසන්ත සෘතුවයි. සිරිලක් වැසි සියල්ලන්ටම එය අප්‍රේල් සහ මැයි මාසයෙහි බව පිළිගැනේ. සිංහල මාස ක්‍රමයේ භාග්‍යවන්ත මාසය හෙවත් බක් මාසය මහ කන්නයේ අස්වනු කපා කොටා අටු කොටු සිනා නගද්දී දනන් ප්‍රීතියෙන් ඉපිළෙයි. එකී ජනයාට මඳක් වෙහෙස නිවාගන්නට කියමින් විහඟුන්ද ගීත කියමින් පිපී වැනෙන මල් වටා යමින් රොන් උරමින් වසන්ත සෘතුවේ සතුට භුක්ති විඳිති. කෘෂිකාර්මික ජීවනෝපයකට උරුමකම් කියන අපි බක් මාසය සැණකෙලි සිරි විඳගන්නට සුදානම් වෙයි.
දුර අතීතයෙත් පණ්ඩුකාභය රජු චිත්තරාජ යක්ෂයා සමඟ සම අසුන් ගෙන නැකැත් කෙළි නැරුඹුවා යැයි අපේ ඉතිහාසයේ මහාවංශයේ සඳහන් වේ. රොබට් නොක්ස් නම් විජාතිකයා නුවර යුගයේ රජවරු අවුරුදු උත්සවය ඉහළින්ම සැමරූ බවටද සඳහන් කරයි. රජයේ නැකැත්රාල, මුහන්දිරම් ආදිය ලහි ලහියේ මූලික වැඩ සුදානම් කරමින් ද නැකතියා නානු දියර සකසමින් නාථ දේවලායේ සීල් තබා සුරක්ෂිතව තබමින්ද කටයුතු කළ බවට වැඩිදුර සඳහන්වේ. මේ සියල්ලගෙන්ම පසක් වන්නේ අප්‍රේල් මාසය අප ඉතාමත් සංතෘෂ්ඨියෙන් සැමරූ බව නොවෙද..?
කෝණ තහංචි දමමින් සංස්කෘතියෙන් එන රීතීන් පිළිපඳිමින් ලොව හසුරුවන ප්‍රධාන බලවේගය වූ හිරුගේ ගමන් මගේ නව සංක්‍රමණයට පූජෝපාහාර කරන්නට මෙය අවස්ථාවක් කරගත්තා යැයි කීවොත් වඩා යෝග්‍ය යැයි මට සිතේ. පුරා දින 365 ක වෙහෙසකර ගමන් මඟ නිමා කරමින් මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණෙන ඒ අලුත් ගමනාරම්භය ආසියාතික අප කළගුණ දක්වමින් සැමරීම කොයිතරම් නම් අපූරුද.
එදා සිට අද දක්වා සිංහල ජන සමාජය දෙස විමසිලිමත්ව සුපරික්ෂාවෙන් බැලුවිට අපට පෙනෙන විශේෂත්වය නම් සමූහිකත්වය මුල් කොටගෙන සමාජයේ සිරිත් විරිත් ක්රිටයාවට නංවා ඇති බවයි. හරවත් ධර්මතාවයන් සමඟින් සාරධර්මයන් රැකෙන්නේද මේ සිරිත් විරිත් නිසාමය. අළුතින් ලබා ගන්නා අස්වැන්නෙන් අලුත් සහල් මංගල්‍යය පවත්වා වැව ළඟ සංහිඳේ කිරි උතුරවා දැකුම් දිය යුත්තන්ට දැකුම් දී සුදානම් වෙන ප්‍රීතිමත් සමය මොනතරම් සුන්දර ජනකද?
අසල්වැසි හිත මිත්‍රාදීන්ද සමඟින් මොනයම් හෝ හිත් නොහොදක් ඇති නම් ඒ සියල්ලද අමතක කරමින් මිත්‍රත්වයේ දෑත දිගුකරමින් ඇරඹෙන නව ගමන් මඟ අපේ සංස්කෘතියේ ප්‍රබෝධමත් කාලයක්වේ. නිවෙස් තුළ පංච දැමීමෙන්, ඔංචිල්ලා පැදීමෙන්, බක්මහ සැණකෙලි සංවිධානය කරමින් ලොව කවුරුත් මවිත කළ ජාතියක් වූ අප එකම මොහොතක එකම විදිහේ ආහාර අනුභව කළහ. අපටම පමණක් ආවේණික කෑම බීම වලින් ලොව මවිත කළහ. කුස රජුගේ මුහුණ සිහි ගන්වන කැවුමේ වුවත් වර්ග 7 සැදූහ. ඒ අතර මුං කැවුම් , නාරං කැවුම්, කොණ්ඩ කැවුම් ප්‍රධානය. ඔබට මට අතීතයට දිව යන්නට හැකි නම් ඒ කාලය ලොබ කමින් හදවතින්ම බදා වැළඳගන්නවා නොඅනුමානය.
පරම්පරා ගැටුමක් ඇති වන බව අනිවාර්යය. සංස්කෘතියද විවිධ වකවානුවල වෙනස් වෙන අවස්ථා ඇත. එහෙත් සියල්ල වානිජකරණය වූ තැන සමඟිය, මිත්‍රත්වය, සහයෝගිත්වය අපෙන් දුරට යන බව අපිවත් දන්නවාදැයි සැක සහිතය. මුදලට කෝකත් කරන්න පුලුවන් යැයි සිතන බොහෝ දෙනාගෙන් මට අසන්නට ඇත්තෙ ගෙදර ලිප ළග වාඩිවී තෙල් හැන්දක් කූරක් අතේ තියන් කොකිස් අච්චුවක් සුදුම සුදු පිටි දියරකට ඔබ එය රත්වෙච්ච තෙල් තාච්චියේ බුබුළු දමා රන්වන් පැහැවෙද්දි දරුවන් වටවෙලා ඒ දෙස නඟන සිනහ ඔබ විඳ ඇද්ද? දෙමාපිය වැඩිහිටියන් මගේ දුවට යමක් හදාගන්න පුලුවන් යැයි කියමින් උදම් අනනවා ඇසෙන එක ඔබ විඳ ඇද්ද? යන්නය.
මිනිසා ආර්ථික භාණ්ඩයක් වී මනුස්සකම විකුණා ඇත. කඩේට දුව ගොස් කේක් ගෙඩියක් බිස්කට් ටිකක් ගෙනත් දී මේ වසන්ත සමයේද දරුවන් රවටති. ගහකොළ සතා සිවුපා ඇළ දොළ ගංඟාද සමරන වසන්තය අද බොහෝ මිනිසුන්ට අමතක වී ඇත. එක හැළියේ බත් කා අනෙකාට ද්‍රෝහිවන මානසිකත්වයක් අද බොහෝ දෙනෙක් ළඟ ඇත.
මේ උදාවන අලුත් අවුරුද්දේවත් ජිවිතයෙ සැබෑ මිහිර විඳින්නට ඔබට හැකි නම් ඔබට සැබෑවටම වසන්ත සැණකෙලියක තෘප්තිමත්ම මිනිසෙකු වෙනවා ඇතැයිමට සිතේ.
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
හැමදෙයක්ම වාණිජකරනය වුනාම ඔහොම තමා අක්කේ.. මේක තවත් එක සැමරුමක් විතරක්ම වෙලා.. තව ඉස්සරහට ඉතින් මොනවා වෙයිද දන්නේ නෑ..
ReplyDeleteඅනේ මන්දා මල්ලි. අපේ මිනිස්සුන්ට අපේ දේවල් අමතකම වෙලා යයිද කියල මට හිතෙන්නෙ.
Deleteඑක දවසකට හරි මෙහෙම එක්වීම කොච්චර වටිනවද? දුවලා දෙන්නා තවම අවිවාහක වුනත් යම් දිනක ඔවුන් අපි හැරදා ගොස් අපිව බලන්න එනතුරු බලා ඉන්න වෙනවා නේද කියා හිතෙනකොට සිංහල අවුරුද්ද කියන්නේ විශේෂ දිරි දීමනාවක්. රැකියාවෙන් නිවාඩු ගෙන හෙට හෝ අනිද්දා ඔවුන් ගෙදර එනතුරු අපි දෙන්නා මග බලමින් ඉන්නේ.
ReplyDeleteඇත්ත විචාරක. ඒත් අර ඉස්සර වගේ වෙනවනම් අපි අපි බැදීම් තව වැඩිවෙනව නේද...
Deleteහැමදේම වාණිජකරණය වෙලා දිනිති....
ReplyDeleteඇත්තටම ඔව් මධුරංග..
Deleteකොහොම උනත් මේ වගේ දෙයක් තියෙන්නම ඕන...
ReplyDeleteඒකනෙ දේශකයට විතරයි තේරුණේ.
Deleteදැන් නම් ඉතිං ඕවා මිනිස්සු දන්නෙත් නැහැ, දන්නවා උනත් එක්කො කරන්න වෙලාවක් නැහැ, නැත්තම් සල්ලි නැහැ :(
ReplyDeleteඅනේ මන්දා නංගා....
Delete