Thursday, August 15, 2013

සොයනු කුමකටද...

අතරමං හිතක ලතැවිල්ල
නතර නොවෙනා වැලපිල්ල
කතර දුර වුනත් කියවිල්ල
අතර මැද ඇතිය ඇරඹිල්ල...

කවියකට කවියක් සමකළ හැකිද
හදවතක හැගුම් මිල කරණු කුමටද
කුලියකට ගන්න බැරි කමද
කවි හිතක ඇති ගැඹුර දැක්කද...

ඉස්සිලා හසරැල්ල නගන විට
ඇලවෙලා ඇලපිළි දමනකොට
වැරදිලා ලියවුනා කියා කුමකට
කවිවෙලා කවි හිත් පිපෙනකොට...

හඳිස්සියෙ අවදි වුන කුරුල්ලෙක්
තටු ගසා අසන විට රංචුවක්
හිස් අහසෙ ඇවිද යන සිතුවිල්ලක්
වගෙයි ජීවිතෙ තනිකම බරක්

සිසිරයට එන්න යැයි නොකිවුවට
හැමදාම වසන්තය කෝ ඔබට මට
තනිකමට ගසක මල්ඵල හැදුණාට
අයිති නැති හැටි දැක්කාද ගසකට...

ඇල් මැරුණ තැන් හමුවුණත්
ඔප දැමූ කවියක ඇසෙයි වෙණ නද
පිස දමා නිදහස්ව කොනින් කොන
විඳින්නට හැකිය කවි දන්නවද ....

නිදි නැතිව බලා ඉන්නා රාත්‍රියකට
කවි කතා බිම වැටෙයි නොකියාම
සඳ කිණිති එක දෙක හැපි හැපී තිබුණාට
අසන්නට එපා හදවත රිදෙයි හොඳටෝම....

අහුමුළු වලින් එබිකම් කරන විට හඳිස්සිය
මඟහැරෙන තැන් අනන්තය මේ විශ්වයෙම
හැව ඇරල ඉස්මොළ ඇතුළෙ පිරිසිඳුව
බලනු මැන කවියෙක් සොයා යනු කුමකටද.....

2 comments:

  1. නිදි නැතිව බලා ඉන්නා රාත්‍රියකට
    කවි කතා බිම වැටෙයි නොකියාම
    සඳ කිණිති එක දෙක හැපි හැපී තිබුණාට
    අසන්නට එපා හදවත රිදෙයි හොඳටෝම...

    ලස්සන කොටසක්. සැබැවින්ම නිර්මානාත්මකයි. ජනකවියේ සමහර ලක්ෂන වගේම නූතන කවිසම්ප්‍රදායත් දකින්න පුළුවන් කවියක්

    ReplyDelete
    Replies
    1. මාත් ඒ කෑල්ල ගන්න දොඩන්න හිතං නේ ආවේ. දැං ඉතිං නිකං ම යනවා. දයා දෙසාබාලානේ..

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.