Tuesday, May 6, 2014

හිතන්න...ඔබට බාරයි.

ජීවිතය කියන්නෙ නවාතැනක්..සංසාරෙ කියන්නෙ ගමනක්.. මේ ගමන යනවිට අපි විවිධ විෂම විපර්යාසයන් මැද ඉපදීම, ඇවිදීම, මිය යෑම ආයෙමත් ඉපදීම ලෙස නානප්‍රකාර ලෙස යන්නෙමු. කොහේ හෝ සංධිස්ථානයක ගැලපුමක් ලෙස මේ මනුසත් ලොව උපත ලබා ඇත. එහි ඇරඹුමේ සිට අවසන දක්වා වැඩෙමින්ද, වැටෙමින්ද අප යන්නෙමු. හමුවෙන, ලැබෙන,දැනෙන, වැරදෙන, හරියන මේ කෝකත් හිමි අහිමි කම යැයි බොහෝ දෙනා කියන ඇත. එහෙත් හිමි අහිමි කමටද හඬක් නඟන්නට අයිතියක් ඇද්දැයි දැන් මට සිතෙන වාර අනන්තය. එය ඔබටත් එසේම යැයි මා සිතමි.


මා මේ කියන්න යන්නේ සොඳුරු සෞන්දර්යාත්මක පැතිකඩක් නොව. අඳුරු දුක්බර යථාර්ථයක කැඩපතකි. මා උදාහරණයට මා ගනිමි. මගේ අම්මා කෙසේ හෝ මාසෙ මුලදීම පාසැල් යෑම සඳහා මට මාසික වාර ප්‍රවේශ පත්‍රය ( සීසන් එක ) අරන් දෙමි. එය නොපිරිහෙලා පුරා වසර 12 ක් ඈ අතින් සිදු විය. ඉඳින් කුසට අහරක් වැටුණද නොවැටුණද මගේ පාසැල් ගමන ස්ථිරය. අසනීපයක් නැහැදුනා නම් එය අනිවාර්යය. අපේ භාෂාවෙන් කිවුවොත් බුදු ෂුවර්ය. පයට සපත්තු දෙකක් සෙරෙප්පු දෙකක් තිබුණා නැතා දෙවියනේ කියා අපේ පාසැලේ ගේට්ටුව අපිට විවෘතය. උදෑසන රැස්වීමේදි අනන්තවත් මහ පොළව මහපට ඇඟිල්ලෙන් හාර හාරා උන්නු අවස්ථා අපමණය. එය ආපසු හැරි බලද්දී සිනහ යන්නේය. නිදහස් අධ්‍යාපනයේ පියාට පින්සිදු වන්නට අච්චු පොත් ටික නිළ ඇඳුම ලැබෙද්දී අකුරු කරන සිහිනය අපට සිහිනයක් නොවුණි. හැක වෙර යොදා දුප්පත් මව් පියන් වෙහෙස ගත්තේ තමන් නොදැකපු ලෝකයට තම දරුවන් ඔසවා තබන්නටය. ඒවා සාර්ථක විය. ඒ අහිංසක දුප්පත් අම්මලා තාත්තලා සිනහ විය. සතුටු විය. ඒ ඔවුන්ගේ දරුවන් සිප් කිරි බී නැණැති දනන් වී සමාජගත වන හන්දා.



එහෙත් අද අපේ රටේ නිදහස් අධ්‍යපනයක් ඇද්දැයි මට සිතේ. එය හුදෙක් ව්‍යාපාරයක් බව නොකියාම බැරිය. ජනාකීර්ණ කොළඹ සහ නගර අපි අපමතක කරමු. එහෙත් ඈත දුර හම්බන්තොට වැනි ප්‍රදේශයක දුප්පත් අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට තම දරුවාට අකුරු ඉගැන්වීම අද සිහිනයක් වී හමාරය. මෙවැනි තත්වයක සිට එම දෙමාපියන්ගේ දරුවන් සමාජයට එද්දී මොනතරම් විපර්යාසයන් අනාගතයේදී වේදැයි මට සැක සිතේ.



මේ හොඳම සත්‍ය සිද්දියකි. දරුවා තුන්වන වසරේ ඉගෙනුම ලබයි. ඔහුට තිබෙන එකම සපත්තු දෙක දැන් දාන්නට බැරිය. ඒ පුංචි කකුල් තරමක් දික් වී ඇති නිසා. අම්මාට සපත්තු දෙකක් අරන් දෙන්නට බැරිය. හරියට කන්න නැතිව ඉන්න හිටින තැනත් මහ වැස්සට ගංගාවක් සේ වතුර පිරෙද්දී අර අම්මාට අලුත් සපත්තු දෙකක් අරන් දෙන්නට හැකියාවක් නැත. " අනේ අම්මෙ බනින්න එපා. මට මේ සපත්තු දෙක දාගෙන යන්න බැහැ. මේ මගෙ චුටි ඇඟිල්ල බලන්න. රිදෙනව." දරුවා දිය පට්ට ඇවිති ඇති කකුළ් දෙකම තම මවට පවසමින් පවසා ඇත. එහෙනම් පුතා හෙට සෙරෙප්පු දෙක දාගෙන යන්න කියා අම්මා පවසා ඇත. පහුවදා සෙරෙප්පු දෙක දාගෙන ගිය පුතුට පන්තියේ ගුරුවරිය සෙරෙප්පු දාගෙන එන්නට එපා කියා ඇත. පසු දිනත් දරුවා එසේ ගිය විට අම්මාට එන්න කියා ඇත පාසැලෙන්.. අම්මා කාරණය දන්නේය. එහෙත් ඇයට කරන්න දෙයක් නැත. අවසන ඇය දරුවාට පවසා ඇත්තෙ පුතේ ඔය සපත්තු දෙක අමාරු වුනත් දාගෙන යන්න. මයෙ පුතා පන්තියෙදි සපත්තු දෙක ගලවගෙන ඉන්න. මිස්ට කියන්න අම්මට සපත්තු දෙකක් අරන් දෙන්න විදිහක් නැහැ කියල. මෙහෙම මේ සිද්දිය වෙද්දි අහම්බෙන් මා ඒ මවට දුරකථනයෙන් කතා කලෙමි. ඒ මා ඇයට කාලයක් තිස්සේ උදව් උපකාර කරන බැවිනි. සිද්ධිය පැවසූ විට අවශ්‍ය සපත්තු දෙක මිළදී ගැනීමට මා මුදල් යොමු කලෙමි.



ඉන්පසු නැවත සතියකින් පසු මම එම මවට කතා කළෙමි. ඒ දරුවා දැන් සතුටෙන් පසැල් යනවද කියා අසන්නටය. අනේ අද දරුව පාසැල් ගියෙ නැහැ. ඒ මොකද කියා මා ඇසු විට ඉස්කෝලෙන් රුපියල් දෙසීයක් ගෙනෙන්න කියල. මේ වහිනව මෙහෙ හොදටම. දරුවව මම වෙන ගෙදරකට පිටත් කරල යවල තෙමෙන ගේ ඇතුලෙ මං ඉන්නෙ. ඊයෙ රැ ඉදන් උයාගෙන කෑවෙ නැහැ. උයන්න දේකුත් නැහැ. මුළු ගේම ගංවතුර වගේ..මැටි බිත්තිය දැන් වැටෙයි කියන බයකින් ඉන්නෙ. ඈ පැවසුවේ මෙයට සමාන වඳන්ය. ඉකි ගස ගසා හූ කිය තියා ඇයි මටම මෙහෙම වෙන්නෙ කිය කියා ඈ පැවසූ දේ අසා සිටින්නට මගෙ හදවත වාරු නැහැ. එහෙත් මා ඇයට කිවුවෙ අඩන්න එපා. ජිවත්වෙන්න තියෙන හයිය දියවෙලා යනව. කොහොම හරි ජිවිතේට මුහුණ දෙන්න කියාය.



ඉතින් මම අසන්නේ මෙයයි...



සපත්තු දෙක දාන්න බැහැ දරුවගෙ කකුළ ලොකු නිසා දිය පට්ට එනව. සෙරෙප්පු දෙක දාල යැවුවම දරුවගෙ අම්මව ඉස්කෝලෙට ගෙන්වනව. ප්‍රින්සිපල් ලගට දරුවව ගෙන්නල තරවටු කරවනව. ඊලග දවසෙ දරුව බැනුම් අහන්න බැරි නිසා ඉස්කෝලෙ යන්න බැහැ කියනව.



ඊට පස්සෙ හැමදාම රුපියල් පනහයි, විස්සයි , සීයයි, දෙසීයයි අරක මේක. සතියෙ දවස් පහට මොනව හරි පස් දෙයක් තියෙනව. . ඉන්න ගේ දණක් වතුර පිරෙද්දි දරුවගෙ ඉස්කෝලෙන් රුපියල් දෙසියක් ඉල්ලද්දි ඒ අම්මගෙ තත්වය කොහොම ඇද්ද...



ඇයි අද දරුවෙක්ට නිදහස් අධ්‍යපනය ලබාගන්න අවස්ථාවක් නැත්තෙ... මෙහෙම බිස්නස් මට්ටමට අධ්‍යාපනය වැටුනෙ ඇයි...හැමදේම යමක් කමක් තියෙන මිනිස්සුන්ට විතරමද.. ලෝකෙට කෑගසා කියන ආශ්චර්යය මෙයමද.. ලෝක තරුණ සමුළුව හම්බන්තොට පවත්වද්දි හම්බන්තොටම අනාගතයෙ තරුණයෙක් වෙන්න ඉන්න දරුවෙක්ට උරුමය වී තියෙන්නෙ මේකද...? හිතන්න ඔබට බාරයි. 

12 comments:

  1. අපිට හිතෙන හැම දේකටම ලොකු දෙයක් කරන්න තරම් ශක්තියක් නෑනේ අක්කෝ.. අපි කරන්නේ හිතලා හිතලා නතරවෙන එක විතරයි.. මේකත් අන්න එහෙමමයි..

    ReplyDelete
    Replies
    1. නෑ මල්ලියෙ අපිට පුලුවන් ලිවීම හරහා සමාජය මේ සදහා හිතන්න යොමු කරන්න. එහෙම වෙලා දවසක ඒකෙන් ලොකු වෙනසක් ඇති කරන්න.. :-)

      Delete
  2. අද නං පොඩි ව්‍යාකරණ දෝශ කීපයක් දැක්කො....

    අනේ මංද ආදායම් බෙදීමේ විශමතාව කියන්නෙ ්ඕකට නෙවද...??? හුගක් පොඩි වුං ඉස්කෝලනොයන්නෙ ඔය වගේ ප්‍රශ්න හිංද... හුගක් ගුරුවර් මානුෂිකව හිතනව නං ඔහොම ප්‍රශ්න එන්නෙ නෑ... නේද...
    මට මතක් වෙන්නෙම අර සෙරෙප්පු මාලෙ... ඇත්තටම ගුරුවරු කියන්නෙ සංවේදී ප්‍රවර්ගයක්... ඒ අය දරුණු වීම සමස්ත ශිෂ්‍ය ප්‍රජාවටම වැරදි ආදර්ශයක දෙනව

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලියෙ. මං හඳිස්සියට සහ හිතේ ආවේගයට ලිවුව දෙයක් මේ. අනික සිංහල භාවිත ටිකක් අඩු නිසා සමහර අවස්ථාවලදි වැරදි වෙනව.

      දැන් ඉස්සර වගේ ගුරු දෙවිවරු නැහැ මල්ලියෙ.

      Delete
  3. ඇත්ත තිත්තයි කටුකයි. කිට්ටු වෙන්න බයයි..

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්.. ඒකනෙ දේශකයො.

      Delete
  4. ඇත්ත.. මිනිස්සු ඒ ටික තේරුම් ගන්නේ නැති එකේ වැරැද්ද

    ReplyDelete
    Replies
    1. අපේ මිනිස්සුන්ට මොන දේද හරියට තේරුම් යන්නෙ මධුරංග..

      Delete
  5. මොන දේටද අනේ නිදහසක් තියෙන්නේ

    ReplyDelete
  6. හොද ප්‍රවේශයක්!මෙහි තවත් පැත්තක් තියෙනවා දිනිති.ළමයින්ව පාසල් යැවීම කියන කියන කාරණය තීරණය වෙන්නෙ ආර්ථිකය පදනම් කර ගෙනම නෙමෙයි.එහෙම වෙන අවස්ථි වගේම පාසල කියන දේ ද්වීතියික කොට සිතන මානසිකත්වයක් තියෙනවා.බෝඩ් එකක් කියවන්න ඉගෙන ගත්තම ඇති අපි කොහෙද ලෝකය අල්ලන්නනෙ වැනි මානසික තත්ත්වයෙන් වැඩ කරන්න දෙමව්පියන් අදටත් මේ රටේ ඉන්නවා.කොළඹ නාගරික ප්‍රදේශය ගත්තම ඔළුව නැතුව කදයි සල්ලියි තියෙන දෙමව්පියන්ට ඕනි දරුවාගෙ භාහිර කැපී පෙනීම හදා ගන්න.ලස්සනය පාසල් යන්න කැන්ටිමෙන් කන්න අනිත් අයට නොදෙවෙනි ලෙස මේ වගේ තත්ත්වයන් අනන්තවත් මම දැකල තියෙනවා.රුපියල් දහස් ගණනක් කෑමට ඇදුම් පැළදුම් වලට වියදම් කරන අය පාසලෙන් රුපියල් 50 ක් ඉල්ලුවම ඒක දෙන්න ඇඹරෙනවා.මේකත් ඇත්තක්.ඇයි ඒ කියන කාරණයයි සාකච්ඡා කරන්න ඕනි .රජයේ අධ්‍යාපනික කප්පාදුව වගේම අපි දරුවන්ට වැඩිපුර ළමා කාලය වෙනුවෙන් සම්පාදනය කළ යුත්තේ කුමක්ද කියන එකත් මෙහිදි වැදගත්.
    පැටලිල්ල තියෙන්නේ මෙතන.සමාජය දේශපාලනිකව හසුරුවන්නේ හරසුන් පෙදෙසකට.මාධය සංදර්ශන ගත්තත් අපි වීරයො කර දකින චරිතයන්හි අඊ්‍යව්කරය මෙන්ම නිප බුද්ධිමතුන් ගේ කොදු නාරටි බුරුල් වි තිබීමත් නිසා ඔළුවෙ මැවෙන දේවල් වල තිබෙන්නේ සමාජ යහ පැවැත්මට උචිත දේද කියන එක අපි නැවත නැවතත් සිතිය යුතුයි.
    ඒ නිසා මේක සමස්ත අර්බූදය හදුනාගැනීමෙන් අවබෝධ කර ගත යුතු කරුණක්.මේ සම්බන්ධයෙන් වඩා අත්දැකීම් ඇති පාර්ශව එකතු වී මෙම බ්ලොග් එක හරහා හෝ කතා බහ කළ යුතුයි.දිනිති තනා දුන් වේදිකාව පුළුල් මාවතකට විහිදි මාතෘකාවක්.එහි දිගට පිය නැගීම වගකීමක්.

    ReplyDelete
    Replies
    1. අද කොයි ක්ෂේත්‍රය ගත්තත් අධික වියදම් දරමින් ඒ සයිල්ල හරසුන් දේ වෙනුවෙන් යොමු කරන්නෙ. ඒ වගෙම ඒ සියල්ල තාවකාලික දේවල්මයි. දැන් කොච්චර වෙනස් කරන්න අපි හැදුවත් ඒක හරියට උඩුගං බලා යනව වගේ.

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...