Friday, October 5, 2012

SvvetZara කියන නිර්මාණ හොරකම් කරන කොනාව සොයා දෙන්න.....

දුකට හඬන්නට බැරි හින්දා
පද ගලපාගෙන ලිවුවා
ඒ පදයත් හොරු අරගත්දා
කවිය නොදෙන්නට මට සිතුණා....

දුකින් වුනත් පුරුදු විදිහට බ්ලොග් එකෙන් ලියන්න හිතුණෙ සයිබර් අවකාශය පුරා හරිම සතුටින් මුදාහළ කවි ඒ සයිබර් අහසෙම වෙන කෙනෙක් එයාගෙ නමින් සයිට් ගණනාවක ප්‍රසිද්ධ කර තිබීම නිසයි...අද ඊයෙ නෙමෙයි අවුරුද්දක් දෙකක් තිස්සෙ කරගෙන ගිය දෙයක් දැකගන්න ලැබුණෙ අද...එපමණක් නොවෙයි එයා බුකියෙ හුගක් අයගෙ කවි එයාගෙ වගේ දාගෙන තියෙනව..අපි දන්න හිතවතුන්ගෙ ඒවම....

SvvetZara කියන නමින් අනංමනං සයිට් එකේ  

http://ananmanan.com/modules.php?name=Forums&file=viewtopic&p=176250

ඒවගේම 

http://www.sl-spirit.com/forum/viewtopic.php?f=44&t=398&start=0&sid=89141ca0a25cb39f97e3491c19965bc2

තව මෙන්න මේ සිංහලයද මොකද්ද එකේ

 http://www.sinhalaya.com/nimnaya/index.php?topic=9342.0

යන තව බොහෝ තැන්වල ඇති. පබ්ලිෂ් කර ඇති නිර්මාණ වලින් භාගෙට භාගයක්ම මගේ...මේ අකීකරු අකුරු කියල බුකියෙ ලිවුවෙ මම..ඒ වගේම කලින් මගේ බ්ලොග් එකේ නම වුනත් අකීකරු අකුරු. ඒ ගැන දන්න අය ඉන්නව...

ඒ කොහොම වුනත් මම හුගාක් වේදනාවෙන් ඉන්නෙ. මට නිර්මාණයක් දෙකක් ගත්තට කමක් නැහැ. මං ළග තියා ඉන්නව වගේ නෙමෙයි ඒක සමාජය අතරෙ බෙදෙනකොට රස විඳින අය වැඩියි. නමුත් ඒ නිර්මාණය අනුන්ගෙ කරගන්න එක හෙළා දකිනව..ඒ තරම් දුකක් නිර්මාණ කාරයෙක්ට නැහැ.

ඉතින් ඔබ දන්නව නම් මේ 

SvvetZara 
          කියන නමින් ලියන නිර්මාණ කොල්ලකරුව කරුණාකරල එයාට කියන්න මම මේ සම්බන්ධව නීතිමය පියවර ගන්නව කියල. මොකද මගෙ සීඩී එකේ තියෙන නිර්මාණ ඉදන් එයාගෙ නමින් දාගෙන...

වැඩිය ලියන්න බැහැ. ආයෙ සයිබරයෙ කවි නොලියවෙයි හුගක් දුරට. ඒත් මට මෙන්න මේ කෙනාව හොයා ගන්න උදවු කරන්න ඔබ දන්නව නම්..එහෙම නැත්නම් මේ සයිට් කරන ඇඩ්මින්ලව හරි දන්නව නම් මට කියන්න.

ස්තුතියි..දුකින් යුතුව අද පොස්ට් එක කාලෙකින් දැම්මෙ.

18 comments:

  1. දිනිති..
    මම මේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාන පළවෙනි වතාව මේක වෙන්නැති.. මට මතක නෑ..
    කාලෙකට කලින් මමත් සිංහලයා එකේ නිර්මාණ දාපු කෙනෙක්.. මේ පෝස්ට් එක දැකලා මම ආයිත් ගිහින් මේ කියන කෙනාගේ ප්‍රොෆයිල් එක බැලුවා... ඒකෙ හැටියට ළඟදි නිර්මාණ දාන්න පටන් ගත්ත කෙනෙක්.. ( බඩ පිස්සෝ කැටගරියේ )

    කො‌ොහම නමුත් මගේ මතකයේ හැටියට කසුකුසු චැට් එකේ තියෙන මෙන්න මේ නොම්බර දෙකෙන් සිංහලයා ඇඩ්මින් චන්න කියන කෙනාව සම්බන්ධ කරගන්න පුළුවන්...

    077 1900019 / 00971 50 4458473

    ReplyDelete
    Replies
    1. හිරු ඔයාට නොවක් තුති..මම සිංහලය වෙබ් පිටුවෙ ඇඩ්මින් නැතත් ඒ වෙනුවෙන් වැඩ කරන කෙනෙක්ව සම්බන්ධ කරගෙන කතා කලා...ඒ වගේම එයා මේ මගේ නිර්මාණ බව පැහැදිලි කරල මේල් එකක් එවන්න කිවුව...මම ඒ දේ කලා...

      ඒ වගේම අනංමනං සයිට් එකේ මිලින්දත් මේල් කරල විස්තර කිවුව...

      ඔයාට ස්තුතියි හිරු...

      Delete
    2. දිනිති,
      ඔයා අපිට එවල තියෙන ඊමේල් පණිවිඩයෙ පිටපතක් මට ලැබුණා.. ඒත් එක්කම "ෆැන්ටසි නිම්නය" තුල තබා ඇති සටහනත් නිරීක්ෂණය කලා.

      නිර්මාණයක් කරන කෙනෙක් ඒ වෙනුවෙන් කායිකවත්, මානසිකවත් යොදන පරිශ්‍රමය හෝ හැඟීම තුට්ටු දෙකේ "හොරෙක්" තේරෙන්නෙ නෑ.. එයා දන්නෙ කොපි පේස්ට් කරන්න විතරමයි, අන්න ඒක නිසා ඉස්සෙල්ලම ඒ මනුස්සයට අනුකම්පා කරමු. දෙවනුව, අපි නිතරම අපේ වෙබ් මූලාශ්‍ර ඉහල තැනක තබා ගන්න වෙහෙසෙන නිසාවෙන්, මෙවන් කාරණා පිලිබඳ ව කොහොමත් සංවේදීයි.

      සිංහලයා වෙබ් අඩවිය තුලින් ඔබට හෝ ඔබේ කිසිදු නිර්මාණයක අයිතිය කෙරෙහි අසාධාරණයක් සිදු නොවීමේ සහතිකය නම් මට දෙන්නට පුළුවන්. ඒ නිසයි මං ඔයාට ප්‍රසිද්ධියේ මෙහෙම අමතන්න හිතුවෙ.. (මමත් කොහෙවත් කමෙන්ට් දාන කෙනෙක් නෙමෙයි..)

      ඔයා අපිට එවල තියෙන යොමුවෙ තිබ්බ "ව්‍යාජ නිර්මාණය" දැනටමත් අයින් කරල තියෙන්නෙ. තවත් තිබ්බොත් අපිට එවන්න. අපේ ෆෝරමයන්හි තත්වය ඉහළ තැනෙක තියා ගන්න ඔයාගෙන් ලැබෙන සහයෝගයක් විදිහටයි ඒක අපි දකින්නෙ.

      පසුබට වන්නට එපා. දිගටම ලියන්න.. මගේ සුබ පැතුම්..
      චන්න ඊ. කටුවාවලගේ
      මාධ්‍යවේදී - සිංහලයා පුවත් ඒජන්සිය

      Delete
  2. හොර තක්කඩි හැම තැනම ඉන්නවා. හිරු දුන්න නොම්මර වලට කතාකරලා බලන්න
    http://samakayawate.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔව් නලීන් මම කතා කළා...ස්තුතියි ඔබට..මම ඇවිත් යන්න එන්නම් ඇවිදින්න සමකය වටා....

      Delete
  3. මොනවා කරන්නද දිනිති අක්කේ.සමහර පිස්සොත් එක්ක බෑනේ.මගෙත් සමහර පෝස්ට්වලට ඔය සිද්දිය වුණා.දැන්නම් මම මුකුත් කියන්නේ නෑ.ඕන එකෙක් දාගත්තාවේ කියලා ඉන්නවා.මොනව වුණත් ඔය දුක මට තේරුම් ගන්න පුළුවන්.අපි මහන්සිවෙලා ලියන දේවල් මෙයාල ctrl+x and ctrl+v කරද්දි හිත රිදෙනවා තමයි.නීතිමය පියවරකට යන්න බලන්න.

    ReplyDelete
    Replies
    1. එකක් දෙකක් ගත්තට කමක් නැහැ මල්ලි..ඇල්බම් පිටින්..ඒ මිදිවට ඇල්බම් එකේ නමත් එක්කම...
      ඇදුම් නැතුව සමාජයෙ ඉන්නව ඊට හොදයි....

      පුදුම දුකක් දැනෙන්නෙ...මම නීතිය මගින් හොයනව කරන්න පුලුවන් දේ...අපි බලමු.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. වැඩක් නැහැ හර්ෂණි කියල...ඇත්තටම කළකිරුණා...ඔයාට ස්තුතියි...

      Delete
  5. කොපි කලා කියලා අ​ධෛරයට පත් වෙන්න එපා. කොපි කරන්නේ නිර්මාණ හොඳ නිසානේ... කොච්චර කලත් කොපි කරන නවත්තන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඒක හරි...ඒත් අපි සීඩී එකක දාපුව ඉදන්...මිනිස්සු හිතන්නෙ අපි ඒ අයගෙ දේවල් කොපි කරල හොරකම් කරල වගේ කියල නේද...

      ස්තුතියි ඔබට...

      Delete
  6. දිනිති අක්කේ, නිර්මාණ මංකොල්ලය නිසා ඔයා අද කොයිතරම් මානසිකව වැටිලා ඉන්නවාද කියන එක මට තේරුම්ගන්න පුළුවන්. ඒ මොකද කියනවා නම් මමත් ලිපි මංකොල්ලයකට ගොදුරු වූවෙක් නිසා. එදා මම ආයෙ ලියන්නේ නෑ කියලා යන්න හදනකොට ඔයා ඇතුළු අනිත් සයිබර් යාලුවෝ ඒක වලක්වපු හැටි තවම මතකයි. ඒ අය ඔයාගේ නිර්මාණ හොරකම් කරනවා කියන්නේ ඒවායේ හැබෑටම ගන්න දෙයක් තියන නිසයි. වැඩක් නැති දෙයක් නම් කොපි කරන්නේ නෑනෙ. බොරුවට අනුන්ගේ දෙයක් උස්සලා ඒ අය එක දාගන්න හැදුවත් එක වැටෙන්නේ නිර්මාණේ කළ ඔයාටයි. ඒක ඔයාගේ හෘද සාක්ෂිය වගේම අපි ඔක්කෝම දන්නවා. සයිබරයේ නිර්මාණ කොල්ලය ඉතා පහත් වැඩක් වුනත් ඒකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන්නේ අඩු ඉඩකඩක් (මා දන්නා පරිදි). මේවා දාලා තියෙන්නේ ෆෝරම් සයිට් වල නිසා ඔයාට පුලුවන් ඊමේල් අකවුන්ට් එකක් දීලා ඒ ෆෝරම් වල සාමාජිකත්වය ගන්න. ඊට පස්සේ ඒ පෝස්ට් වල ඇත්ත නිර්මාණය තියෙන ලින්ක් එකත් එක්ක කමෙන්ට් දාන්න. ඒවගේම ඔයා ෆෝරම් සාමාජිකත්වය ගත්තාට පස්සේ , ඒ ඒ පෝස්ට් ගැන රිපෝට් කරන්නත්,ඇඩ්මින්ව සම්බන්ධ කරගන්නත් ඔයාට පුළුවන් ... ඒත් මේකෙන් හොරකම් කරන එක සම්පූර්ණයෙන් නවත්වන්න් බෑ. ඒ මන්දයත් ඔවුන්ට වෙනත් යූසර් කෙනක් ලෙස ආයෙමත් මේකම කරන්න පුලුවන් නිසා.
    ඒ මොනවා වුනත් හොරකමට ලක්වූ නිසා ආයෙ මොනවත් නොලියා ඉන්න එක තමන් තමන්ටම කරගන්න හානියක්. ඔයාගේ නිර්මාණ කියවන්න එන ලොකු පිරිසකට කරන අසාධාරණයක් වගේම තමා තමාවම මොට කර ගැනීමක්.. සමහරවිට කාර්යබහුල වෙලාවට කමෙන්ට් නොදැම්මත් මමත් ගොඩාක් වෙලාවට මේ පැත්තේ ආවා.
    ඔයාට මතකද මන්දා මම භද්‍රජී මහතා ගැන ලියපු එක ලිපියක එතුමා කළ ප්‍රකාශයක් ලිව්වා.. "Whatever creations I do are not for me. They belong to the people. I am not their owner anymore" . බලන්න එතුමා තමන්ගේ නිර්මාණ ගැන සිතන විදිය. අපට ඒ මට්ටමටම එන්න බැරිවුනත් ඊට ආසන්න වෙන්නවත් හැකිනම්... ඒ විදියට හිතන්න පුලුවන්නම් පොඩි හරි අස්වැසිල්ලක් ගන්න පුළුවන්... ඔයාගේ නිර්මාණශීලිත්වය ගැන ඔයා සතුවෙන්න. එවගේම කිසිම නිර්මාණශීලීත්වයක් නැති SvvetZara වැනි හිස් මිනිසුන්ට අනුකම්පා කරන්න....

    ReplyDelete
    Replies
    1. මට නොකා නොබී හිටියත් ලියන එක නවත්තන්න බැහ ැමල්ලියේ...මම ලියනව හැමදාම..ඒත් මේ සයිබරයෙ නොදා ඉන්න හිතාගෙන ඉන්නෙ... කවදහරි මගෙම කවි පොතක් කලොත් මිසක්..එතකන් සයිබරයට දෙන්නෙ නැහැ..අපි බලමු මල්ලි...

      Delete
  7. අයියෝ... ඕව ප්‍රශ්ණද ‍අක්කෝ... ගූගල් එකට රිපෝට් කරන්න... පැය පහක් හයක් යනකොට එයාලගේ සයිට් එක රිමූව් කරනවා... කෙනා ගැන මොකටත් හොයලා පොඩ්ඩක් කතා කරලා ඉන්න... බල්ලෝ අපේ කෑවට අපි බල්ලෝ වෙන්න ඕන නැති නිසා... අනික අපි මේ ලෝකේ අපිට ආදරය කරන මිනිස්සු මිස තරහාකාරයෝ හදාගන්න ඕන නැති නිසා... අහන්නේ නැත්නම් ඕක තමා බේත... කොපි කරන්න බැරි වෙන්න ස්ක්‍රිප්ට් තියෙනවා... ඒත් ඒ වගේම ඒවා ඉවත් කරන්නත් ක්‍රම තියෙන නිසා ඒවා සාර්ථක ක්‍රම නෙවෙයි... වෙන ක්‍රමයක් නෑ අක්කෝ... සත්තුන්ට තේරෙන්නේ සත්තුන්ගේ බාසාවෙන් කතා කළාම... ඔය වගේ එක්කෙනෙක් දෙන්නෙක් නිසා කවදාවත් තමන්ගේ ගමන නතර කරන්න නම් එපා... බාධක එනවා කියන්නේ තමන් වැඩක් කරලා කියන එක... ඒක ගැන සතුටු වෙන්න... දිගටම අපිත් එක්ක කවි සංකල්පනා බෙදාගන්න... ඔබට ජය...

    ReplyDelete
  8. දිනිති...
    මට කියන්න තියෙන්නෙත් මීට කලින් උඩ කියල තියෙන ඒවම තමයි. මේ වගේ වැඩ සිද්ධ වුනත් ඒ ගැන වැඩිය හිතට ගන්න එපා. ඔබේ නිර්මාණවල අයිතිය ඔබටම තියෙනවා. තව තවත් හොද නිර්මාන කරන්න. හිතට ගන්න.


    ReplyDelete
  9. "ආයෙ සයිබරයෙ කවි නොලියවෙයි හුගක් දුරට. "

    අයියෝ අක්කො පිස්සුනං කෙලින්න එපා! ...................... :( :(

    ReplyDelete
  10. අපි ලියන මොකක්ම හරි නිර්මාණයක් පිටිපස්සේ වෙහෙසක් තියෙනවා.අපි එකට කාලය මිඩංගු කරල තියෙනවා.හිතන්න කෙනෙක් රෑ එලි වෙනකම් පාඩම් කරලා විභාගේකින් ලකුණු 100 ක් ගන්නවා,තව කෙනෙක් එයාව කොපි කරලා ඒ ලකුණු 100ම ගන්නවා.එහෙම උනාම මහන්සි උන කෙනාගේ මානසිකත්වය මොකක්ද?එත් එකට විසඳුම අපි මහන්සි නොවී ඉන්න 1 නෙමෙයිනේ අක්කේ!ඒ නිසා නොලිය ඉන්න එපා.එත් අනිවාර්යයෙන් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න!කොහෙවත් යන එකෙක් හින්ද ඇයි අපි අපේ වැඩ නවත්තන්නේ?

    ReplyDelete
  11. dear Dinithi,

    when ever who is stolen ur creations the prestige person will decide to stop that because of she / he knew all of the creations from ur blog or ur profile cannot maintain like you don be flet down gohead what ever you can do pls continue as well

    Nuwan Shaminda Marassana

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...