Friday, October 19, 2012

***සොහොන් කොත් සංගමය බලා සිටී අලුත් සමාජිකයින් එනතුරු***

ඇවිඳ ගියෙමි...
නොනිමෙනා ගමන.
සබඳ,
දුක නොදැනුනාම නොවෙයි

පෙළින් පෙල අත් උස්සගෙන
සොහොන් කොත් යායකි.

ඒ පෙළට නේක වර්ණයෙ
මල්
ඇස් උලුප්පාගෙන
තනි රකිති.
සුළගින් ඇවිත්
සවන් සිඹින අතර තුර
රහසක් තියා යයි මල් පෙත්තක
එයද අනියතය විතරමය....

කෙනෙක් දෙන්නෙක් නොව
දිනපතා සිය ගණන් අය ඇ‍දෙති.
කුණු අතුල්වා ..නහවා...
සුවඳ ගල්වා යයි.
අවසන් හුස්ම පොද
වැඩිහිටි නිවාසෙක
හෙළමින්
පාර බලා උන්
මහ ගස්වල
පුරුක් ලියලා ඇවිත්
නේක සැරසිලි
අමතක නොකරම කරයි.

සඳට ඉරට ඔරොප්පුවෙන්
තර්ජනයක් කරන්නට මෙන්
හමා එන නලටත් සවි බලැති
වැටක් තනවා දල්වති තිරයක්
විසි හතර පැය පුරාවට සැමකල්හි...

එහෙට මෙහෙට වැනෙන 
පයිනස් ගස්
අතු ඉතිවල කොනින් කිති ගන්වා
කුළුණු අවුස්සයි.
එහෙත්,
නොසෙල්වී ‍බලා ඉන්නේ
හෙල්ලී..පැද්දි පැද්දී
ගාටමින්..දුවමින්
ඇවිදි යන දන දෙසය....
ඔබත් කවදද අපේ සංගමයට
බැදෙන්නේ සිතමින්.

6 comments:

  1. හැමදේම අනියතයි දිනිති... හැඟීම් එක්ක ඇතිවෙන බැඳීම් බොහොම ඉක්මනට නැතිවෙනවා ,,

    ලස්සන කවක්

    ReplyDelete
  2. රිද්මයානූකූල සංවේදි නිර්මාණයක්.ඔරොප්පුවෙන් කියන වචනය නොතිබුණානම් වඩාත් ලස්සනයි කියලා මට හිතෙනවා.

    ReplyDelete
  3. ම්ම්ම්ම් සම්තයෙන් ඔබ්බට හිතපු පිරිපුන් නිර්මානයක්... අලුත් ඉමක් සොයා ඇදෙන සිතක් ජය....

    ReplyDelete
  4. වෙනස්... ඒත් හරිම අපූරුයි...
    ඔබට ජය...

    ReplyDelete
  5. ලස්සනයි අක්කියෝ...
    අක්කිගේ බ්ලොග් එක හුගාක් හැඩවෙලා...ලස්සනම ලස්සනයි ..මේ පාටට මම හරිම ආසයි...

    ReplyDelete
  6. හ්ම්...... කරුමක්කාර යථාර්ථය....ලස්සනට පද වැලකට ගොනු කරලා තියනවා. දිනිති අක්කේ , ඔබට ජය!!!

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.