ජීවිතය අද්ද අද්දා යයි
බරව සෑදුණ කකුල් වාගේ
හුස්ම ටික හැරමිටිය සේ
ඉහළ පහළට ඇදෙයි....
යායුතුයි මේ ගමන කෙළවර දකින්නට......
නෙත් ඉවුරු පුපුරු ගසමින් රිදෙයි
පිටාරය යන්නට කඳුළු සැරසෙයි
එක පිටට එක ඇස් පියන් ගසමින්
තවත් හංගන් ඉන්න දඟලයි...
යායුතුයි මේ ගමන කෙළවර දකින්නට.....
දුක වුනත් සැපක් විලසට
හැප්පෙනා විට දිවිගමනෙ
සැප නැතත් ආ මඟ දිගට
ගැස්සෙනා හැටි හද දනියි...
යායුතුයි මේ ගමන කෙළවර දකින්නට.....
ඉබාගාතේ නන් දෙස දුවන
සිතුවිල්ල දණ නොගසනා හැඩ
නිරපරාදේ ගෙවුන කාලය
දෙස බලා පසු තැවෙනු නොහැකිය
යායුතුයි මේ ගමන කෙළවර දකින්නට.....
දිග් විජය නොකෙරුවත් පැතුමන්
මලක්වත් පිපිය යුතු නොවෙද හෙට
අස් කරල හිත කුණු වලින් දැන්
යායුතුයි මේ ගමන කෙළවර දකින්නට.....
කතා නොකරන කණ්නඩිය වෙත
එබි දොඩමලු කම් කරයි
මුදා අහුමළු එක්ක හිත ලතැවුලෙන්
යායුතුයි මේ ගමන කෙළවර දකින්නට....
දුප්පත්ම මේ රාත්තිරයෙදි අද
පොහොසත්ම එක තරුවක් සොයා
නාදුනන සිතුවිල්ල එකතු කර
යවමි පූදින්න කැකුළක් වෙලා....
දකිමි එදිනට යායුතුම ගමනේ කෙළවර.....
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
"යායුතුයි මේ ගමන කෙළවර දකින්නට"
ReplyDeleteඇත්තටම ලස්සන නිර්මාණයක්.ජය!!!
ස්තුතියි මල්ලියේ..
Deleteදිනිති ඔබ නම් සිරා කවි කාරියක් නේ...හරිම අගෙයි...
ReplyDeleteබොහොම ස්තුතියි නලීන්..
Deleteමේ ගමනේ කෙලවර වෙනකන් යන්න ඕන.. ඒ කතාවනම් ඇත්ත දිනිති අක්කේ.. ලස්සනයි..
ReplyDeleteදිනිතිගේ අඩවියේ බොහෝවිට කියවන්න ලැබෙන්නෙ කවි වුණත් ඒවා ගීතවත් බවක් තබුණේ දිනිති ගිතලියන නිසා. ඒත් අදනම් සුපිරි කවියක් කියෙව්වා. මේක නම් කවිකාරකමෙන් අනූන කවියක්
ReplyDelete//දිග් විජය නොකෙරුවත් පැතුමන්
Deleteමලක්වත් පිපිය යුතු නොවෙද හෙට//
ජිවතෙත් එක්ක හුගක්ම ලගින් යන නිසාද කොහෙද වැඩියෙන්ම වැදුනේ ඔන්න ඔය පද ටික
ඔව් දයානන්ද අයියෙ..මම හුගක් වෙලාවට ගීතය විදිහට ලියන්නෙ..ඒ ලියනව නෙමෙයි ඉබේම ලියවෙනව... ඒත් ඇබින්දක් හිතුවම ඒ ශෛළ්‍ය වුනත් වෙනස් කරන්න පුලුවන් කියල මටම දැන් තේරෙනව...බොහොම ස්තුතියි අයියෙ.
Deleteදිනෙල්ක බොහොම ස්තුතියි ඔබටත්...
කවි කාරියෙක් නෙමෙයි කිව්වට දිනිති අක්කගේ කවි වල හරි අපුරු රසයක් තියනවා. ඉතින් ඒ රසේ දෙන්න කවි කාරියකට හැරෙන්න වෙන කාටද පුළුවන් ?
ReplyDeleteකවිකාරියක් වෙන එක මගෙ හීනයක් මල්ලි....බලමු...
Deleteස්තුතියි ඔයාට.
සරල බවින් දැනෙන විදියට ලියලා.ඇත්තටම මට ඒ තරම් කවි තේරුම් ගන්න බැ.එත් ඔබේ කවි තේරෙනවා
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ස්තුතියි ගයනි...ඇවිත් යන්න එන්නම් නොවැරදිවම ඔබේ අඩවිය පැත්තෙත්...
Delete