Thursday, October 11, 2012

ජීවිතේ හැටි ඔහොමයි

හඳිසියෙම නංගීගෙ ගෙදර ගිය විට
කුස්සි පොඩ්ඩේ පොල් අත්තෙ
හිල් මතින්
අහස් කුස ඇය බලනවා
කිසිම කම්පනයක් නොවුවත් ඇස අයින
කඳුළු බිඳු දෙක තුනක් බිම හලනවා...

ගිනි අරන් හම්බන්තොට සුළඟ
නංගිගේ කම්මුලක් කොනිත්තනවා
දිවුල් ගහයට තනිවෙලා ඇය

පතන් බිම සුව
හිතින් අතගා බලනවා...

කලබලෙන් ආ තනි අලියා
පලු ගසේ පිට උලනවා
බයේ ගැස්සුන නංගි
ගෙපැල අතහැර දුවනවා..

කුසට හරියට මාස පහ දැන්
පිරුණ විතරයි ඇය දන්නවා
මහී කතටත් බරක් වේදැයි
ඇයම තනියම හිතනවා...

කිවුල් දිය බොන්න බැරිමුත්
අප්පිරිය කර කර ගන්නවා
ඇවිද ගෙන ගියෙ වැව් ඉසව්වට
නාන කාමරෙ උන් යුගය මැවෙනවා...

බලන්නට ඇවිත් හොර රහසෙ මං
මටත් මං ගැන ලැජ්ජ හිතුණා..
අකීකරු දියණියක් වී නුඹ
කදුළු විතරක් අපිට දුන්නා....

විදුලි පංකා සුව යහන් මැද
ගෙවුන කාලයෙ මතක එනවා
කරන්නට දෙයක් නැහැ නංගි
ජීවිතේ ඔහොමයි හිතෙනවා...

16 comments:

  1. හ්ම්ම්...

    ඒත් ජීවිතේට වෙන හැම දෙයක්ම හොඳින් ජීවත් වෙන්න පන්නරයක් කරගන්න ඕන... වඩා හොඳ හෙට දවසකට හේතුවක් කරගන්න ඕන... එහෙම නේද?

    කවි සංකල්පනාව හරිම ලස්සණයි... සංවේදියි... ඔබට ජය...

    ReplyDelete
    Replies
    1. හ්ම්..හෙට හොඳයි කියල හිතන එක තමා ලොකුම දේ..

      ස්තුතියි අලුත් මල්ලි..ඇවිත් ගියාට.

      Delete
  2. මං මෙ කල්පන කරෙ මෙච්චර කාලයක් ආලවන්ත හුදකලාව මට හොරෙන් හැන්ගිලා තිබුනෙ කොහොමද කියලා..
    ලස්සනයි අක්කො ජය........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියේ...
      දැන් හමුවුණානෙ..පුලුවන් වෙලාවට ඇවිත් යන්න එන්න.

      Delete
  3. ජීවිතයේ හැමදාමත් සැමදාමත් සැප රරදෙන්නෙ නෑ !! හිනා වෙවී හිනා‍ වෙවී කල් ගෙවන්න බෑ ..... පුළුවන් උනෝත් වැඩකුත් නෑ

    ReplyDelete
    Replies
    1. හ්ම්..ඒකත් ඇත්ත තමා දිනෙල්ක...ස්තුතියි හුගක්ම මේ පැත්තෙ ආවට.

      Delete
  4. අනේමන්ද අක්කි! ජීවිතෙත් .............. මාරයි!

    ReplyDelete
    Replies
    1. ජීවිතේ පුදුමයක් තමා මල්ලි...

      Delete
  5. මා දුටු තවත් සොදුරු ගිමන් හලකි.සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගයානි.....

      Delete
  6. හම්ම්.... අනේ මන්දා.....
    පවු කියලා හිතෙනවා හැමෝම...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ හිරු...මොනා කරන්නද...

      Delete
  7. හැමදාමත් වගේ ඔබ ලියන කවි රසවත් වගේම ගීතවත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියේ...

      Delete
  8. හිරුත් හිම පියල්ලක කවි පොතේ මුල් කවිය මතක් උණා!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මං ගාව නැතිම පොතක් මල්ලි. මහින්ද ප්‍රසාද් මස්ඉඹුළගෙ..මම ඔය පොත ගැන අහල තියෙනව.
      ස්තුතියි ඔයාටත්.

      Delete

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....