Tuesday, October 30, 2012

ඊයෙ හැන්දෑවෙ දුටු අමුත්තිය හට



රන් මසු සොයා දීපංකර දනව්වේ
සත සත අහුල යන සමහරු මුලාවේ
ගත සතපලා යහනක උන් වෙලාවේ
හිත කොනහලා පදවැල් ලියවුනාවේ

හිමකැට ඇවිත් සිඹිනව දිව රෑ සයිප්‍රසයේ
මිණි කැට අතැර ආවේ මව් රට හඳිස්සියේ
තුඩ තුඩ ගැයෙන ගීයත් වෙනසයි කිරිල්ලියේ
තිය තිය අඩිය යනු කටුකයි දිවි සිඟන්නියේ...

මඟ දිග එකට ඇපලුත් දොඩනුත් මවලා
එක එක සිහින ඇන්දද උන් රවටාලා
යුරෝ එක්ක රුපියල් නෑකම් කරලා
කොහොමද පැංචියේ ආවේ හිත හදලා....

දුටු විට අලුත් කුසුමක් බමරුන් කැරකෙනවා
වටපිට කිසිම කෙනෙකුට එය වගකුත් නැතුවා
දඩිබිඩි කමින් ආ සේවෙත් මතකෙන් හරවා
උඩ ගෙඩි දේවි මිනිසුන් එක දෙක ඇස් සඟවා....

දුටු විට මුවැත්තියෙ ඔය වත අහම්‍බයේ
හද මත මැවුනි නව වසරක් අතීතයේ
නුඹ මෙන් මමත් නෑ වෙනසක් රුවැත්තියේ
දිරි ගෙන හොඳට ලොව දිනපන් පොඩිත්තියේ

9 comments:

  1. හ්ම්ම්ම්ම්... කවදා සැනසීමක් ලැබැයිද..

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද සුදා....හිතා ගන්න බැහැ.....

      Delete
  2. දිනිති ඔයා හරියටම හරි....
    //දුටු විට අලුත් කුසුමක් බමරුන් කැරකෙනවා
    වටපිට කිසිම කෙනෙකුට එය වගකුත් නැතුවා
    දඩිබිඩි කමින් ආ සේවෙත් මතකෙන් හරවා
    උඩ ගෙඩි දේවි මිනිසුන් එක දෙක ඇස් සඟවා....//
    මේ ටික නම් සහතිකම ඇත්ත..
    මොනව කරන්නද ජිවිතේ ඇදගන යන්න ඕනනේ...

    ReplyDelete
    Replies
    1. තව ලියනව නම් තිත්ත ඇත්ත තියෙනව නලීන්.....ඒත් අපේ මිනිස්සු බලන්නෙ එතකොට හැමෝම දිහා එකම විදිහටනෙ....

      ස්තුතියි හුගක්ම..

      Delete
  3. කවියෙන් කියලා තියෙන කතාව සහතික ඇත්ත.

    ReplyDelete
  4. සංවෙදියි ,,,, හ්ම්ම්ම් ලස්සනයි

    ReplyDelete
  5. දිනිතිගේ කවි හැමදාමත්ම ගීතාත්මකයි අයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ අපේ පරපුරේ හොඳ ගේය රචිකාවක්.

    ReplyDelete
  6. හැමදාමත් වගේ මටත් කියන්න තියෙන්නේ එකම තමයි.කව් සිතුවිලි නම් නියමයි
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...