කවියෙන් හුස්ම පිඹිනෙමි මම හිමි | සඳුනි |
ලියුමක් ලියන්නට බැහැ අතැගිළි | රිඳුණි |
තහනම් ගහක ගෙඩි කන ඔබ හිත | මැවුනී |
නොරටුන් මැදදි අසරණ කම තව | දැනුණි |
ගෙරවුම් තවම හීනෙන් නිතරම ඇසුණේ
තනිකම් අපුල ඔබ හට නැහැ නොවැ දැනුනේ
පැටවුන් ටිකයි උලලේනිට මඟ ඇරුනේ
කැහැපට ගසාගෙන සරමත් ඔබ හැන්දෑවේ
තනපට ලෙහෙන ගැහැණිය වැල්ලෙදි මා දුටුවේ
තම පිට වරද ගන්නට අකමැතිවයි ගැසුවේ
හෙමිහිට නොකියාම දුරු රට නැවතුම තැබුවේ
ගිනියම් කතර නැහැ සිහිලක් කිසි දවසේ
ඇරයුම් නැතත් අව් වැසි එයි රිසිසේ
දෑගිලි බැන්දෙ විඳිනට දුක සැප සමසේ
පෑවිලි එක්ක නියගයෙ රිදවුම් තිස්සේ...
ලස්සනයි! :)
ReplyDeleteස්තුතියි මල්ලියේ...
Deleteලස්සන කවි සිතිවිල්ලක්
ReplyDeleteනියමයි, මට මතක් වුණේ වෙස්සන්තරේ කවි..අපූරුවට ලියලා තියෙනවා. වචන වල සුඛනම්‍ය භාවය ගැන තවත් සැලකිලිමත් වුණා නම් හොදයි කියලා හිතෙනවා. මොකද මේ කාන්තාව හරිම සියුමැලි කාන්තාවක්, ඈ ගොරහැඩි නැහැ, ජීවිතයේ ප්‍රශ්න නිසා ඈ අසරණ වෙලයි ඉන්නේ ,,මේ ටික වචනවලින්ම දෙන්න ඕනෙ- කොහොමවුණත් අපූරුයි.
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට...මේ කියා දෙන දිරිගැන්විම් වලට...
Deleteඅපූරුයි දිනිති අක්කේ කවි පෙල හැමදාමත් වගේම..
ReplyDeleteහදවතට දැඩි වේදනාවක් දනවන අපූර්ව රචනයන් දිනිති ජයවේවා.
ReplyDelete