Wednesday, October 17, 2012
***අඳුරු ජීවිතෙ ගිලෙන සංතාප මිනිසෙක් හමුවුණා*** _____________________________________
සොඳුරු බව සොය සොයා ගිය
හීතලම සිතුවිල්ල පාවෙනා විට
අඳුරු පැල්ලම් හුඟක් ඇති
දිළිඳු මිනිසෙක් හමුවුණා ඉඳිරියට
බුදුවෙයන් මගෙ අම්මෙ කියා ඔහු
පපුව මැද ගසා ඇත ලොකු අකුරු
වම් අතේ උරහිසට පහළ තැනකද
සිංහ මුහුණත ගොරවනා ලෙසට ඇත..
විසල් කන්දක් මුදුන පෙන්වා
අතින් අල්ලා ගන්න කීවා
හිතේ පැතුමන් දෑතෙහිම ගල්වා
ජීවිතේ ශිඛරය වගෙයි කිවුවා..
තෙත ගතිය නැතත් ඇස මුල පෙනෙන්නට
උණුවෙලා වැගිරෙන හදවතක් ඇත වැසෙන්නට
මිත ඔහුගෙ තතු ගැන පහදලා කියන්නට
වැය කළත් මදි කාලයක් ගෙන කවි ගොතන්නට
ඈත ඉස්සර කැඳැල්ලක පොඩි සංදියේ
උන්න බාලම කුරුල්ලා ඔහු නිදැල්ලේ
ගීත හඩ සිවුරුහන් කර කර හංදියේ
ඉන්නෙ ජීවිතෙ මඟ ඇරුණ ඇසිල්ලේ...
නවම් සුළඟට සීතල නැතත් හයියට
මැදින් මාසෙදි අඬනවලු ඉකිගසා හොඳටම
හොරු අරන් ගියා වාගෙම පෙම්බරිය
තවත් නෙත් තියනවා වසන්තයෙ මුලට....
කවි වලින් වසන්නට බැරි ඒ පුවත
මිමි වලින් හිතෙ ගනින්නට බැරිය
තඩි අකුරු හතර ඇත පපුව හාර යටට
ඒ මතින් ඔහු නිදති කළුවරලු දහවලද....
ජීවිතේ වැරදිච්ච ප්‍රේමයේ එකම මිනිසා
උඹ නොවෙයි සබඳ මේ අහස යට
තනිකමේ අපුල දත් විරහ හිත් ඇත කියා
සමුගත්ත මං කවක් ලියනව සිතා......
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
//ජීවිතේ වැරදිච්ච ප්‍රේමයේ එකම මිනිසා
ReplyDeleteඋඹ නොවෙයි සබඳ මේ අහස යට// ඇත්ත කතාවක්.
ලස්සනයි කවි ටික.
ස්තුතියි මල්ලියේ...
Deleteහදවතට වැදුනා මේ කව...
ReplyDeleteතුති ඔබට...
Deleteකටුක වුත් නිරර්තක නොවුත් බලාපොරොත්තු විරහිත වුත් යාතාර්තය නම් වු මහා පොදු සාදකය යලි යලිත් සනාත කරලා අපුරුයි
ReplyDeleteබොහොම ස්තුතියි සචිත්...
Deleteහ්ම්ම්... කවිය වෙනුවෙන් ලියන්න දේවල් බොහොමයි මෙතන...
ReplyDeleteවෙලා තියන දවසක ලියල යන්නකො අලුත් මල්ලි..ස්තුතියි...
Delete