Wednesday, September 19, 2012
...නොවියලුණ කඳුලක්...
හරෝ හරා සාමී හරෝ හරා.......
ඈතින් අසෙන ගීතිකා හඬ ටික ටික සවන් පත් ළගට දැනෙමින් තිබුණි. අතුරු සිදුරු නැති කෝවිල් බිමේ අද අගිල් කපුරු සුවද මුළු මහත් විශ්වයේම තම අණසකට නතු කර ගත්තා සේය. ඊටත් පරයා එහෙන් මෙහෙන් ඇවිදි ගිටිස්සියන්, ලමිස්සියන්ගේ හිස කෙස්වල මාලා සදා ඔතා තිබෙන පිච්චමල් සුවඳ උවමනාවෙන් හුස්ම ගන්නට මතක් කරන්නා සේ සුවඳ නහයෙන් ඇද ඇද යනෙන මිනිසුන් නැතුවාම නොවේ.
අතරින් පතර කෙල්ලෙකුගේ කොන්ඩෙන් ඇද...තංගච්චී....යැයි කියන දඩබ්බර පිරිමි ළමයකු උසුලු විසුලු වලට ලක්වන්නේ තනියම සිටියොත් නම් පමණය....
තෙලේ බැදෙන උණු උණු වඩේ කඩ ළග අවුරුදු දහයෙ දොළහෙ කොල්ලො කුරුට්ටොය. මාල වළල අරුමෝසම කඩ ළග ගැහැණු ළමයින්ය.
මේ සෙයිලමඩු ගමේ වාර්ෂිකව පැවෙත්වෙන පුල්ලෙයාර් දෙවාලයේ මංග්‍යලයයි. නන් දෙසින් පැමිණි බැතිමතුන් හිතේ හැටියට දෙවියන් වැද පුදු ගනියි. පැත්තකින් බැති ගී කණ්ඩාම බැති ගී ගයයි. දේවාල බිමේම තවත් තැනක කුත්තු පෙන්වයි. මේ සියල්ල මැද තලයමානී බර කල්පනාවක.
ගමේ සියල්ලන් සමඟම ට්‍රැක්ටරයකින් දේවාලයේ මංගල්‍යයට ආවාට ඇය පිට්ටනියේ කොනක අනෙක් අයගේ බඩු බාහිරාදිය බලා කියා ගනිමින් තම සිත පතුලට කිමිදී නිමක් නැති සිතුවිලි සයුරේ ගැලෙයි.
අතීතයේ දවස් නිරායාසෙන්ම හදවත තුල චිත්‍රපටියක් සේ පෙළ ගැසෙයි.
අම්මා....අම්මා....අප්පා ආවෙ නැද්ද....
තාම නැහැ සිඳුවේලි....
මෙච්චර පරක්කු නැහැ නේද අම්මා වෙනදට...
අද ටිකක් වැඩියෙන් වැඩ කරනවා ඇති....
තලයමානීගේ ස්වාමියා නිවසෙන් ටිකක් ඈත වු ඔවුනගේම අක්කරයක පමණ ඉඩමක වගාවන් කරන්නේය.
මිරිස්, වම්බටු, මඤ්ඤොක්කා,මෑකරල්,දුම්කොල ආදී නොයෙත් දේ වගා කරති. සතියට දවස් දෙකක් ඉඩමටම ඇවිත් පලදාව කිරා ැන මුදල් ලබා දී යන වෙලෙන්දුන් ගමේම උන්නේය.
තලයමානී කොයිතරම් අත් උදවුවට යන්න හැදුවත් ඇයට ඉඩක් නැත. එවැනි වෙලාවල් වලට ඇයට ලැබෙන පිළිතුර
තාම මට හයිය හත්තිය තියෙනවා. සිඳුවේලිගෙ අම්මා ගෙදර ඉන්න. කහට ටිකක් රත්කරගෙන බීඩීයක් බිවුවහම මහන්සිය යනවා මගෙ..... යනුවෙනි.
පවුලේ එකම දියණිය සිඳුවේලිත්, එකම පුතු ප්‍රේමනුත් වේ. දරු දෙදෙනා කිලෝමීටර 2ක පමණ පාසැලට යන්නේ උදේට නීලමෝගන්ගේ බයිසිකලයෙනි. ඔහු දරුදෙදෙනා පාසැලට දමා එහෙමම වගා ඉඩමට යයි. නැවතත් දරු දෙදෙනා රැගෙන දහවල් බතට නිවසට එයි.
කාලය එසේ ගෙවී යද්දී සිඳුවේලී වැඩිවියට පත්විය. පෙනුමෙන් රුවෙන් හැඩකාර දියණිය රැකගැනීම දෙමාපියන්ගේ අරමුණ විය. ප්‍රේමනුන් සිඳුවේලිට වඩා දෙවසරකින් බාල නිසා ඔහු තවම සෙල්ලමේය.
සිඳුවේලි හැඩකාරියක්ය. අම්මාගේත් අප්පාගේත් රුව දෙකම සංකලනයක අපූරුවම සිත්ත්මක් ලෙස සිඳුවේලි දිනෙන් දින පිරිපුන් විය.
හදිසියට බීඩි මිටියක් ගෙන්න ගන්නවත් දැන් නීලමෝගන්ට සිඳුවේලිව කඩ පිලට යවන්නට බැරිය.
ඒ තලයමානීගේ ඇනුම් බැනුම් ඉවරයක් නොවන හන්දාමය.
ගෙමිදුලේ පිච්ච වැල යට බංකුවේ ඉදගෙන සිදුවේලි පොතක් කියවයි.
ඈ දුවේ කවදද දැන් පුල්ලෙයාර් දේවාලෙ මංගල්‍යය?
ලබන සතියෙ නේද අම්මා. ඔන්න අප්පට කියන්න මට නම් අලුත් ඇදුමක් ඕනි කියලා.
හරි බන්. තවම අප්පා සිදාදියට ගියෙ නැහැනෙ. ඒ එනකොට උඹට සල්වාරියක්ම ගෙනෙයි.
සෙයිලමඩු ගමේ ජනයාට වාර්ෂික කෝවිල් මංගල්‍යය ඔවුන්ගේ අවුරුද්දට හා සම වෙන්නකි. මංගල්‍යය තිබෙන දවසෙ දවල්ම විශේෂ කෑම සකසාගෙන රාත්‍රී ආහාරයටද බත් මුල් බැදගෙන හවස් වෙද්දී ඔවුන් ඔවුන් දේවාල බිමට යන්නේ මහත් වූ බැතියෙනි.
විසකුරු කාමයේ රකුසා වල් වැදී පිස්සු බල්ලෙකු සේ සිටින බව කිසිවෙක් නොදත්තේය..කෝවිල් මංගල්‍යය සියළුම ගම් වැසියන්ගේ පූජනීයත්වයේ මුදුන් මල් කඩක් බදුය. එදා කෝවිල් බිමේ සිනා පපා ඇවිද යන්නට සිඳුවේලි ඇගිලි ගැන්නාය.
ඉඳින් ඒ දිනය උදාවිය. ට්‍රැක්ටරයක නැගී බැති ගී ගයමින් ඔවුන් ගියෝය. සියල්ලන්ගෙම නෙත් පැහැර ගන්නා සොදුරු සිතුවමක් සේ සිඳුවේලි උන්නේය.
පෙරුම් පුරා වසරකට වරක් තේරෙණදා පටන් ඇය ඇවිත් ගිය වැද පුදා පඩුරු දැම්ම දෙවියන්ගේ ඇස් වැසුවාද...නැත්නම් දෙවියන් ඕනෑකමින් නොබැලුවාද යන්න සිතන්නට නොහැකිය. පියාපතක් සේ දේවාල භූමියේ සැරිසැරූ ඇයවම මාන ගෙන සිට,
එන්න නංගි අතන ලස්සන වළලු තියෙනවා......
කියා ඔවුන් වෙනතක් පෙන්වීය. කිසිවක් නොදත් නැවුම් යුවතිය වළලු බලන්නට ගියාය. එළිය මුවා වෙන විටම එකෙක් අතකින් කට වසා ඔසවා ගන්නා විටම ඇය වැර යොදා පැන යන්නට ගත් සවිය හීනයක් පමණක් විය.
කිරිල්ලියක සේ දේවාල බ්මේ ඇවිද ගිය සිඳුවේලි සොයා නීලමෝගන් ගියේය. ඇස ගැටෙන මානයේ ලයිට් එළි මැද විපරම් කළත් ඈ නොදුටුවාය. දේවාලේ යකඩ කටින් ඇයට බැති ගී කණ්ඩායම සිටින තැනට එන්නැයි පණිවිඩයක්ද ගුවනට මුසුවිය.
එහෙත් ඒ වෙනකොටත් සිඳුවේලී තිරිසනුන් දෙදෙනෙකුට මැදිවී ජීවිතය බේරා ගන්නට යුද්ධයකය.
හිස් ලූ ලූ අත දිවුවත් හමු නොවූ සිඳුවේලි සොයා පොලිසියේ පොතක ලිවුවත් දින කිහිපයකට පසු ඇගේ සිරුර දේවාලයට යන මඟ මඩ වලක තිබී හමුවිය.
එදත් අදත් අතර කාලය අවුරුදු 6ක් 7ක් පහු කරගෙන ගියේය. ඒත් තලයමනී හැඩූ කදුළු තවම වියලී නැත.
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
අනේ... දුක කතාවකින් කියවෙන ඇත්තක් :'(
ReplyDeleteස්තුතියි නංගියේ...
Deleteනියමයි...
ReplyDeleteස්තුතියි නිමේෂ්...
Deleteකතාවක් කියවගෙන යනවාට වඩා වාර්තාවක් කියවගෙන යනව කියල තමයි මට නම් හිතුනෙ. කතාවෙන් මතු කරන්න හදන කාරණය ප්‍රබලව මතු වෙන්නෙ නෑ වගේ දුනෙනව.
ReplyDeleteඅජිත් ශාන්ත
තවම ආගන්තුකයි අයියෙ මම කෙටිකතාවලට...හෙමින් හදාගමු....
Deleteකතාවක් කියවගෙන යනවාට වඩා වාර්තාවක් කියවගෙන යනව කියල තමයි මට නම් හිතුනෙ. කතාවෙන් මතු කරන්න හදන කාරණය ප්‍රබලව මතු වෙන්නෙ නෑ වගේ දුනෙනව.
ReplyDeleteඅජිත් ශාන්ත
ane harima sanwedi duka hithena kathawak
ReplyDeleteස්තුතියි උමා...
Deleteදුක හිතුනට හරිම හොද කතාවක්
ReplyDeleteබොහොම ස්තුතියි ධම්මික...
Deleteඅපූරුවට ලියලා තියෙන සංවේදී කතාවක්.. :)
ReplyDeleteස්තුතියි නිෂි ඔබට..
Deleteදිනිති අක්කේ....මට නම් දැනුනා.දිගටම ලියන්න.ජය!!!
ReplyDeleteස්තුතියි මල්ලියේ....
Deleteකතාව නියමයි. ටිකක් සංවේදි කතාවක්.
ReplyDeleteස්තුතියි මල්ලියේ...
Deleteකාලෙකට පස්සෙ ආයෙමත් ලියන්න පටන් අරං සතුටුයි.
ReplyDeleteබ්ලොග් එක නැතිවෙලා තිබුණනෙ අයියෙ..ස්තුතියි..
Deleteදිනිති අක්ක කාලෙකින්!
ReplyDeleteවතුකරයේ ගොඩක් මිනිස්සුන්ගේ ජීවිත වල ඛේදාන්තය මේකයි!
ඔව් මල්ලියෙ කාලෙකින් ලිවුවෙ..ස්තුතියි මල්ලියේ...
Deleteඅනේ මන්ද! ගොඩක් දුකයි! :(
ReplyDeleteස්තුතියි මල්ලියේ...
Deleteඅනිත් බ්ලොග්වල ලියැවෙන බොළද කතා අතරේ මේ වගෙ දෙයක් ලියන කෙල්ලෙක් ඉන්නේ ඔයා විතරයි.ස්තූතියි මේ වගේ දෙයක් ලියනවට.මිනිස්සුන්ගේ හදවත්වලට කතා කරන නිර්මාණ තව තවත් කරන්නට ඔයාට වාසනාව සහ ශක්තිය ප්‍රාර්ථනා කරනවා.
ReplyDelete