Monday, March 26, 2012

...සුභ උපන් දිනයක් ....


 අද මාර්තු මාසෙ 26 වෙනිදා... පන්හිදෙන් හිතුවක්කාර සිතුවිලි ලියන මට ආදරණිය දවසක්... මගේ ආලවන්ත ආදරයට දෙවසරක් පිරෙනවා... හ්ම්..ජිවිතේ කඳු තරම් උස දුක ගොඩ ගැහෙද්දි..සමුදුරු තරම් කදුළු පිරෙද්දි...මාව දාලා නොගිය මගේ එකම ප්‍රේමය.... හැමදාම හැමවෙලේම හදවතට ආදරණිය බලාපොරොත්තුවක් ගේන මහා සැනසිල්ලක උපතක් දුන්න මගේ ප්‍රේමය... ඒ ආලවන්ත ප්‍රේමය අන් කවුරුන්ද...මගේ ආලවන්ත හුදකලාව http://dinithige.blogspot.com/ මිසක්.....
          
             මට මතකයි මීට අවුරුදු 4කට විතර කලින් අකීකරු අකුරු ලිවුවට මුහුණු පොතේ...හිතුනහම ලියනවා..නැත්නම් නොලියා ඉන්නවා වගේ.... එපමණක් නොවෙයි නේක පිඩාවන් මැද උඩුඟං බලා පිහිනන අවධියක දිවියට නැවුම් මුහුණු වරක් ලැබුණෙ ආලවන්ත හුදකලාව පටන් ගැනීමෙන්...
           
           මට මතකයි අපි කවුරුත් ආදරේට දුකා අයියා කියන සුභාෂ් ගුණවර්ධන අයියා ...දුකාගේ බ්ලොග්... එක නමින් කරනගෙන යන බ්ලොග් එකේ විවිධ දේ මුහුණු පොතේ දකිද්දි මටත් ආසාවක් ඇතිවුණා... අද වගේ නෙමෙයි ඒ දවස්වල මම ජිවිතේ අමාරුම දවස් ටිකක් ගෙවමින් සිටියෙ. මට මතකයි ස්කයිප් එකෙන් කතා කර කර සුභාෂ් අයියට මම දුන්නු කරදරයක්. ඒ තියා අයියත් ඒක ඉදිය අයියගෙ යාලුවා රුවන් අයියටවත් මගෙන් කනක් ඇහිලා ඉන්න නැහැ...(දැන්නම් වැස්සටවත් කතා කරන එකක්යැ මම සුභාෂ් අයියා එක්ක)  ඉතින් ඔහොම ඉන්න දවසක අයියට මං කිවුවා මටත් බ්ලොග් එකක් ලියන්න ඕනි කියලා. නියමයි නංගි කියලා ඒ වෙලාවෙම බ්ලොග් ලියන ලින්ක් එක මට එවුවා... ඒ මතකය ඒ ආදරණිය කම් අදත් ඒ විදිහමයි.....

               ලියන දේ දකින අයට තේරුමක් නැති වෙන්න පුලුවන්..සමහරු කියයි ෆැන්ටසිය විතරයි කියලා... ඒත් එදා සුභාෂ් අයියගෙන් අහගෙන පටන් ගත්ත බ්ලොග් එක මගේ ආදරණිය මිතුරා වුනා..මගේ ප්‍රේමය වුනා...මගේ දුක වේදනාව තනිකම කාන්සිය මහන්සිය නැතිකලා.....ලියන හැමදේම දැම්මෙ නැතිවුනත් සුන්දරව ජිවිතේ දුක විද දරාගන්න මට අපුරුව තෝතැන්නක් වුනා...අදත් මුහුණු පොත වහලා දාලා වුනත් මම රිංගන්න ආලවන්ත හුදකලාවට. ඒ ගිහින් විවිධ මිතුරු මිතුරියන්ගෙ බ්ලොග් කියවමින් මම කාලය ගෙවාගන්නවා...

      ඉතින් කොහොම වුනත් පන්හි‍ඳෙන් ජිවිතයේ එක් පැතිකඩක් දිනන්නට යන ගමනක මේ බ්ලොග් කරණය මට කියා දුන්න ආදරණිය සුභාෂ් අයියේ හුගාක්ම ස්තුතියි ඒ සහෝදර ආදරණියකම්වලට..... ඒ වගේම දෙවසරක් පිරෙන මගේ බ්ලොග් එකට ඇවිත් යන කොමන්ට් දමා යන සියළුම ආදරණියයන්ට හදවතින්ම ස්තුතියි.... මගේ බ්ලොග් එක දැකලා මුහුණු පොතට විවිධ දිරි ගැන්වීම් කරමිණ් පණිවිඩ එවන ආදරණිය ඔබටත් ස්තුතියි කියන්න මම මේක අවස්ථාවක් කරගන්නවා....කාලයක් නොලියා ඉදියත් කවමදාවත් අමතක කරන්න බැරි මගේ ප්‍රේමණිය ....ආලවන්ත හුඳකලාවට..... සුභ උපන් දිනයක් වේවා.....

18 comments:

  1. සුබම සුබ උපන් දිනයක් වේවා "ආලවන්ත හුදකලාවට"

    ReplyDelete
  2. ස්තුතියි හදවතින්ම.....

    ReplyDelete
  3. මුල්ම කාලේ මමත් මුහුණු පොතට ලියද්දි මගේ කවි වලට අක්කවත් ටැග් කලා.. ඒ වගේම අක්කගේ අකීකරු අකුරු කවි වලට මමත් ටැග් උනා.. අක්කට මතක ඇති A.K umagiliya ව.. ඒත් මමම තමා.. සුභ පැතුම් අක්කේ.. තව තව ලියන්න ශක්තිය ලැබෙන්න කියලා සුභ පතනවා..

    ReplyDelete
    Replies
    1. ම්ම්..මට මතකයි මල්ලියේ..මම ඔයාව දැන අදුන ගත්තෙ ඉස්සරම දවස්වල මුහුණු පොතින්..බ්ලොග් අවකාශයෙ නම් මේ ළගදි.. මගෙම මල්ලි කෙනෙක් වගේ ඉස්සරත් මට ඔයා මේ විදිහටම දිරිය සවිය දුන්නා..

      Delete
  4. සුබ පැතුම් ..ආලවන්ත හුදකළාවට .. ,

    ReplyDelete
  5. Ada 26 wenida.den welaawa ude 5.05i. but ei me 42 kiyala wetenne?

    ReplyDelete
  6. 42 nemei samaawenna oona nidimathe ehema liya unaata. 25 kiyalane date eka tiyenne.ekai mama kiyanna heduwe,

    ReplyDelete
  7. සුබ උපන් දිනයක් !!!

    ReplyDelete
  8. සුභම සුභ උපන්දිනක් අක්කා

    ReplyDelete
  9. අඩේ ඔච්චර ස්තූති කරනන් දෙයක් නෑ බන් . .

    කොහොම නමුත් උඹ ඒ කාලේ ජීවිතේ මූන දුන්නු ප්‍රශ්න සිදුවීම් දිහා අද හැරිලා බැලුවොත් ඒවා ඔක්කෝම ජීවිතයට කලින් දිව්වාට වඩා හයියෙන් දුවන්න ජවයක් සපයපු (උඹ ඒ කාලේ අයියෝ මටමයි වෙන්නේ කියලා හිතුවාට) උඹේ හොඳටම සිද්ද වෙච්චි දේවල් කියලා අද හිතෙනවා නේද?

    ජීවිතේ සහ සිදුවීම් අන්න එහෙමයි නංගී . .

    ඇත්තෙන්ම මටත් හරි සතුයි අද උඹේ සාර්ථකත්වය ගැන . ..

    ජය වේවා . .

    ReplyDelete
  10. සුභ පැතුම් !!!

    ReplyDelete
  11. සුභ පැතුම් අක්කො! :) :) :) :) :) :) :) :)

    ReplyDelete
  12. සුභ පැතුම් ආලවන්ත හුදකලාවට...
    තවත් ඉදිරියටම යන්න ජය...

    ReplyDelete
  13. සුභ පැතුම් අක්කේ..ඔයාව තේරුම් ගන්න පුළුවන් ඇත්තම ආදරේකත් හිමිකාරියක් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ආදරණීය හුදෙකලාව දිගින් දිගටම අප අතරේ තියේවා,ලස්සන කවිපදත් එක්ක.

    ReplyDelete
  14. සුභ පැතුම් අක්කියෝ හදවතින්ම. මූණු පොතේ නිසදැස් කවියෙන් අදුන ගනිපු ඔයා බ්ලොග් එක කියවන්න එන්න ලැබුන එකත් ලොකු වාසනාවක්. ගලපන පදවල හැඩ කියන්න බට්ටි ලගනම් අකුරු නෑ. දිගටම ඔය ආලවන්තකම කවි කරන්න. හැමදාම එන්න බැරි වුනත් නිවාඩු තියෙන හැමවෙලාවෙම එනවා ඔයාව බලන්න.
    සුබ උපන්දිනක් වේවා
    දෙවියන් මෙය රැකදේවා....!

    ReplyDelete
  15. ආදරණීය දිනයක්ම වේවා...

    ReplyDelete
  16. සුභ පැතුම් දිනිති අක්කේ....:):)

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...