Tuesday, March 27, 2012

අවෙ නැති කමට නුඹ

රැලි නගා වැව් දියත්
කෝල කමින් ඉස්සිලා
අත වනා කතා කරනවා
සිපගන්න ඇබින්දක්
ආදරෙන් පෙර වගෙම
සුසිනිදුව හරි ලෙංගතුව...................

කරන්නට බැහැ ඉතින්
දඟ වැඩක් රිසි පරිදි
වලාකුළු බැම්ම ඇත
උලුප්පාගෙනම ඇස්
නොපියවා දිව රැයේ
මුරභටයො සේ ලගම.................

දිය යටක මින් රැලක්
නට නටා ගී කියයි
හිස වනා සළකුණක් දෙයි
දැවටෙන්න වෙලි වෙලී
නොසිදෙනා වැව්දියේ.....
එකවරක් ආලවන්තව
සසල නොකරම ඉතින්
තව කදුළු එනන්ට කලින්
වැව් දියට සොවින්.............

ගගනතම මැද ඉදන්
දිනිඳු කිති කවනවා
දරාගන්නට බැරිව
ඇඹරිලා හොදටම
වැව් දියම සලිතයි
අපමණට දැන්.....

මොහොතකටඋණුසුම්ව
තෙරපිලා වැළදගන්නට
බැරිව ඇය නෙත් අයා
දුක කියා සමිඳු දළදාව වෙත
වැහි කදුළු බිංදුවක්
තිලිණ කර වැව් දියට
මොහොතකින් සැගවුනා
නෙක දනන් ඇවිද යන
රජ වීදියේ විසල්
ගොඩනැගිලි අතර තනිව..............

නොපැමිණි හන්දා කුමරු
සිහින මිටියම කර තියන්
හමුවන්න ඇය වැව් දිය
ළගක පෙර ළෙසම
ස්නේහයෙන් නුවර මැද....................

*** දිනිති දීපිකා ***

5 comments:

  1. අපුරුයි අක්කේ..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියේ මහ හුගාක්ම....

      Delete
  2. කවි පෙල හිතට දැනුනා අක්කේ.. ඒක නෙමෙයි කෝ අර කතාව? ගොඩක් දවසකින් ලිය උනේ නෑනේද?

    ReplyDelete
  3. ම්ම්ම්... දෙතුන් පාරක්ම කියෙවුවා...

    මොහොතකටඋණුසුම්ව
    තෙරපිලා වැළදගන්නට
    බැරිව ඇය නෙත් අයා
    දුක කියා සමිඳු දළදාව වෙත
    වැහි කදුළු බිංදුවක්
    තිලිණ කර වැව් දියට

    ලස්සනයි.
    :)

    ReplyDelete
  4. ඔයාගේ කවි බස ගොඩක් ලස්සනයි අක්කෙ!:)

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...