මල් පිපී හිනැහෙනා සේපාලිකා
සුවඳ දිගෙ එන හුස්මකට
මුසුවෙලා සිත ආදරෙන් පියඹලා
දුරක ඔබ ඉන්න තැනකට...
තටු ඇවිත් සිතුවිල්ල මුසුවෙලා
වාතලය සිප ගන්නකොට
හිත ළගක ඔබ ඇවිත් වැතිරිලා
මගෙ වෙලා මගෙ ළගක.....
තරු පොකුරු සිනා සී පේවෙලා
නුබ ගැබක ඉන්නකොට
සඳ වෙලා ඔබ ඇවිත් නැවතිලා
හද මැදින් ආදරය පුරෝගෙන....
තුන් පිරිත දිවි මගේ මතුරලා
සෙත් කවිය ලියනකොට
සඳ කිඳුරු පෙම් සුවඳ දැනෙනවා
ජීවිතයෙ ඔබ ඉන්නකොට.....
අපූරුයි අක්කේ..
ReplyDeleteබබාල දෙන්නටනං ගොඩක් අාදරේ හිතුන!! :) <3
ReplyDeleteලස්සනයි කවි ටික
ReplyDeleteආදරය තියෙනවනම් ආයේ වෙන මොනවෙයි ඕන !
ReplyDeleteආදරය නැත්නම් මොනවා තිබ්බත් වැඩක් තියේද !
වර්ෂා මේ ලිනක් එකට යන්න ට්‍රයි කලා බැහැනෙ යන්න......
ReplyDelete