Thursday, March 22, 2012

...ගොවියා....


දුරුත්තම මුළුල්ලේ
කපා වියලා දමා
හති හෙමින් නිවා
සැරසෙයි මහමෙරක්
සියල් දුක් දරා
හේන් සරු කෙරූ ගොවියා....

යල මහ කන්න තෝරා
නුවර කලා වැව් හාරා
දිය මං තනා පාදා
රකියි දෙවියන් සදිසි
ජලය සකියෙක්ය ගොවියා.....

නාකපන අක්වැස්ස
නිල් වැස්ස සමසේ
දරා මිහිකත නැමැද
සියක් ඵලමල් දරන
ගොඩ මඩ දෙකම
අතැගිලි වලින් පිරිමැද
මෙත්තා කරුණා
සිව්බඹ විහරණය
වැපිරුවේ දයාවෙන් ගොවියා....

පියරජු බුදුන්ගෙත් පෙරකල
වප් මඟුල් පෙරහැර ගියත්
මල්වතු ඔය දිගේ ඇවිදින්
රත්රන් කරල් හසරැල් බෙදත්
අව් වැසි ගිනි සම දරන්
රජරට තවම පොහොසත්
ඉදහිටක පැල්කවි ඇසෙත්
කහට බැඳි දත් පෙලෙන්
සිනාසි දරාගයි පීඩාම ගොවියා.............

ගොජිරි බජිරි තරහට ආවමුත්
සෙත් පතා මුමුණා කෙම්
තබා තනියට නොයෙක් අතු ඉති
පැන්නුවේ මැසි මදුරු උවදුරු
කුසගිනි නිවන බත බුලත
වස විස පොවනු පව යැයි
දැන හොදින් එදවස ගොවියා...............

කාබයිට් මැලතයින් නොයෙකුත්
නෙක ඊරි මස් උරා මෙදිනා
දත නියවන් බලා හිඳ මුහුදට
කෑදර කමින් සුද්දන්ට ඉහමොළද
හිරකර ණයකට හුස්ම ඩිංගත්
හිමි කරා අවසන වස බෝතලයක්
දුප්පත් කමේ පතුලම සිඹ
තීන්දුව දුන්නෙ එලෙසින ගොවියාට....

කේඩෑරි වී බොල් වුන සිනාමල්
උදුර ගත් රජරට සුවඳ පොඳට
තාම මිහිකත ගම්බාර දෙවි
හිමිකම සකියනි නොවෙද ඒ ගොවියාට....................

*** දිනිති දීපිකා ***

8 comments:

  1. සහතික අැත්ත! :)

    ReplyDelete
  2. ඉස්සර හිටපු ගොවියා වාසනාවන්තයි,පුංචි ලෝකයක රජෙක්.ඒත් අද ගොවියා තරම් අවාසනාවන්තයෙක් තවත්නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇතත් විමුක්ති මල්ලි...

      Delete
  3. ලස්සන කවි පෙලක් අක්කේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියා...

      Delete
  4. කතාව ඇත්ත දිනිති !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධුරංග...

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...