Thursday, March 15, 2012

*** ඇය ***

වශිකෘත වචනයෙන්
නොකියවුවත්,
අලංකෘත කතාවෙන්
තොර වුවත්,
සියළු සිතුවිලි ක්‍රියාවට හරවා

*** ඇය ***

ආලවන්තව
ස්නේහයෙන්
මෘදු මොලොක්ව
පිරිමදිනවා
මහිත...සේම මහිස...
මහා ආදරයකින්...අපිරිමිත දයාවෙන්........

*** මවුට නොදෙවෙනි මතෘභූමී ***

ලෙයට කා වද්දවා
උපත දී කරදඩු උස් කරපු
පුන්‍යවන්ත හිරු සඳු
දෙපළ ළඟ ළදරුවෙකු මෙන්
ගෙවුන යටගියාවක මතක
කැන්දන් එන්නේ

*** මව්වත් ප්‍රේමයේ බිරිදයි ***

සුරකින්නට ජාත භූමිය
වැර දුන්න මගෙ දෙපා
අහිමි වුවත් මෙදා,
තුටින් හසරැල් ගෙනෙයි
........ඈ......
ලේන කුලේ සිට ආ ලෙහෙනිය සේ
සෙවනැල්ලක වෙලි වෙලී.....
 

2 comments:

  1. පින්තූරයේ කතාවට ලිය උන කවිය හරිම ලස්සනයි අක්කේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියේ හැමදාමත්...

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...