මතකයට ඔබෙ බිඳක් ආවද
සීත රැයකදි සපථ වුනු හැටි
අපි අපෙන් දුර ඈත සිටියත්
ආදරේ මහ විසල් අහසක්.....
නෙතින් නෙත යා කරන් අපි
අපිට කිවු සෙනෙහසක මහිමය
හිමිදිරියෙ නැගි දිනිඳු අතරට
මුසු කලා අපි පෙමින් වෙලෙමින්...
රළ ඇවිත් දැවටෙමින් වෙරළත
යන්න යන විට ඈත සයුරට
ඔබ දමා මම ආවෙ ලසොවින්
කියන්නට බැරි පෙමක් සමඟින්...
තාම ඉරහඳ යටක ගෙවෙමින්
ඉක්මවා යන යොවුන් දිවිමඟ
කාසි කහවනු නොමැති හින්දම
ගොලුවෙලා අපි අපේ හිත්ළග....
යලිත් මතුදින පිපෙන ඉරමල
ළඟක හමුවෙන පැතුම් අතැතිව
වෙන්වෙලා ගිය පෙම්වතුන් අපි
දෛවයේ සරදම් ළගක හිනැහෙන.....
'යලිත් මතුදින පිපෙන ඉරමල
ReplyDeleteළඟක හමුවෙන පැතුම් අතැතිව
වෙන්වෙලා ගිය පෙම්වතුන් අපි
දෛවයේ සරදම් ළගක හිනැහෙන....."
දුකයි අප්පා... :,(
\\...කාසි කහවනු නොමැති හින්දම
ReplyDeleteගොලුවෙලා අපි අපේ හිත්ළග....\\
මේ ආරථික රටාව හැමදාම පරාජිතයෝ බිහි කරනව:-/
අායෙත් කවදහරි එක්වෙන්නටය කියා පතමි :)
ReplyDeleteමොකඋනත් මොකෝ නගා,ඉන්නකම් නේද,හැමදේම...
ReplyDelete