Wednesday, March 14, 2012

*** මගේම හිත ***

කිසිවෙක්ට
නොපෙනෙන
අඳුරු ගල් ලෙනක
සඟවාපු
මේ මගේ හිත......

ලොවට
පෙනෙන්නට
සඳක් සේ
දිලිසෙන.....
වසන් වී
සයුර සේ
උණු කඳුළු
වගුරන
මේ මගේ හිත....

ඔහු ගැනම
සිත සිතා
මවා පෑම් කර
විශ්වයටම,
තවමත්
ඒ නෙත් ළග
බවුන් වඩන
මේ මගේ හිත....

අසන්නට එපා
කවිකමට
පදරුත් ගෙනෙන,
තවමත් වසන් වී
සිටින ‍අරුමැති
***
ඔහු ***
මගේ ප්‍රේමයේ
ගැඹුරුම
උච්ච ස්වරයයි.
නොලියවු කවි ලියන
මේ මගේ මගේම හිතයි......
 

4 comments:

  1. මේ හිත වෙලාවකට තේරුම් ගන්න අමාරුයි අක්කේ..

    ReplyDelete
  2. මගෙ හිතත් එච්චර තමා! දැන්නං ටිකක් ගුණයි!

    ReplyDelete

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....