අර පෙනෙන සමනොල සිරස මුදුනින්
පායා එන දිනිදුන් සදාකාලිකයි නම්
මහවැලි කැළණි වලවේ කළු ඟං
සරුසාර කරනවාමයි රත්රන් පොළව.....
ලොව මවිත කරමින් සීගිරිය අවුකන කලා
නිහඩවම විශ්මයෙන් සාඩම්බරව උන්නා නම්
රන්වැලි සෑය මුදුනින් මහ බෝධිය වටෙන්
තාම සෙත අරන් සිරිලක පුරා හමනවාමයි.....
අහිංසක වැදි ළදක් කපු වියමින් සිටිද්දී
තම්බපන්ණී කියාගෙන විජය ආවා තමයි
සොලොස් කලා ශිල්පයම දෝත දරා
සංඝමිත්තා තෙරණිය දායාද ගෙනාවාමයි...
එළාර කාළිංග මාඝ ප්‍රභාකරන්ලා මේ
බිම්කඩ දෙකඩ කරගන්න දැගලුවාමයි......
වීර පුරන් අප්පු දුටු ගැමුණු හසලක වගේ
අභීතයින් මේ පොළව සුරැක්කා නොවෙද....
නීල වර්ණ ගහ කොල මැද දිලිසෙන පසට
යටින් රන් රිදී මිනිරන් මැණික් තියෙනවාමයි
මස් කැබැල්ලකට ගිජු වුන බලු කුක්කෙකු සේ
කෙල හල හලා මව් පොළව ගිලගන්නට හදයි.....
ඇස් කන් පියන් වසාගෙන තව උන්නොත්
කරකවයි උන් ඇට නැති දිවක් සේ හැම පැත්ත
අමතකද ගඩාබි සදාම් හුසේන් මරන්නට
එලපු දැල එලන්නටයි මේ සැරසුම කියා...
සුනිලා නිමල්කා චැනල්4 මුරුගයන්
පන්නා දමා එඩිතරව බැදන් ඇත්වැල්
දිරි අරන් ඉගිලෙමුද අපි එකම රෑනක
වටු කුරල්ලන් සේ මේ කූට දැල ඉරන්......
ආයෙම අපේ රට වෙනුවෙන් කැපවෙන්න කාලයයි මේ..
ReplyDeleteඅනිවාර්යයි මල්ලි...
Deleteරට වෙනුවෙන් කට අරින්න කාළයයි මේ !
ReplyDeleteඅර දඩිබිඩිස් කියනවා වගේ රට වෙනුවෙන් කට අරින්න හෙටවෙනකන් ඉන්න ඕන නෑ.
හ්ම්... ඒක නම් ඇත්ත මධුරංග....
Deleteකවි ටිකනම් ලස්සනයි .
ReplyDeleteස්තුතියි හුගාක්ම....
Deleteලස්සන කවි පෙළ...
ReplyDeleteඅද තමයි මුලින්ම ආවේ. තවත් කවි කියෙව්වා... ලස්සනයි...
නෙත්පානි ස්තුතියි හදවතින්ම...ආයෙ ඇවිත් යන්න එන්න...
Delete