Tuesday, March 13, 2012

*** දුම්බර බරක් වී ඇත්තේ ***

 
දුම්බර කන්ද නම ගෙන හිනැහෙන රූබර ලදුනේ...
දුක්බර කදුළු හංගාගෙන ඇයි නෙතු වැලපෙන්නේ...
සුන්දර කමට සිරිලක මැද නුඹ වැජඹෙන්නේ...
අන්ඩර කපටි නුඹෙ ගෝමර ටික ගලවන්නේ..

නිල්ල නිලේ එක යායට දිලිසෙන්නේ..
ඇල්ල වගේ කදු යායම හිනැහෙන්නේ....
මල්ල උගේ එක යාමෙට පිරවෙන්නේ...
කල්ල මරේ හොරු ගහකොල උදුරන්නේ...

මීදුම මැදින් හමනා සුළගට මල් පිබිදෙන්නේ...
දිනිදුන් එක්ක විහඟුන් තරගෙට නද දෙන්නේ...
වී ටික ඉසා හෙල් මළු යායට බැබලෙන්නේ...
මේ ටික විකුණා කන්නට උන් පොර කන්නේ....

2 comments:

  1. මේකට කියන්න තියෙන්නෙත් කනගාටුයි කියල තමයි! හැබැයි එහෙම කියල බදි බව මමත් දන්නව!

    ReplyDelete
  2. තේරුම් ගන්ට ටිකක් වෙලා ගියා. ලස්සන කවි ටික,

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...