Sunday, March 11, 2012

*** බක්මහ කුමරියක් වූ හන්දා ***



ගම්මානෙ හැඩ කරපු කහපාට මල ඇයයි

හන්තානෙ පිස ඇවිත් සුළං වැදුණා තමයි__________

දොලොස් මසකට වරක් වසනත්තේ මංගල්‍යයයි

සුන්දරම පිච්චමල කුමරි ඔටුනක් පැලැන්දුවයි_________

කොණ්ඩ දෙක ගොතාගෙන දුව පැනපු කෙලිත්තියි
පංච කල්‍යාණිය වෙලා මුල් පුටුවෙ රුවැත්තී ඇයයි_______________

වාසනා අවාසනා ඇගෙ වටෙම කැරකුණා සත්තමයි
මැම්බර්ට හිත ගියේ ඇය ගැනම නොව රුවටමයි________________

කොළඹ හතෙ මාළිගාව මවා පා ඈ එක්ක යන්නයි
රන් රිදී සත් දවස් මගුල් ගැන ඇයට පොඳි බදින්නයි___________

දිනෙන් දින ගෙවී කාලයක් ගියෙ මාස දෙක තුනකටයි
නොදැනුවත්ම ඇය ඇවිත් ගම ගැබිණියක් වූ බවයි______________

මුව වසා මව්පියන් ඇය ගැන දුක් හදේ තෙරපවයි
කිසිවෙක්ට නොකියාම මහවැලිය යටක ඈ හැංගුනයි_____________


4 comments:

  1. පවු අහිංසකාවි

    ReplyDelete
  2. පවු !
    ගොඩක් වෙලවට ඔය ටීවි වල යන ඔයවගේ වැඩසටහන් වලට එන ගෑල්ලමයිට අන්තිමේදි වෙන දේ එයාලෑ ඉහේ ඉන්න උකුණාවත් දන්නේ නෑ.

    ReplyDelete
  3. ඇත්තම තත්වෙත් ඕකම තමයි අක්කේ.. ගොඩක් අයට අවසානේ වෙන්නේ ඔය ටික.. කවි අදහසනම් ඇත්තටම ලස්සනයි අක්කේ..

    ReplyDelete
  4. කනගාටුයි! :(

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...