Monday, March 5, 2012

* මගෙම මගෙ නුඹට ***

මල් පිපී හිනැහෙනා සේපාලිකා
සුවඳ දිගෙ එන හුස්මකට
මුසුවෙලා සිත ආදරෙන් පියඹලා
දුරක ඔබ ඉන්න තැනකට...

තටු ඇවිත් සිතුවිල්ල මුසුවෙලා

වාතලය සිප ගන්නකොට
හිත ළගක ඔබ ඇවිත් වැතිරිලා
මගෙ වෙලා මගෙ ළගක.....

තරු පොකුරු සිනා සී පේවෙලා
නුබ ගැබක ඉන්නකොට
සඳ වෙලා ඔබ ඇවිත් නැවතිලා
හද මැදින් ආදරය පුරෝගෙන....

තුන් පිරිත දිවි මගේ මතුරලා
සෙත් කවිය ලියනකොට
සඳ කිඳුරු පෙම් සුවඳ දැනෙනවා
ජීවිතයෙ ඔබ ඉන්නකොට.....

5 comments:

  1. අපූරුයි අක්කේ..

    ReplyDelete
  2. බබාල දෙන්නටනං ගොඩක් අාදරේ හිතුන!! :) <3

    ReplyDelete
  3. ලස්සනයි කවි ටික

    ReplyDelete
  4. ආදරය තියෙනවනම් ආයේ වෙන මොනවෙයි ඕන !
    ආදරය නැත්නම් මොනවා තිබ්බත් වැඩක් තියේද !

    ReplyDelete
  5. වර්ෂා මේ ලිනක් එකට යන්න ට්‍රයි කලා බැහැනෙ යන්න......

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...