Friday, September 16, 2011

තරු දැක්කා....

ඉත්තෑව වගෙ කූරු විහිදන
පයිනස් ගෙඩි උඩින්
කටු අනින හීතලක
ළැම පුරා හාදු තවරන
පොත් මිටිය මොලවගෙන
බාලිකා ලෝකයක
මුතු සිනහා පතුරගෙන
දෙපා තබමින් ගියපු හැටි....

දෙපස ඇති වල් සූරියකාන්ත
මිලින මල් හංගගෙන ආසිරි සැලුවා
හිරිමල් වියේ හීනය එක්ක
අත් අල්ලන් ගිය දේවදාර ගස් හෙවණෙ
බට්ටිත්තන් එක්ක කතා කළා
කෙවිලියන් පරදවා....

කලු කරපු නැති කලු ලෑල්ල
විරිත්ත විරිත්ත හිටියා
නැන්දම්මගෙ මුහුණ වගේ
සමීකරණ පටලවගෙන
ගුරුතුමි ටොකු අනින කොට...

විද්‍යා පොත උඩින්
මැවෙන ඇස් දෙක දිහා
බලාගෙන තනිවම කියෝනකොට
හයිඩ්‍රජන් ඔක්සින් ට්‍රැපික් එකකලු උන්නෙ
විභාගය දවසෙ ඩෙස්කුවට නාවෙ....

රොබෝරෝසි මල් යාය පාගගෙන
ඊයෙට වේගෙන් දිවුවා
කර බැදි ටයි පටිය අකුලගෙන
හන්තාන මිහිදුමෙන්
වසාගන්නට පෙර......

ඇගිලි ගැන ගැන පොත් අස්සෙ රදවාපු
පුංචි මල් පියලි
පුස් කාලා බව මතක් වුණෙ
හීතම හීතලෙත් දහඩිය දාගෙන
ප්‍රථිඵල ලේඛනයෙ යටින්ම
ඔච්චම් කර කර විරිත්තන
ලයිට් කණු ටික පේනකොට......

3 comments:

  1. :O බය කරන්ඩ එා අක්කෙ! :'( :D

    ReplyDelete
  2. අපි ඒ කාලෙ ඔයා කියන පයිනස් ගෙඩි වලට කිව්වෙ පයිනස් මල් කියල. අපිට ලයිට් කණු ආවට දැන් ඉන්න දරුවන්ට ලයිට් කණු නෑ. ඒව අයින් කරල.

    ලස්සනයි කවිය...

    ReplyDelete
  3. ඇත්තම ඇත්ත ඒක නම්....

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...