මම
නංගී දෙස බැලුවෙමි. ඇය චතුස් පුතාව තුරුල් කරගෙන කිරි පොවයි.මාස 3ක් වයසැති සිගිති සුරතල් පුතා දෑත් දෙපා විහිදවමින් සතුටින් කිරි උරයි.
අද මගේ නංගි ආදර බර බිරිදකි. සෙනෙහෙබර මවකි. ඇය දරු සුරතල් බලයි. ඇගේ කැදැල්ල දැන් සම්පුර්ණ යැයි මම සිතමි. මට වඩා අවුරුදු 4ක් බාල වුවද ඇය අද පතිනියක් වී හමාරය. මා තවමත් අම්මාගේ සුවදට ඉව අල්ලමින් ඇගේ තුරුල්ලේ දැවටෙන්නට ප්‍රිය කරමි.
මට අතීතය සිහිවේ.
ආදරණීය ඔබ මා ළග සිටියානම් අද මමද බිරිදක්, මවක් යැයි මට හිතෙන්නෙමි.
එහෙත් කාළය බොහෝ දේ වෙනස් කලේය. මා දුරු රටක රැකියාවට ගියේ ඔබ විවාහ වූවා යැයි සැලවීමෙන්ය. ඉතිං ඒ අතීතය හරි අවුස්සා මිහිරි රසයක් විදින්නට හැකිනම් කියා මට සිතෙන්නෙමි.
....ඒයි නිම්මියේ...මොනාද කල්පනා කරන්නෙ...
මා පියවි සිහියට ආවෙ අක්කාගේ හඩිනි. ඇය දොරකඩ සිට මට කතා කරයි. මම ගල් පඩිය උඩට වෙලා නංගී දෙස බලා සිටිමින්ම හිත දුර ගොස් ඇති බව වැටහුනේ පසුවය.
...මොකුත් නෑ හලෝ...පොඩි එකා දිහා බලන් හිටියා...
...ඇයි ඔයාට ආස හිතුනද...? ඒක තමයි අම්මා හැමදාම කියන්නෙ කසාදයක් බදින්න කියලා...ගෑණු ළමයෙකුට තනියම ඉන්න බෑ...
...ඔය බොරු අක්කා...මට අම්මා ඉන්නවා...ඔයාලා ඉන්නවා...ඉතිං මට තනි නෑ...
ඔයා හිතන්නෙ අම්මා හැමදාම ඉන්නවා කියලද?...එයා හැමදාම ඔයාගෙ තනි රැකලා හරි යන්නෙ නෑ. ඔයා අවුරුදු 2කට වතාවක් ලංකාවට එනවා මාසයක් ඉදලා ආපහු යනවා. අනික් කලෙ අම්මා තනියමනෙ..දැන් අපි අම්මව බලාගන්න ඕනි කාලෙ...
මම ඇස් උස්සා අම්මා දෙස බැලුවෙමි.ඇයගේ මුහුණේ එය අනුමත කරන සලකුණක් ඇද්දැයි සෙවුවෙමි..එහෙත් එවෙනි වෙනසක් නැතත් අක්කා කිවුවෙ සත්‍යයක් යැයි මට සිතුණි.
..දැන් නිම්මි කොයිකාලෙ විතරද බදින්න ඉන්නෙ...?
අම්මාගේ පැනයෙන් මා අසරණ වූවා පමණක් නොවේ, මගේ හිත අතීතය අවුස්සන්නට වූයේය..අද මගේ නංගී මවක් වී ඇති ලෙස ඔබ ආදරණිය පියෙකු වී ඇතැයි සිතමි.
එහෙත් ඒ සියල්ල ගැන පෙරපර ගලපන්නට මම වෑයම් කරමි. ඔබට රිසි හෝ නිරිසි වූවත් මට මහමෙරක් තරම් සදිසි ප්‍රේමය ගැන ලියන්නෙමි. ඒ ආදරණිය කතා කරන ඇස් දෙක ගැන මට කල්පයක් තරමට ලිවිය හැකි වුවද මගේ ජීවිතයේ සදානුස්මරණ සිහිවටනය වූ ...මගේ ප්‍රේමය ...ගැන මම ඔබට අකුරු කරන්නෙමි...
මහ හුගක් පෙරුම් පුරලා
පිපෙන්න අර අදින පෙම් කැකුළ
අතැගිලි අතරින් රූරා වැටෙන්න
ඔන්න මෙන්න යැයි මට හිතෙනවෙ...
වැටෙන්න පෙර ඒ පෙම් කැකුලු
දෝතින් නෙලන්න ඇයි ඔබ නාවෙ
නොපිපී පරවී කඩා වැටෙන විට
ඇහිදින්නද ඔබ බලා හිදින්නේ...
ඔබටත් හිමි නැති මටත් අහිමි
සුවදැති ඒ පෙම් මල් කැකුලු
දෑස් අගින් දිලිසෙන කදුලැලි අතරින්
බොදවුන සිතුවම ලෙසින් පෙනේවිද...?
අල්මාරියේ වූ සියලු ඇදුම් එළියට අදිමින් මා ඇදුමක් සෙවුවෙමි. ලා නිල්පාට මල් වැටුන පිනපෝ ගවුමට මගේ හිත ගිය බැවින් ඒකට ගැලපෙන ටී ෂර්ට් එකක් සෙවුවෙමි. මට අහස් නිලට හුරු ටී ෂර්ටයක් තිබුනා මතකය. ඒත් එය කොහිදැයි නිච්චියක් නැත. හැම තැනම හෙවුවද එය හමුවුනේ නැත. තවත් විපරම් කර
...අම්මා...මගෙ අර නිල්පාට ටී ෂර්ට් එක දැක්කද...?
...ඇයි ඒක අර වැල් තියෙන්නෙ...ඔයා පෙරේදා පන්ති ඇදලා තිබුනෙ. ඒ ගමන මං හේදුවා.
මා පෙරේදා පන්ති ඇන්දේ ඒ ටී ෂර්ටය බව මට නිකමටවත් මතක් වූයේ නැත.
..දැන් ඔය කොහේ යන්නද ලැහැස්ති වෙන්නෙ...?
..අම්මා මං ආච්චි බලන්න ගිහින් එන්නම්...
අම්මාට ආච්චී බලන්න යනවා කීවට මගේ හිත උඩ හිටියේ විසල් අයියාය. විසල් අයියාගේ බසය හැමදාම දහයාමාර වන විට අපේ ගේ ළග ඇති බස් නැවතුමෙන් යයි. බස් නැවතුම් පලට විනාඩි 10යක දුරක් යායුතුය. ඉතිං මා කලබලයෙන් ලැහැස්ති වූයේ විසල් අයියා මග ඇරෙයිදෝ යන හිතේ සැකයෙනි. ඇදුම් අදින අතරතුර මම දහස් වාරයක් හිතෙන් දෙවියන් යැද්දෙමි. ඒ විසල් අයියාගේ බසය මට මග ඇරෙන්න එපා යැයි කියමිනි.
...හදිස්සියෙ දුවන්නෙ අතේ සල්ලි තියෙනවද...?
මා ගේට්ටුව ගාවට ගියාටත් පසු අම්මා නැවතත් ඇසුවේය...
...ඕන්නෙ නෑ...අම්මෙ..මගෙ අතේ තියෙන ගාන හොදටම ඇති...
...ආච්චිට මොනාහරි අරන් යන්න පුතේ...
...හා අම්මේ...
කියාගෙන ගේට්ටුවත් වසා පාරට පැන ගතිමි. දැන් මට ප්‍රශ්න වලට උත්තර බදින්නට ඇවැසි නැත. ඒත් අම්මා රවටා මා ආදරය පසු පස්සේ දුවනවා නේදැයි යන සිතුවිල්ල හිතට ආවද විසල් අයියා මතක් වී ඒ හැම අමතක කලෙමි.
මා විනාඩි 10 ක් පමණ යාමට ඇති දුර විනාඩි 5ක් තරම් අඩු වෙලාවකින් ආවායැයි සිතුනේ අතබැදි ඔරලෝසුව දුටු විටය. දහයාමාරට තවත් විනාඩි 20 ක්ම ඇත. මෙතරම් කලබලයෙන් දිවුවෙ ඇයිදැයි මම ම සිතමි. ඒත් බැරි විමකින් හෝ 10.30 ඒ කලින් බසය මතුගම බලා ගියොත් මට විසල් අයියා මග ඇරෙනවායැයි සිතා මම හිත හදාගත්තෙමි.
මට විසල් අයියා හමුවු හැටි සිහිවෙමි. ලස්සන කතා තරන ඇස් දෙකට මා වශී වූයේ බහිරව කන්ද පන්සලේදීය. ඒ මගේ යාලුවා මලිති අක්කාගේ ගෙදර අයත් සමග බහිරව කන්ද පන්සලට දානයක් රැගෙන ගිය අවස්ථාවෙදීය.එදා අපි නුවර ගියේ විසල් අයියාගේ බසයෙනි. විසල් අයියා බසයේ අයිතිකරු වූවත් ඔහුගේ මාමා රියදුරු වශයෙන් කටයුතුකලේය. අපි දානය පිළිගන්වා අවසන් වූ පසු අවට සිරි නරඹමින් පොටෝ ගැසුවෙමි. කවදත් දගකාර කෙල්ලක වූ මා එකපාරටම අතවූ කැමරාවෙන් විසල් අයියාගේ පින්තූරයක් ගත්තෙමි. ඉන්පසු කිසිවක් නොවූ ලෙස ඈතින් පේන නුවර වැව දිහාත් මාළිගාවත් ඇතුලු නුවර නගරයේ සිරි නැරඹුවෙමි.
.....ඔයා හරිම දගයි...
මගේ කණ ගාවින් ඇසුණ කටහඩකින් මම හැරී බැලුවෙමි. විසල් අයියා හිනාවේගෙනම මා දෙස බලා හිදියි.
....නංගි මං ඔයාට ආදරෙයි...
එකපාරටම විසල් අයියා කී දෙයින් මම බිරාන්ත වී ගියෙමි. මට කිසි දෙයක් හිතා ගන්නට පවා නොහැකිය...
...ඇයි බයවෙලා...මං කිවුවෙ ඇත්ත. හැමදාම උදේට බස් එක හොරණ යනකොට මම දකිනවා ඔයා ඉස්කෝලෙ යන්න පාරෙ අනික් පැත්තෙ ඉන්නවා. කොච්චර ආසාවෙන්ද ඔයත් එක්ක කතා කරන්න බලා ඉදියෙ. හැමදාම හිතින් ආදරෙ කලේ. අද ඔන්න ඔයාටත් කිවුවා...මොකද කියන්නෙ...?
එතකොටම වාගේ හිනැහීගෙන මලිති අක්කා ආවේය.
...මොකද නිම්මි ඔයාට පැනලා යන්නවත් කතා කළාද විසල්...
මලිති අක්කා මට වඩා අවුරුදු 5ක් පමණ වැඩිමල් වුවද ඇය මගේ යෙහෙලියයි. ඇය රැකියාව කලේ ප්‍රාදේශිය ලේඛම් කාර්යාලයේය.
...මේ විසල්ගෙ බස් එකේ තමයි අපි හැමදාම හවසට වැඩ ඇරිලා එන්නෙ...
...අම්මෝ බලන්න ඕනි මලිති අක්කලගෙ කට්ටියගෙ කටවල් වල සද්දෙ...
..හා...හා..අපේ සද්දෙ පරදින්නත් එක්ක ඔයාගෙ එකම විලාපයයි. බලන්න ඕනි කොහොම හරි ඔක්කොම ටික පටව ගන්න ලස්සන...
....එහෙම කියන් එපා. අපිත් ජීවත්වෙන්න ඕනි...ලීසිං ගෙවන්න ඕන...තව කීයක් ජාතිද...
විසල් අයියා උත්තර බැන්දේය..
...ඇති...ඇති.. දැන් යමු බත් කන්න..
කියමින් මලිති අක්කා ඉස්සර විය. විසල් අයියා මාහා පෙළට වැටුනි.
...නංගි මං කිවුවෙ ඇත්ත. ඔයා දැක්ක දා ඉදන් මට මොකක්ද හුරු පුරුදු ගතියක් දැනෙනවා...ඒ විතරක් නෙමෙයි මගේ හිතේ හිටපු කෙල්ලව දළදා හාමුදුරුවන්ගෙ පිහිටෙන් හම්බවුනා.
හැමදේටම කියවන කෑගහන මගේ කටට උත්තර නොවීය. මා විසල් අයියාගේ පා දෙස බලමින් ඔහු හා දාන ශාලාව දෙසට ගියෙමි.
..අපි දෙන්නටම එක පිගානකට ඛෙදා ගන්න....
තවත් මට ළංවී කියූවෙන් මගේ මුලු ඇගම හීගඩු නැංවීය. ඒ විතරක් නෙමෙයි කන්පෙති රතුවී මුහුණට ලේ පුරා ඇතැයි මට සිතුණි. ඇගට හොදටම දහඩිය දමා තිබුණි.
...මොකද ඔහොම බලන් ඉන්නෙ...? ඇත්ත මං කිවුවෙ.
මට කරකියා ගන්නට දෙයක් නැත. සරණක් සොයමින් මගේ ඇස් මලිති අක්කා සෙවුවේය.
...ඇයි නිම්මි කන්නෙ නැද්ද...? මොකද නිකන් බයවෙලා වගේ...?
...මට දෙන්නට උත්තරයක් හොයාගන්නට බැරිවිය.
.....දග මල්ලට මොකද වුනේ...?
කියමින් මලිති අක්කා මගෙ අතින් ඇද්දේය. විසල් අයියා දුරසිට බලා හිදින බව මම යටැසින් දුටුවෙමි.
...මලිති අක්කා...මෙ....මේ...විසල් අ...යි...යා...
...ඇයි විසල් ඔයාව ගිලිනවා කිවුවද...? ඕකගෙ හැටි මං දන්නෙ නැද්ද...? ඔය කට ඇරියොත් ඉවරයි.
...ආ නිම්මි මෙ බත් කන්න..
කියමින් මලිති අක්කාගෙ අම්මා මා දෙසට බෙදූ බත් පිගානක් දික් කලේය..එය අතට ගත්තද මගේ අත වෙවුලමින් තිබුණි. තරතියා ගන්නට දෙයක් නැතිව වටපිට බැලූවිට විසල් අයියා මා ළග බව දැක්කෙමි.
...එන්න යන්න ...බස් එකට ගිහින් කමු...
කියමින් ඔහු මගේ අතින් ඇදගෙන ගියේය...
...ඉතිං මුහුණ දිහි බලාගෙන ඉන්නෙ කවනවා මටත්...
මා තවත් බියපත් වුනෙමි. නිවසේදී නම් බත් කන්නට බෑ කියමින් ඇදේ ගුලිවී සිටිනවිට අම්මා බත් පංගුව ඛෙදා ගෙනවිත් මට කවයි.ඒ..දැන්..මට තව කෙනෙක්ට බත් කවන්නට සදුවී ඇත. කුමක් කරන්නදැයි සිතමින් මම ඒ ඇස් දෙස බැලුවෙමි...
විශ්වාස කරන්න..ඒ කතා කරන ඇස් දෙක ලස්සනට දිලිසෙමින් තිබුනි. ඒ ඇස්වලින් කතා කරනවා විතරක් නොවෙයි හිනාවෙනවාත් කියා මට සිතුණි.
...ඔය හොදි දාලා අනලා මටත් කවන්නකෝ...
විසල් අයියා මට පෙරැත්ත කරයි. මම බත් පිගාන දෙසම බලා හිඳියි
...හා මට කවන්න එපා...මං මෙ පැත්තෙන් කන්නම්...ඔයා ඔය පැත්තෙන් කන්න.
එහෙම කියා ඔහු අත දමා බත් අනන්නට ගත්තේය. මම දෑතින් බත් පිගාන තද කර ගත්තෙමි.
...මං ඔයාව කන්නෙ නෑ...ඔය පැත්තෙන් අනාගෙන කන්න..
කිසිවක් නොවූ ගානට ඔහු මගේ දෑත මත ඇති බත් පිගානෙන් බත් අනාගෙන කන්නේය. හිටිගමන් බත් පිඩක් අතට ගත් ඔහු
...ඔයාටනෙ කවන්න බැරි එහෙනමම් ඔන්න මං කවනවා කට අරින්න...
කියමින් ඔහු මගේ මුවට බත් පිඩ ළං කලේය. කිසි දෙයක් හිතා ගන්නට නොහැකිව මගේ දෑසට කදුලු ඉනුවේය.
...ඕකට අඩන්න ඕනි නෑ...කට අරින්න බැරි නම් මටත් එපා...මං යනවා...
එහෙම කියා ඔහු යන්නට සැරසුනි. සැනින් මගේ අතින් ඔහු වැලැක්වුයේය. ඔහු පුදුම වුනු දෑසින් මා දෙස බලා ලස්සන හිනාවකින් මුව පුරවාගෙන යලිත් මගේ මුවට බත් පිඩ ළං කලේය. කීකරු වූ දරුවෙකු මෙන් මගේ මුව විවර වී බත් පිඩ කෑවෙය. ඔබ දගකාර දෑස්වලින් මා දෙස බලා හිනැහෙමින් උන්නේය.
...ඉතිං කියන්න...දැන් මට ආදරෙයිද...?
ඔහු යලිත් ඇසුවේය..මම කිසිවක් නොකියා ඔබ දෙස බැලුවෙමි... ඒ ඇසඒවල ලස්සන මට කියා ගන්නට බැරි තරමට චමත්කාර බවකින් පිරි ඉතිරී තිබුනි.
( මෙය මා මීට වසර හයකට හතකට ඉහතදී ලියුවකි. _
______මතු සම්බන්ධයි ____
//ආදරණීය ඔබ මා ළග සිටියානම් අද මමද බිරිදක්, මවක් යැයි මට හිතෙන්නෙමි.// හ්ම්..... ඒ ටික කියවද්දි නම් දුකයි අක්කේ :( ඒ දුකෙත් එක විදිහක රහක් තියෙනවා... බොරු මොකටද ඉතිං. :)
ReplyDelete//ඒත් අම්මා රවටා මා ආදරය පසු පස්සේ දුවනවා නේදැයි යන සිතුවිල්ල හිතට ආවද විසල් අයියා මතක් වී ඒ හැම අමතක කලෙමි.// කරල තියෙනවා :( එත් දැන් දුකයි... අම්මට බොරුවක් නේද ඒදා ඒ කිව්වේ කියල...
//නිවසේදී නම් බත් කන්නට බෑ කියමින් ඇදේ ගුලිවී සිටිනවිට අම්මා බත් පංගුව ඛෙදා ගෙනවිත් මට කවයි.// මමමද මන්ද ;)
ලස්සන නිර්මාණයක්....සුබ පැතුම් ඔබට
ReplyDelete