Tuesday, February 4, 2014

පැංචියේ නුඹට මෙය.

අනුරාධපුරයෙ සිට කොළඹ දක්වා දුම්රියෙන් එනකොට ම'සිත සසල කළ ඒ පුංචි නංගි. දෙහි මලු කිහිපයක් අත්දෙකේ එල්ලගෙන දුම්රියට ගොඩවෙච්ච දසුන තාමත් මගෙ හිතේ තියෙනව නංගියෙ. හැමදාමත් තියේවි. ඒ නුඹ වගෙම මාත් ජිවිතය ගැටගසා ඉරුණු තැන් මහමින් යනෙන නිසාම.
____________________________________
හුස්ම පිඹිනට සිය දහස් පාරක්
සිනසෙයි දෙහි පිරුණු මල්ලක්
උඩරටින් පහලට ඇදෙන මැණිකෙගෙ
දසුනකින් ගේනවද සැනසුමක්

පුංචි කිරි දත හැලී ඉදිරියෙ
නුඹේ හිත ළපටියි පැංචියේ
දෙහි වගෙම ඇඹුලමයි දිවිමඟ
දන්න හින්දයි හසරැල් වියැකුණේ

"මල්ලකට සියයයි නෝනා"
කියන විට දොරටුවෙන් එබිලා
එන්න තහනම් සැප මැදිරියට
උකුසු මුරකා ඇස් ඉඟිකළා..

ගැටගැසී ඇති හිසකෙස් නුඹේ
සංසාරෙ වගෙ පැටලිලා
ඒත් ඒදඬු තනයි වෙහෙසිව
එතෙර වෙන්නට පැතුමන් පතා..

4 comments:

  1. මාත් වතාවක් පැජරොයියේ ගියපු නංගි ගැන කවියක් ලිව්වා. දැං ඒක මතක නෑ

    ReplyDelete
  2. ඔය හරියටම තබුත්තේගම ස්ටේශන් එකේදි වෙන්ඩෝන... මාත් ඒ අයට උදව්වක් විදිහට දෙහි මල්ලක් ගත්තා.

    ReplyDelete
  3. මේ වගේ සන්වේදී දසුන් මගෙත් ඇහැ ගැටෙනවා දුශ්කර සේවයට ආව දා ඉඳන් මෙහෙ ගම් පළාත් වල යද්දි එද්දි. :( :(

    අදමයි මේ පැත්තේ ආවේ
    මෙච්චර කාලයක් එන්න බැරි වුණ එක ගැන කනගාටුයි :(

    ආයෙ හැමදාම එන්නම් :)

    ReplyDelete
  4. මම කවදත් දිනිති සමාජය කවියෙන් දකින ආකාරයට කැමතියි

    ReplyDelete

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....