සතර වරම් බල ඇත්තන් සතර දෙසින් බුරලාම
නිතර කොනහමින් ඇවිදිති ඇස් අඟ අපෙ රවටාම
කතිර ගසන දින ආවම නැති පෙම උන් උපදාම
දුරැර සියළු දුක් නැති කර යනහැටි දෙයි රඟපෑම
සැරද රජ තමෝ හිනැහෙයි පොඩි උන් නළවාන
නිබඳ එයට සැඟවෙයි හෙළු මුල් පිටු පොරවාන
වැවක වැඩි දියක් යන මඟ නම් වෙයි පිටවාන
එයද වැසුව දින ජලකඳ යයි හැම පෙරලාන.
නියමයි දිනිති.. නියමයි.. හෙඩිමක් දාන්න හැඩ වැඩ ඇති..
ReplyDeleteලස්සන කවි සිතුවිල්ලක් දිනිති !
ReplyDelete//කතිර ගසන දින ආවම නැති පෙම උන් උපදාම// ;) ලස්සනයි අක්කේ.....
ReplyDelete